A+ A-

Iris Complete Season 01

Iris Complete Season 01

Iris Complete Season 01

Kim Hyun-jun සහ Jin Sa-woo යන සහෝදරයන් දෙදෙනා දකුණු කොරියානු හමුදාව යටතේ පුහුණු වෙන්නේ 707 නමින් හදුන්වන විශේෂ ක්‍රියාන්විතයන් සදහා වන බලකායක් සදහා, කෙසේ නමුත් මේ දෙදෙනා ගැන සොයා බලනවා NSS නැත්නම් National Security Service එක මගින් ඒ මොකද කියලා ඉස්සරහට කියවගන යනකොට ඔයාලට තේරෙයි, මේ දෙදෙනා ගැන මේ ආකාරයට වෙන වෙනම ඔත්තු බැලීම සදහා යොදවන්නේ NSS එකේ දක්ෂ වගේම ලස්සන තරුණියක් ඒ තමයි Choi Seung, මේ දෙදෙනා සහෝදරයන් වුනත් මේ දෙදෙනා නොදැනම මේ තරුණියගේ ආදරය ලබා ගන්න උත්සාහ කරනවා, දෙදෙනා වෙන වෙනම මේ තරුණියව මුන ගැසෙන නිසා මේ දෙදෙනාම හම්බවෙන්නේ එකම තරුණිය කියන එක දන්නෑ දෙන්නාගෙන් එක්කෙනෙකුවත්,ඒ වගේම මේ තරුණිය කරන්නේ මේ දෙන්නා ගැන ඔත්තු බලන එක නැත්නම් රහසින් මේ දෙදෙනා මොනවද කරන්නේ සහ කවුරුද ආශ්‍රය කරන්නේ වගේ දේවල් හොයන එක  කියලත් මේ දෙන්නාගෙන් එක්කෙනෙකුවත් දන්නෑ, මේ වැඩේ ටික කාලයක් මෙහෙම වෙනකොට මේ දෙදෙනාවම රහසිගත පැහැරගැනීමකට ලක්වෙනවා, ඒ විතරක් නෙමෙයි මේ ආකාරයට පැහැරගෙන වෙන වෙනම දෙදෙනාගෙන් ප්‍රශ්න කරන්නේ සම්මුක සාකච්චාවක් වගේනම් නෙමෙයි , නොයෙක් ආකාරයේ වධ බන්ධනයන්ට ලක් කරමින් තමයි දෙදෙනාගෙන්ම වෙන වෙනම ප්‍රශ්න කරන්නේ, කවුද එහෙම කරන්නේ ඉතින් කියලා ඔයාලට හිතෙනවානම් ඉතිරි ටිකත් කියවන්න, මෙහෙම වද දිදී ප්‍රශ්න කිරීම ඉවරවෙන්නේ අන්තිමේදී මේ දෙදෙනාම වැදගත් NSS ඒජන්ට්ලා වීමෙන්, මේ ආකාරයට හිරිහැර කරමින් ප්‍රශ්න කරන්නේ ඔවුන් දෙදෙනා මුහුන දෙන අවසන් පරීක්ෂනය හැටියට , මොකද NSS එකට අවශ්‍ය වෙනවා ඔවුන් දෙදෙනා බදවා ගන්නට පෙර ඔවුන් කෙතරම් දුරට විශ්වාස කරන්න පුලුවන් අයද කියන එක බලාගන්න.


එකපාරටම බලනවානම් ඇයි ඒ වගේ ටිකක් පෝස්ට් එකේ මුලින්ම ලිව්වේ කියලා ඒකට උත්තරේ තමයි අපි මේත් එක්කම පෝස්ට් කරන්න යන ටීවී සීරීස් එකේ කතාව පටන් ගන්නේ ඔන්න ඔය ආකාරයට තමයි, මේ ටීවී සීරීස් එකේ නම තමයි  “අයිරිස්” කියන එක දැනට සම්පූර්න සීසන් 02 ක් සහිතව එලිදක්වා තියන මේ ටීවී සීරීස් එක දකුණු කොරියානු ටීවී සීරීස් එකක්, බටහිර වගේම කොරියානු ඇක්ෂන් නැත්නම් ක්‍රියාදාම සහිත ටීවී සීරීස් හොය හොයා ඉන්න අයටනම් මේක නියමෙටම ගැලපෙන ටීවී සීරීස් එකක් වෙයි අනිවාර්යෙන්ම, 2009 වසරේදී විකාශය ආරම්භ වූ මේ කතා මාලාවේ පලමු සීසන් එක නැත්නම් පරිච්චේදය සම්පූර්න එපිසෝඩ්ස් 20කින් සමන්විත වෙනවා, කොයිතරම්  අලංකාරවත් ලෙස මේ ටීවී සීරීස් එක කරන්න උත්සාහ කරලා තියනවද කියනවානම් මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 17 කට වඩා වියදම් කරලා තියනවා නිෂ්පාදනය කරන්න, ඒවගේම මෙතෙක් කාලයකට නිෂ්පාදනය කරන ලද හොදම කොරියානු ටීවී සීරීස් අතරට මේ සීරීස් එකත් එකතු වෙලා තියෙන්නේ මේ නිසාමයි, විශේෂ ක්‍රියාන්විත බලකායක සහෝදරයන් දෙදෙනෙක් ප්‍රධාන කොට ගෙන දිවයන මේ ක්‍රියාදාම ටීවී සීරීස් එක රහසිගත මිෂන්ස් නැත්නම් මෙහෙයුම් දියත් කරන රහසිගත කොරියානු ඒජංසියක් එක්ක තමයි ගමන් කරන්නේ මේ සහෝදරයන් දෙදෙනා ඒකේ තමයි තම මෙහෙයුම් කටයුතු සිද්ධ කරන්නේ , මේ ඒජංසියට මේ දෙදෙනා බදවා ගත්තේ කොහොමද කියන එක කෙටි කරලා තමයි පෝස්ට් එකේ මුලින්ම කිව්වේ.පහලින් දාලා තියනවා මේ සීසන් එකට අදාල ට්‍රේලර් එක ඒකත් බලලාම ඉන්න ඉස්සල්ලා.


අපි කලින් කිව්වා වගේ ඒ ආකාරයට තම අවසන් පරීක්ෂනය සමත් වී මේ දෙදෙනා NSS රහසිගත ඒජංසියට ඇතුල් වෙනවා, මේ දෙදෙනාව පස්සේ මොවුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන  Baek San ට හදුන්වා දෙනවා, එහිදී ඔහු මේ දෙදෙනාට පැහැදිලි කරලා දෙනවා මේ රහසිගත ඒජංසිය මොකක්ද සහ මේ හරහා මොකක්ද කරන්නෙ කියන එක, එතනදී ඒක කෙටි කලානම් මෙහෙමයි , මේ රහසිගත ඒජංසිය නැත්නම් NSS එකෙන් කරන්නේ රට ආරක්ෂා කිරීම, මෙහිදී වෙනත් රටවල්වලින් එන්න පුලුවන් කුමන්ත්‍රන, සහ තර්ජන වගේ දේවල්, ඒ වගේම මේ හැම අනතුරක්ම වලක්වාගන රට ආරක්ෂා කරන එක තමයි මේ අයගේ වගකීම, මෙහිදී මෙයාලා රහසිගත ක්‍රියාන්විතයන් තමයි දියත් කරන්නේ නැත්නම් බ්ලැක් ඌප්ස් ක්‍රමයට රහසිගතව, සතුරා කිසිවක් දැනගැනීමට ප්‍රථම අදාල තර්ජනය ඉවත් කිරීම තමයි NSS එකේ කාර්යය වෙන්නේ, නැත්නම් ඒක තමයි එයාලගේ ක්‍රමය, ඒ සමගම දකුණු කොරියානු රජයේ නැත්නම් ජනතාවගේ ඝාතකයකින් වැලැක්වීම සහ අතුරුදන් කිරීම, මේ NSS ඒජංසියට අයත් කාර්යයක්, විශේෂත්වය වෙන්නේ මෙහෙම එකක් තියනවා කියලා කවුරුත් දැන නොසිටීම අඩුම තරමින් ජනාධිපතිවත් දන්නෑ එහෙම එකක් ගැන, ඒ තරමටම තම අනන්‍යතාවය වසන් කරගන තමයි NSS එක ක්‍රියාත්මක වෙන්නේ.

මේ දෙදෙනා NSS එකට බැදුනට පස්සේ මුනගැහෙන තවත් කෙනෙක් තමයි Seung-hee කියන්නේ, එයා තමයි මෙයාලගේ රහසිගත මෙහෙයුම් වල ඒජන්තවරයා ලෙස කටයුතු කරන්නේ, මේ ආකාරයෙන් පටන් ගන්න මේ සීරීස් එකම ෆුල් ඇක්ශන් වලින් පිරුනු කතා රැසකින්ම යුක්තයි.

සාම්ප්‍රදායික කොරියානු ටීවී සීරීස් වලින් අයින්වෙලා අලුත් ආකාරයක අත්දැකීමක් ලබාගනන් කැමති අය ඉන්නවානම් එයාලට පුලුවන් මේ ටීවී සීරීස් එක නරඹන්න, ඒ වගේම ඇක්ශන් වලින් පිරුනු කතාංග රැසක්ම නරඹන්න, මේ ටීවී සීරීස් එක ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියන තැන් ගොඩක් අඩුයි, කෙටියෙන්ම කියනවානම් ඇත්තෙම නැහැ කියලා කියන්න පුලුවන් , තිබුනත් තියන ගොඩක් ඒවා HD කොලිටි එක තියන ඒවා නෙමෙයි, කොහොම වුනත් අද අපි මේ දෙන්නේ ඒවගේ කතා මාලාවක පලවෙනි සීසන් එක, ඒ විතරක්ම නෙමෙයි මේ සීසන් එක තියෙන්නේ 1080P මාදිලියේ BRrip කලෙක්ෂන් එකක් විදියට ඒ නිසා සුපිරි කොලිටි එකකින් යුක්තව ඔයාලට නරඹන්න පුලුවන්කම තියනවා කිසි ප්‍රශ්නයක් නැතිව.

ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් තියනවානම් එයාලට පුලුවන් මේ සීසන් එකම පහල අපි දීලා තියන ඩවුන්ලෝඩ් ලින්ක්ස් හරහා ඩවුන්ලෝඩ් කරගන්න, ඒ වගේම මේකේ දෙවනි සීසන් එකත් ලගදීම පෝස්ට් කරන්න අපි බලාපොරොත්තු වෙනවා, විශේෂතවය වෙන්නේ අපි මේ දෙන්නේ සුපිරි ටීවී සීරීස් එකක්ම විතරක් නෙමෙයි සුපිරි කොලිටි එකක් තියන සුපිරි ටීවී සීරීස් එකක පලවෙනි සීසන් එක, සීසන් එක විතරක්ම නෙමෙයි මේකට අදාල English Subtitle සෙට් එකත් ඔයාලට මේත් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුල්වන්කම තියනවා, පහල අපි දීලා තියන ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඩෙඩ් වෙලා නම් නැත්නම් වැඩ කරන්නේ නැත්නම් ඒ ගැන අපිට් කියන්න එතකොට ඒවා ක්ෂනිකව අපි නැවතත් අප්ලෝඩ් කරනවා ලින්ක්ස් වැඩ කරන්නේ නැත්නම්.

Iris Season Complete Season 01
Total Size - 27.8GB

ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service