A+ A-

Nikita Complete TV Series

Nikita Complete TV Series

Nikita Complete TV Series

අද අපි පෝස්ට් කරන්නේ තවත් අලුතම නැතිවුනත් ගොඩක් ජනප්‍රිය වුනු ටීවී සීරීස් එකක් , ඒ තමයි Nikita කියන එක, ඇමරිකානු ටීවී සීරීස් එකක් වන මෙය CW Channel එක ඔස්සේ විකාශය වීම ආරම්භ කරලා තියෙන්නේ 2010 සැප්තැම්බර් මස 9 වනදා, කැනේඩියානු සීරීස් එකක් වන La Femme Nikita නම් කතා මාලාවේ ප්‍රතිනිර්මානයක් ලෙස තමයි මේ ටීවී සීරීස් එක එලිදක්වලා තියෙන්නේ,

පහලින් දාලා තියනවා මේ ටීවී සීරීස් එකේ ට්‍රේලර් එක.


ඇක්ශන් , ඇඩ්වෙන්චර් වගේම ෂූටින් කියන හැම වර්ගයකටම අයත් වන ටීවී සීරීස් එකක් නිසා Nikita කම්මැලි නැතිව බලන්න පුලුවන් හැමකෙනාටම, සම්පූර්න සීසන් 04 කින් සමන්විත වන මේ ටීවී සීරීස් එක අපි අද සම්පූර්නයෙන්ම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට ලින්ක්ස් දෙනවා, ඒවගේම ලංකාවේ අයට මේ ටීවී සීරීස් එකේ සිංහල සබ්ටයිටල් සියල්ලම baiscopelk වෙබ් අඩවිය හරහා දැනටමත් ලබාදීලා තියෙන්නේ ඒත් සමහර ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනවට වඩා අදාල ෆයිල්ඩ් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන එක ලේසියි සහ ස්පීඩ් නිසා අපි අද ඔයාලට දෙන්නේ අදාල සිංහල සබ්ටයිටල්වට ගැලපෙන ෆයිල්ස් ඒක නිසා කරන්න තියෙන්නේ මේ ටීවී සීරීස් එක ඩිරෙක්ට් ලින්ක් ඔස්සේ ඩවුන්ලෝඩ් කරගන අදාල සිංහල සබ්ටයිටල්ස් baiscopelk වෙබ් අඩ්විය හරහා ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි.

ඇමරිකානු රාජ්‍ය අනුග්‍රහය ලබන රහසිගත සංවිධානයක් වන ඩිවිෂන් නැමැති ඒකකයෙන් පැනගිය Nikita මියර්ස් නම් කාන්තාව වටා තමයි මේ ටීවී සීරීස් එකේ කතාව ගෙතිලා තියෙන්නේ, කාලයක් හැංගිලා ඉදලා ආපසු Nikita කරලියට එන්නේ එක් දෙයක් කරන්න , ඒ තමයි ඩිවිෂන් සම්පූර්නයෙන්ම නැති කිරීමට, මේ රහසිගත ඒකකය පටන් අරන් තියෙන්නේ නැත්නම් ආරම්භ කරලා තියෙන්නේ වගේම මේක පාලනය කරන්නේ තව්ටත් කවුරුත් නොදන්නා කන්ඩායමක් වන ඕවර්සයිට් මගින්, මේ කන්ඩායම එතෙක් කල් සිදුකල රහස් ඔත්තු බැලීම්, කඩාකප්පල් කිරීම් වගේම ඝාතන වගේ රහසිගත මෙහෙයුම් රැසක්ම මෙහෙයවනු ලැබූ කන්ඩායමක්.

ඩිවිෂන් හි පලමු අධ්‍යක්ෂක වන පර්සි යතතේ මේ අය තම ඔබ්ජෙක්ට්ස් වලින් බැහැරව ගිය දේවල් පවා සිදු කරනවා ඒ අතර කුලියට මිනීමැරීම් වගේ දේවල් පවා ඇතුලත්, මේ හැම දෙයක්ම මොවුන් සිදු කරන්නේ මුදල් වලට යටවෙලා, මේ වගේ දේවල්වලදී ඕවර්සයිට් මගින් ඔවුන්ව පාලනය කිරීම වැලැක්වීම සදහා සහ ඔවුන්ට හදිසි ප්‍රහාරයකදී බේරීම සදහා පර්සි විසින් එක්තරා ආකාරයක රහසිගත හාර්ඩ් ඩිස්ක් වර්ගයක් නිපදවනවා, බ්ලැක් බොක්ස් යන නමින් හදුන්වන මේවා අතිශය සංකීර්න ලෙස Encrypt කරන ලද අතර මේවාවල අඩංගු වන්නේ මොවුන් විසින් කලින් සිදුකරන ලද රහසිගත මෙහෙයුම් සහ මේ මෙහෙයුම්වලට අදාලව සිදු කරන ලද කෝල්ස් වගේම වීඩියෝ දර්ශන, මේ හරහා රජයේ උසස් නිලධාරීන්ගේ ක්‍රියාවන් පිලිබදව හෙලිවන නිසා මේ  හරහා ඩිවිෂන් සම්භන්ධයෙන් කිසිවෙක් කිසිමාකාරයක ක්‍රියාමාර්ගයක් ගන්න යන්නෑ, මේ නිසා පර්සිට තමන්ට රිසිසේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදල් උපයාගන්න පුලුවන්.

ඩිවිෂන් තම කන්ඩායමට අලුතින් අයව සම්භන්ධ කර ගන්නේ කරදර වලට පත්වෙලා ඉන්න අය අතරින්, සමහර වෙලාවට හිර ගෙවල්වලින්, ඩිවිෂන් තම බලය පාවිච්චි කරලා ඔවුන්ව මැරුණු අය බවට සාක්ෂි සපයලා ඔවුන්ව තම කන්ඩායමට ගන්නවා වගේම එතෙක් කල් ලෝකයේ සියලුම තැන්වල ඔවුන් සම්භන්ධව තියන සාක්ෂි සහ සටහන් මකලා දානවා, ඒ නිසාම ලෝකයට මේ හැම කෙනෙක්ම ජීවත්වන අය නෙමෙයි, පසුව ඔවුන්ව මිනීමරුවන් ලෙස පුහුනු කරනවා ඒවගේම මේ අය ඉන්න ස්ථානයෙන් පිටතර ඔවුන්ට යාම තහනම් වගේම පුහුනුව අතරතුර කෙනෙක් මේ ස්ථානයට සහ ඔවුන් කරන කටයුතුවලට බාධාවක් නැත්නම් නොගැලපෙන්නේනම් වහාම ඒ අයව මරා දානවා.

Nikita  ඩිවිෂන් කන්ඩායමට බදවා ගෙන තියෙන්නේ ආධුනිකයෙක් විදියට, ඒ ඇය කරදර රැසකට මැදිව මරනාසන්න අවස්ථාවේ සිටියදී, ඇයව අලුතින් බදවාගෙන ඔවුන් පවසා ඇත්තේ ඇයට දෙවන අවස්ථාවක් තම ජීවිතය නැවත සකස් කරගැනීම සදහා ලබාදෙන බවත් එය අර්ථවත් දෙයක් කරගැනීමට තම රටට සේවය කරන ලෙසත්ය, සාර්ථක ලේස තම ගරිල්ලා පුහුනුව ඩිවිෂන් තුලදී නිම කල නිකීටා පසුව නියෝජිතයකු ලෙස බාහිර ලෝකයට පිවිසීමත් සමග ඇය විශාල වරදක් සිදු කරනවා, ඒ තමයි සාමාන්‍ය පුරවැසියකු සමග ආදරයෙන් බැදීම, කාලයත් සමග ඇයට තේරෙනවා ඩිවිෂන් කියන්නේ මිනීමරු සංවිධානයක් බව, ඒත් එක්කම තමා ආදරය කල පුද්ගලයා සමග රහසේ පැනයාමට ඇය සැලසුම් කරනවා, ඒත් අවාසනාවට ඩිවිෂන් විසින් මේක දැනගෙන ඔහුව මරා දමනවා, මේ හේතුව නිසාම Nikita තීරණය කරනවා ඩිවිෂන් වලින් පැන ගිහින් එය නැති කිරීමට සටන් කිරීමට. මේ කාලයේම පර්සි නැත්නම් ඩිවිෂන් වල පලමු අධ්‍යක්ෂකවරයා විසින් නිකීටාව මරා දැමීමට මයිකල්ට බාර දෙනවා, ඩිවිෂන් තුලදී නිකීටාව මිනීමරුවකු ලෙස පුහුනු කරන්නේ මයිකල් විසින්.

තම මුල් ක්‍රියාන්විතයකදී ජීවිතය බේරා දුන් ඇලෙක්ස් නම් කුඩා ගැහැනු ලමයකු නිකීටා විසින් පුහුනු කරනු ලබනවා, ඒවගේම ඇලෙක්ස් තම පුහුනුව නිමා කිරීමෙන් පසුව නිකිටා විසින් කරන ලද උපක්‍රමයක් හරහා ඩිවිෂන් තුලට සම්භන්ධ කරනවා, මේ හරහා කෙරෙන්නේ ඩිවිෂන් තුල සිට ඇලෙක්ස් එහි ඉදිරි මෙහෙයුම් සම්භන්ධයෙන් නිකීටාව දැනුවත් කිරීම, මේ හරහා අදාල ක්‍රියාවිත සම්පූර්නයෙන්ම කඩාකප්පල් කිරීමට මේ දෙදෙනාට හැකියාව ලැබෙනවා.

මේ ආකාරයෙන් තමයි මේ කතාව පටන් ගන්නේ සම්පූර්න සීසන් 04 කින් සමන්විත එම කතා මාලාව ඔයාලට මුල ඉදන්ම බලන්න වෙනවා මේ කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම්, නිකීටා සහ ඇලෙක්ස්ට තම උත්සාහයන් හරහා ඩිවිෂන්වල නිමාව සටහන් කිරීම ලැබේවිද? ෂැඩෝ නෙට් ක්‍රියාතමක කරන බර්කොෆ් ගෙන් මේ දෙදෙනා ගැලවෙන්නේ කොහොමද? මානසික ක්‍රියාකාරකම් වෙනස් කරන අමන්දාගේ සහ පර්සිගේ ඉදිරි සැලසුම් කෙසේවේවිද? තම බිරිද සහ දරුවන් ඝාතනය කල ඝාතකයන් පසුපස හඹා යන ඩිවිෂන් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මයිකල් නිකීටාව අල්ලා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? CIA සංවිධානයේ සුපිරි බුද්ධියකින් හෙබි රයන් ෆ්ලෙචර් ගේ තියුණු සෙවීම් වලින් තව දුරටත් අන්ධකාරයේ සැගවී සිට ක්‍රියාකිරීමට ඩිවිෂන්වලට හැකිවේවිද? මේ හැම දෙයක්ම ඔයාලට මේ කතාමාලාව නරඹනකොට දැන ගන්න පුලුවන්.

මේ සම්පූර්න කතා මාලාවම නැත්නම් සීසන් 04 ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කරන ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් පහලින් දීලා තියනවා, විශේෂම දේ තමයි මේ කතා මාලාව සිංහල උපසිරැසි සහිතව නැරඹීමට අවස්ථාව ලැබීම ඒ සදහා ඔයාලාට කරන්න තියෙන්නේ මුලින්ම අපි දීලා තියන ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඔස්සේ සීරීස් 04 ම ඩවුන්ලෝඩ් කර ගන්න , ඊට පස්සේ Biscopelk සයිට් එකට ගිහින් අදාල සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන සිංහලෙන්ම මේ කතාමාලාව නරඹන්න පුලුවන්.




ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service