A+ A-

Mysterious Island

Mysterious Island 

Mysterious Island

නම දැක්කහමනම් සමහර අයට ටිකක් මතකයි මතකයි වගේ ඇති නේද? හැමදාම දෙන අලුත් ටීවී සීරීස් වලින් ටිකක් ඈත් වෙලා හිතුවා හොදයි කියලා පොඩි කාලේ බලපු ටීවී සීරීස් එකක් දෙන්න, මොකද අපි ගොඩක් අය තාමත් ආසයි පොඩි කාලේ බලපු ටීවී සීරීස් බලන්න

Mysterious Island ටීවී සීරීස් එක ගියේ නැත්නම් විකාශය වුනේ මතක විදියට ජාතික රූපවාහිනිය ඔස්සේ සිකුරාදා රෑ 7.30 ට වගේ තමයි මතක, අපි ගොඩක් ට්‍රයි කලා මේ සීරීස් එකට අදාල සිංහල උපසිරැසි සෙට් එක හොයාගන්න ඒත් ඒක කරගන්න බැරිවුනා

ගොඩක් අය දන්නවා Mysterious Island ටීවී සීරීස් එක ගැන ඒත් මේ සීරීස් එක ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරගන්න තියන තැන්නම් ගොඩක් අඩුයි ඒක නිසාම තමයි අපි මේ සීරීස් එක තෝරගත්තේ, Mysterious Island නැත්නම් මායා දිවයින් කියන්නේ කැනේඩියානු ටීවී සීරීස් එකක්, ලෝක ප්‍රකට කතුවරයකු වන Jules Verne ගේ L’Île mystérieuse කියන නවකතාව ආශ්‍රයෙන් තමයි Mysterious Island ටීවී සීරීස් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ, කොහොම වුනත් අපිට පුලුවන් වුනා මේකේ ට්‍රේලර් එක හොයාගන්න, මතකය අලුත් වෙන්නත් එක්ක ඔන්න පහලින් දාලා තියනවා ඒක


දැන්නම් ගොඩක් අයට මතක් වෙලා ඇති මොකක්ද මේ කියලා, කොහොම වුනත් මේ ටීවී සීරීස් එකේ විකාශය වුනේ සහ නිෂ්පාදනය කලේ එකම සීසන් එකක් පමනයි, ඒකට හේතුව මොකක්ද කියන එක ගැන කවුරුත් දන්නෑමේ ටීවී සීරීස් එක පටන් ගන්නේ නවකතා පොතේ තියන විදියටමයි, ඇමරිකානු සිවිල් යුද්ධය පවතින කාලයේ සරණාගතයන් කන්ඩායමක් බැලූනයක නැගී පලායාමට උත්සාහ කරනවා, කිසි පිලිසරනක් නොමැති මේ කන්ඩායම රැගත් බැලූනය සුලගේ දිශාවට පාවෙලා ඇවිත් පැසිෆික් දූපතකට පාත් වෙනවා, ඒත් මේ දූපත කවුරුත් නොදත් වගේම තනිව පිහිටා තියන දූපතක්

 කෙසේ හෝ තමන්ගේ අලුත් ජීවිතයට හුරුවෙන මොවුන් වඩාත් කන්ඩායම් හැගීමේන් යුතුව මේ දූපතේ වාසය කරන්නේ කවදා තමන්ව ගෙනයන්න නැත්නම් තමන්ට වෙනත් ප්‍රදේශයකට , රටකට යන්න පුලුවන් නැවක් ඒවිද කියන බලාපොරොත්තුවෙන් ඒත් කාලයක් යද්දී ඔවුන්ට අත්දකින්න සිදුවන අද්භූත දේවල් නිසා ඔවුන් හැමෝටම හැගෙනවා නොපෙනෙන බලවේගයක් ඔවුන් දෙස බලාගන ඉන්නවා වගේම ඔවුන්ව මෙහෙයවනවා කියන එකනවකතාවේ සහ මේ සීරීස් එකේ තියන චරිත අතර තියන එකම වෙනස තමයි නවකතාවේ නොමැති ගැහැනු චරිතයක් මේ ටීවී සීරීස් එකට ඇතුලත් කර තිබීම, ඒ තමයි පෙන්ක්‍රොෆ්ට්ගේ බිරිද
මෙසේ කාලය ගතවෙද්දී මේ නොපෙනන අමුත්තාට හැකිවෙනවා තමන්ගේ පරීක්ෂන සදහා වගේම අත්හදා බැලීම් සදහාත් මේ අමුත්තන් කන්ඩායම යොදාගන්න, සමහර දේවල්වලදී ඔහු පරාදවෙන නමුත් සමහර් තැන්වලදීනම් ඔහු ජයගන්නවා, ඒ වගේම ඔහුට හැකිවෙනවා මේ කන්ඩායම දෙකඩ කරන්නත්

ඉතින් මේ සරණාගතයන් කන්ඩායමට කුමන ආකාරයේ අද්භූත දේවල්වලට මුහුන දෙන්න වෙනවාද වගේම ඔවුන් ඒවට මුහුන දෙන ආකාරය කොහොමද කියලා බලන්නනම් ඔයාටත් මේ ලස්සන් ටීවී සීරීස් එක බලන්නම වෙනවා

අපි හිතන්නේ ලංකාවේ වෙබ් සයිට් අතරින් මේ සීරීස් එක පෝස්ට් කරලා තියන , නිකම්ම නෙමෙයි ඩවුන්ලෝඩ් ලින්ක්ස් එක්කම ඒ අපි විතරක්ම වෙන්න ඕනි, කොහොම වුනත් ඔයාලා දන්නවා ඔයාට ඕනි කරන ඕනිම ගේම්ස්, ටීවී සීරීස්, මූවීස් මේ ඕනිම එකක් අපේ සර්විස් එක හරහා නැත්නම් හෝම් ඩිලිවරි සර්විස් එක හරහා ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් බව

ඒ සදහා ඔබට කරන්න තියෙන්නේ අවශ්‍ය දේ සහ නම අපිට කියන එක විතරයි, සයිස් එක කොච්චර ලොකු වුනත් ඒ වගේම හොයාගන්න කොච්චර අමාරු වුනත් ඒ කිසි දෙයක් අපිට ප්‍රශ්නයක් වෙන්නෑ ඔයා ඉල්ලන දේ ඒ ආකාරයෙන්ම නිවසටම එවීමට අපි කටයුතු කරනවා, ඒ වගේම අපේ සයිට් එකේ තියන ඕනිම දෙයක් පවා මේ විදියට ඔබට ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්

 පහල ලින්ක් එකට ගිහින් Mysterious Island ඩවුන්ලෝඩ් කරගන්න


ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service