Block Advertisements in Microsoft Edge 

(එජ් බ්‍රවුසර් එකේ ඇඩ්ස් බ්ලොක් කරලා දාන්නේ කොහොමද?)




ගොඩක් දෙනා අන්තර්ජාලය භාවිතයේදී භාවිතා කරන බ්‍රවුසර් එක වෙන්නේ ගූගල් ක්‍රෝම් කියන එක, එසේ නමුත් නවතම මයික්‍රොසොෆ්ට් හදුන්වාදීමක් වන Microsoft Edge කරලියට පැමිනීමත් සමගම මේ බ්‍රවුසර් එක භාවිතයටත් ගොඩක් දෙනා පෙලඹිලා ඉන්නවා, කෙසේ නමුත් බ්‍රවුසරයක භාවිතා කරලා අන්තර්ජාලය හා සම්භන්ධ වීමේදී තියන ලොකු බාධකයක් වෙන්නේ ඇඩ්ස් ඩිස්ප්ලේ වෙන එක, මේ නිසා ගොඩක් වෙලාවට එක එක ආකාරයේ අවුල්වලට මුහුන දෙන්න වෙන එක සාමාන්‍ය කරුනක්, මේ නිසා වෙනත් සයිට්ස් වලට යන එක, ඇඩ්ස් සහිත වෙබ් පිටු ඕපන් වීම වගේම සමහර වෙලාවට මේ ආකාරයට ඕපන් වෙන වෙබ් පිටුවල අන්තර්ගතය හොද නැති වෙන්නත් පුලුවන්, මේ හැම එකකටම පිලිතුර නැත්නම් විසදුම වෙන්නේ ඇඩ්බ්ලොක් කරන නැත්නම් අනවශ්‍ය ආකාරයේ ඇඩ්ස් නැත්නම් දැන්වීම් අවහිර කරන සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කිරීම, ක්‍රෝම් භාවිතයේදී නම් පහසුවෙන්ම මේ දේ කරගන්න පුලුවන් Ad Block Plus වගේ ප්ලගින් එකක් භාවිතා කිරීම හරහා, ඒත් එජ් එකේදී මේක කරන්නේ කොහොමද කියන එක තමයි මේ හරහා අපි පැහැදිලි කරන්න හදන්නේ.



ඊට කලින් Microsoft Edge බ්‍රවුසර් එක ගැනත් පොඩි විස්තර ටිකක් කියන එක ගැලපෙනවා කියලා හිතෙනවා, මුලින්ම කියන්න ඕනි මේ බ්‍රවුසර් එක අලුත්ම ආකාරයේ බෘවුසර් එකක් කියන එක, ඒ වගේම මේ බ්‍රවුසර් එක හදුන්වා දීලා තියෙන්නේ නවතම වින්ඩෝස් සංස්කරනයන් සමග, උදාහරනයක් හැටියට ඔබ Windows 10 වගේ සංස්කරනයක් භාවිතා කරනවානම් ඒ සමගම මේ බෘවුසර් එක ඉන්ස්ටෝල් වෙලා තියනවා, කොහොම නමුත් මේ බෘවුසර් එක හදලා තියෙන්නේ ගොඩක් දෙනාට එපාවුනු Internet Explorer එක යොදාගන,නමුත් ඒකේ තියන ගොඩක් දුර්වලතා මේ අලුත් බ්‍රවුසරය හරහා මගඇරලා තියනවා,මේ අලුත් Microsoft Edge බ්‍රවුසර් එක හරහා ඔබට වේගවත් අන්තර්ජාල සැරිසැරීමකට මග පාදගන්න පුලුවන්කම තියනවා, ඒ වගේම පොඩි අමතර පහසුකම් කිහිපයකුත් මේ හරහා ඔබට ලබාදෙනවා, මේ අතර වැදගත් ඒව වෙන්නේ එජ් බ්‍රවුසර් එක හරහා ඕනෑම වෙබ් සයිට් එකක් හෝ එහෙමත් නැත්නම් වෙබ් පිටුවක් කියවන්න ලේසි වෙන විදියට ඩිස්ප්ලේ කරගන්න පුලුවන්,ඒ වගේම ඔබට අවශ්‍ය නම් එම වෙබ් පිටු One Note හරහා ලේසියෙන්ම පීසී එකට සේව් කරගන්නත් පුලුවන්කම තියනවා.



අපි නැවත මාතෘකාවට බැස්සොත් මේ මොන පහසුකම් තිබුනත් දැනට Microsoft Edge බ්‍රවුසර් එක Extensions සදහා උපකාරී වෙන්නේ නැහැ ඒක නිසා තුන්වන පාර්ශවයක් මගින් නිර්මානය කරලා තියන ප්ලගින්ස් මේ බ්‍රවුසර් එකට යොදාගන්න බැරි තත්වයක් තියනවා දැනට, ඒ නිසාම ඇඩ්බ්ලොක් කරන්න යනකොට ඒ සදහා අපිට වෙනම ක්‍රමයක් යටතේ ගමන් කරන්න සිද්ධ වෙනවා. කොහොම වුනත් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න ක්‍රමය තමයි අපි මේ හරහා දැන් පෙන්වා දෙන්න යන්නේ , මේ සදහා අපි භාවිතා කරන්නේ Hostman කියන සොෆ්ට්වෙයාර් එක.පහල දීලා තියනවා පියවරෙන් පියවර කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක සහ ඊට අදාල උපදෙස් හැම එකක්ම.

STEP 01

පලවෙනි පියවර වෙන්නේ Hostman සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න එක, ඒ සදහා පහල ඩවුන්ලෝඩ් ලින්ක් එක භාවිතා කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්, මේක ඩවුන්ලෝඩ් වෙන්නේ Zip ෆයිල් එකක් විදියට එක නිසා ඩවුන්ලෝඩ් වෙලා ඉවරවුනාට පස්සේ අදාල ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරලා ඒක ඉන්ස්ටෝල් කරගන්න.


STEP 02

මේක ඉන්ස්ටෝල් කරලා ඉවර වුනාට පස්සේ කරන්න තියෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එක රන් කරන එක, ඒත් රන් කිරීමේදී නැත්නම් ඕපන් කිරීමේදී මේක සාමාන්‍ය ආකාරයට නොකර Run As Administrator කියන එක හරහා රන් කරන්න.



STEP 03

ඕපන් වුනාට පස්සේ මේකේ තියන Manage Sources කියන එක ක්ලික් කරලා ඒකේ තියන Setting පහල රූපයේ ආකාරයට වෙනස් කරගන්න.අන්තිමට Close කියන එක දෙන්න.


STEP 04

ඊලගට කරන්න තියෙන්නේ Check for Updates කියන එක ක්ලික් කරන එක, මේ හරහා Hostman අප්ඩේට් වෙලා තියන හොස්ට් ෆයිල්ස් හොයාගන්නවා, මේ ක්‍රියාවලිය අවසන් වුනාට පස්සේ MVPS හොස්ට් ෆයිල්ස් ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්නවා.මේත් සමගම කලින් ඔබට දර්ශනය වුනු ඇඩ්ස් කිසිම දෙයක් නැතිව Microsoft Edge බ්‍රවුසර් එක ලෝඩ් වෙන ආකාරය සහ ඒ පහසුකම ඔබට් අත්විදින්න පුලුවන්.

මේ අලුත් ක්‍රමය හරහා ඔබට තිබුනනම් ඇඩ්ස් නිසා ප්‍රශ්නයක් ඒක විසදගන්න පුලුවන්, ඒ වගේම මේ වගේ අලුත් දේවල් ඔබට දැනගන්න අවශ්‍යනම් ඒවා අපිට දන්වන්න, යථා කාලයේදී අදාල දේවල් කරන්නේ කොහොමද කියන එක හැමෝටම තේරුම් ගන්න පුලුවන් සිංහල භාෂාවේන්ම වගේම පියවරෙන් පියවර සරලව තේරුම් කරලා දෙන්න අපි උත්සාහ කරනවා.


MARI themes

Powered by Blogger.