Da Vinci’s Demons
ලංකාවේ ඉන්න ටීවී සීරීස් බහුලව බලන වගේම ඩවුන්ලෝඩ් කරන අයට තියන ප්‍රශ්නයක් තමයි ඩිරෙක්ට් නැත්නම් ස්පීඩ් එක වැඩි ඩවුන්ලෝඩ් ලින්ක්ස් නැතිකම, ඒක නිසාම අපේ සයිට් එක අපි නිර්මානය කරලා තියෙන්නේ සහ සෑම ෆයිල් එකක්ම අපි දෙන්නේ ඩිරෙක්ට් ලින්ක්ස් හරහා, ඒ වගේම ඒ හැම ලින්ක් එකක්ම ඔන්ලයින් ප්‍රීමියම් ලින්ක් එකක් (Online Premium Link Generator) කරගන්න අවශ්‍ය කරන පහසුකම් පවා අපි නොමිලේම ලබාදීලා තියනවා, ඒ වගේම ලංකාව තුල ගොඩක් වෙලාවට සිංහල සබ් එක්ක කට්ටිය කැමතියි ටීවී සීරීස් බලන්න ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ටොරන්ට් (Torrent) හරහා ඩවුන්ලෝඩ් කරගන්න ගියහම තියන අවුල් ඒක නිසා අපි මින් පසුව දෙන සෑම ටීවී සීරීස් එකක්ම ඊට අදාල සිංහල උපසිරැසි නිර්මානය කරලා තියන බයිස්කෝප් හෝ සූම් වෙබ් සයිට්වල දීලා තියන කොපිවලට සමානයි, ඒක නිසා අපේ සයිට් එක හරහා අදාල ෆයිල්ස් ඩිරෙක්ට් සහ ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන අදාල සිංහල සබ් එක ඒ සයිට් වලින් ගන්න පුලුවන්. වරදවා වටහා ගන්න එපා අපි ඒ සයිට් කොපි කරන්න යනවා කියලා එහෙම එකක් නෙමෙයි අපි කරන්නේ අදාල ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ලින්ක්ස් සහ අවශ්‍ය කරන පහසුකම් සපයා දීම පමනයි.
ඊට අමතරව අපි පෝස්ට් කරන සෑම දෙයක් සම්භන්ධයෙන්ම විස්තරාත්මක පෝස්ට් අපි පලකරලා තියනවා, ඒවා දිග වැඩි වෙන්න පුලුවන් ඒත් කියවන ඔයාලට ඒ හරහා වඩා වැඩි අවබෝධයක් අදාල දේ සම්භන්ධයෙන් ලබා ගන්න පුලුවන්නම් ඒක තමයි වඩා වැදගත් වෙන්නේ, මේ පෝස්ට් එක හරහා අපි බලාපොරොත්තු වෙන්නේ තවත් ජනප්‍රිය ටීවී සීරීස් එකක් වන DA VINCI’S DEMONS ටීවී සීරීස් එකේ සම්පූර්න පලවෙනි සීසන් එක ලබාදෙන්න, පස්සේ ඉතිරි සීසන් සියල්ලම සදහාත් මේ ආකාරයටම අපි ඩිරෙක්ට් ලින්ක්ස් ලබාදෙනවා අනිවාර්යෙන්ම, කොහොම වුනත් මේ ටීවී සීරීස් එක ගැන පොඩි විස්තරයක් කරන්න කලින් පලවෙනි සීසන් එකට අදාල ට්‍රේලර් එක බලලා හිටියනම් වඩා හොදයි කියලා හිතනවා.
එක්තරා ආකාරයකට මේ සීරීස් එක මනකල්පිත පුරාතන කාලයේ කතා මාලාවක් කියලත් කියන්න පුලුවන්, සමහරවිට ඔයාලට හිතාගන්න අවශ්‍යනම් ලියනාඩෝ ඩාවින්සි ගේ කාලයේ ඔහු මොනවද කලේ කියලා සහ ඔහු මොනවගේ ඒවද හිතුවේ කියලා ඒකට මේ ටීවී සීරීස් එක උදව්වක් වෙයි, මේ සීරීස් එක පුරාවටම සෑම ආකාරයකම දේවල් ඔබට දකින්න ලැබේවි, ඒ අතරට ත්‍රාසය, භීතිය , කුතුහලය, ආදරය, ලිංගිකත්වය වගේ මේ හැම දෙයක්ම මේ සීරීස් එකේ ඇතුලත් වෙලා තියනවා,මීට අමතරව ප්‍රචන්ඩත්වය වගේම විහිලු සීන් එහෙමත් නැතුවම නෙමෙයි, තාමත් බලලා නැත්නම් මේකේ පලවෙනි සීසන් එකේ එක කතාවක් බලන්න අනිවාර්යෙන්ම ඔයාලා මේකට කැමති වෙනවා නියතයි, Tom Riley විසින් තරුණ ලියනාඩෝ චරිතයට පන පොවනවා, ගොඩක් වෙලාවට මොහු කරදර වලට පැටලෙන්නේ ඔහු වඩාත්ම තදින් ආදරය කරන දෙයක් නිසා, ඒ තමයි ස්වභාවධර්මය, ඔහුගේ හැකියාවන් කියලා නිම කරන්න බැරි තරම් , ඒ වගේම ඒ හැකියාවන් සහ දේවල් පැතිරෙන්නේ නැත්නම් බෝ වෙන්නේ ඔහුගේ යහලුවන්ටම පමනක් නෙමෙයි, ඔහු ජීවත් වූ ඉතාලියේ Florence නගරයේ සෑම පුරවැසියකුටම වගේ ඒවා බෝවෙනවා මොකද ඒතරමටම ඒ දේවල් ඔවුන්ව ඇද බැද තබාගන්න නිසා.
ඒකෙන් කියන්නෑ හැම කෙනාම ඔහුගේ එක්තාරා ආකාරයක විකාර හැසිරීම අනුමත කලා කියලා , එහෙත් ඔහු බොහෝමයක් ජනතාව අතරේ නම් ප්‍රසිද්ධ පුද්ගලයෙක්, Riley ගේ රගපෑමේ හැකියාව මේ සීරීස් එකේ ටික දුරක් යනවිත වඩාත් සිත් ගන්නා දෙයක් බවට පත්වෙනවා, සමහර අය මොහුගේ මේ රගපෑම Doctor Who කතා මාලාවේ David Tennant ට සමාන කරන්නේ ඒ නිසාමයි,මේ සීරීස් එක බලාගන යනකොට ඔයාලටත් ඒක වැටහේවි, ඉදිරි කතාංගයකදී ඔහු භයානක කලාකරුවෙක් බවට පත්වෙනවා, එහෙම වෙන්නේ ඔහුගේ හැකියාවන් තම තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සදහා යොදාගන්න උත්සාහ කරන සමහරකුගේ ක්‍රියා කලාපයන් නිසාවෙන්, ඇත්ත වශයෙන්ම කියනවානම් මේ කතා මාලාවේදී ඩාවින්සි කියන්නේ මැරවරයෙක්, විශේෂයෙන්ම ඔහු ජීවත්වන ප්‍රදේශයේ, ඔහුගේ සමකාලීනයන් හා සැසදීමේදී ඔහුගේ ජීවිතය ඔබ පොතකින් කියවලා තියන කතාවට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවන්, ඔහුගේ පලවෙනි විරුද්ධ කාරයා වෙන්නේ Count Riario, එහෙමත් නැත්නම් හතරවෙනි පාප් වහන්සේගේ බෑනා, ඒ කාලය වන විට ඔහු ලස්සන සහ හිතාගන්න බැරි තරම් ජේත්තුකාර විදියට තමයි ඇද පැලදගැනීම් කලේ,වැඩේ ඇදිලා ගියේ කොහොමද කියන එක මේ කතා මාලාව නරඹනකොට ඔයාලටම බලාගන්න පුලුවන්.
කාලය මෙසේ ගතවී යද්දී ඔහු ප්‍රේම කතාවකට මුල පුරන්නේ Lucrezia Donati සමගින්, ඇයගේ හිතාගන්න බැරි අලංකාරත්වය සහ ඇයව තේරුම් ගැනීමට තියන නොහැකියාව ඩාවින්ස් තවත් ඇයට සමීප කිරීමට හේතුවක් වෙන්නේ ඩාවින්ස් ගේ තියන ප්‍රෙහෙලිකා විසදීමේ ආශාව නිසා, මේ නිසා ඇය නැමැති ප්‍රෙහෙලිකාව විසදීමට ඔහු උත්සාහ කරනවා, නමුත් කතාමාලාව ගලාගන යද්දී මොවුන් දෙදෙනාගේ හැගීම් පරීක්ෂා කිරීම්වලට ලක්වෙනවා, ඔහු වඩාත් කැමති නැත්නම් ආශා වෙන්නේ ඇයගේ පසුපස තියන අභිරහස මොකක්ද කියලා හොයාගන්න, ඒ කාලය වන විට වතිකානුව තියෙන්නේ ඉතා ඉහල තැනක, ඔවුන් සතුව තියන අති විශාල දැනුම් සම්භාරය දැන ගන්න බැහැ ඒතරමට අමාරුයි සහ ගුප්ත බවින් පිරිලා, මේ අතරවාරයේ සීතල යුද්ධයක් පැන නගින්නේ වතිකානුව සහ මිත්‍රාස්ගේ පුත්‍රයන් අතර ( Al-Rahim,Avraham ben Yosef,Cosimo de’ Medici,Francesco della Rovere,Lupo Mercuri,Solomon Ogbai) කොහොම හරි මේ මැද්දට ඩාවින්සි පැටලෙනවා.
මේ සීරීස් එකේ පලවෙනි එපිසෝඩ්ස් තුනේදීම කතාව ගලාගන යන්නේ නිකම් එකම විදියට, මේවාවලදී ඩාවින්සි ඔහු සතු අසාමාන්‍ය බුද්ධිය භාවිතා කරලා ගැටළු විසදනවා, විශේෂයෙන්ම මෙහිදී විහිළු සහගත දේ වෙන්නේ ඩාවින්සි ඔහුත් එක්ක එන්න අනෙකුත් බුද්ධිමතුන් එක්ක වැඩ කරන විදිය බලන එක, ඉතින් මේ කෙටියෙන් කිව්වේ සීසන් එකේ නැත්නම් පලවෙනි සීසන් එක තුල මොනවගේ දේවලද ඇතුලත් වෙලා තියෙන්නේ කියන එක, ඔබටත් කම්මැලි සති අන්තයන් තියනවානම් මේ වික්‍රමාන්විත කතාංගයන් සහිත ටීවී සීරීස් එක අනිවාර්යෙන්ම කම්මැලිකම අයින් කරලා දාවි, කොහොම හරි මේකේ තියන්නේ නැත්නම් පලවෙනි සීසන් එකේ තියන්නේ එපිසෝඩ්ස් 08ක් විතරක් නිසා සමහරවිට ඔයාලගේ ආසාව වැඩිවුනොත් මේ කතා බලන්න අනිවාර්යෙන්ම දවස් දෙක තුනක් තුලදී මේ සීසන් එකම බලලා ඉවර කරලා දාවි.
පහලින් දීලා තියනවා මේ සීසන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් , කලින් අපි කිව්වා වගේ අවශ්‍යනම් ඔයාලට පුලුවන් මේ ලින්ක්ස් අපේ ප්‍රීමියම් ලින්ක් ජෙනරේටර් එක හරහා ප්‍රීමියම් ලින්ක්ස් කරගනම ඩවුන්ලෝඩ් කරන්න වුනත්, ඒ වගේම ඕනි අයට මේ සීසන් එකට් අදාල සිංහල සබ් සෙට් එක බයිස්කෝප් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන මේකට දාගන බලන්න පුලුවන්, ඒ සබ් වලට සම්පූර්නයෙන්ම ගැලපෙන විදියේ වීඩියෝ ෆයිල්ස් තමයි අපි මේත් එක්ක දීලා තියෙන්නේ, ඩවුන්ලෝඩ් කරන්න ප්‍රශ්න තියන අයට අපේ හෝම් ඩිලිවරි සර්විස් එක හරහා මේ ඕනිම දෙයක් වගේම ඔයාලට අව්ශ්‍ය කරන අනෙකුත් ටීවී සීරීස්, ගේම්ස්, මූවීස්, සොෆ්ට්වෙයාර්, මේ ඕනිම දෙයක් ගෙන්න ගන්න පුලුවන්කම තියනවා, වැඩි විස්තර අපේ හොට්ලයින් එකට කතා කරලා දැන ගන්න පුලුවන්, අදට පෝස්ට් එක ඉවර කරනවා, මේකේ ඊලග සීසන්වලත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් අරන් වෙනත් පෝස්ට් එකකින් හම්බවෙනකල්.
The Da Vinci’s Demons Season 01
Password - www.ceelanka.org
I really loved reading your blog. It was very well authored and easy to undertand. Unlike additional blogs I have read which are really not tht good. I also found your posts very interesting. In fact after reading, I had to go show it to my friend and he ejoyed it as well!
ReplyDeleteGoDaddy or HostGator