A+ A-

Generate Direct Download Links Free For shared Files

Free File Hosting Sites Allow To Generate Direct Download Links

Generate Direct Download Links Free For shared Files

ඔයාලා බ්ලොග් එකක් එහෙමත් නැත්නම් පොඩි වෙබ් සයිට් එකක් පවත්වාගන යනවානම් හෝ එහෙමත් නැත්නම් FB හරහා කිසියම් ෆයිල් එකක ලින්ක් එකක් ෂෙයාර් කරනවානම් ගොඩක් වෙලාවට කරන්නේ අදාල ෆයිල් එක කිසියම් වෙබ් සයිට් එකකට අප්ලෝඩ් කරලා ඒ ෆයිල් එකට අදාල ෂෙයාරින් ලින්ක් එක පෝස්ට් කරන එක, මේකෙදී ඉතා බහුල වශයෙන් යොදාගන්නා ප්‍රධාන පෙලේ වෙබ් අඩවි ගනනාවක්ම තියනවා, ඒ අතරට Dropbox, Google Drive, Microsoft OneDrive,iCloud වගේ සයිට් මුල් තැන ගන්නවා, මේ ෆයිල් ගබඩා කරගන්නා සේවාවන් ලබාදෙන වෙබ් සයිට්ස් ඔයාලට ෆයිල් ෂෙයාරින් කිරීමට අමතරව යොදාගන්න පුලුවන්කම තියනවා ඔයාගේ මොනවාහරි වටිනා කියන එහෙමත් නැත්නම් ෆයිල්වල බැකප් එකක් තබා ගැනීමට, මේවා තුල ඔයාට පුලුවන් ඔයාලගේ වීඩියෝ, ෆොටෝස්, Documents වගේ ඒවා ගබඩා කරලා තබා ගන්න මොකද මේ සේවාවන් Online නිසා පරිගණකය ලග නැති අවස්ථාවක වුවද ඔයාලට ලේසියෙන්ම අදාල ෆයිල්වලට පිවිසීමේ හැකියාව ලැබෙනවා විතරක්ම නෙමෙයි, හදිස්සියෙන්වත් පීසී එකේ හාර්ඩ් ඩිස්ක් එක ඩැමේජ් වුනොත් හෝ හිතපු නැති විදියකට ෆයිල්ස් නැති වුනොත් මේ බැකප් කරන ලද ෆයිල්ස් තියන නිසා අවුලක් වෙන්නෑ, මීට අමතරව ඔයාට පුලුවන් කලින් කිව්වා වගේ යාලුවන් එක්ක අදාල ෆයිල්ස් ෂෙයා කරගන්නත්, මේ වගේ අවස්ථාවකදී ඉතා ජනප්‍රිය වෙබ් අඩවියක් වන Dropbox ඒ තරමත්ම භාවිතා කරන්න බැරි වෙනවා මොකද ෂෙයාර් කරන ෆයිල් එකේ සයිස් එක වැඩිනම් සහ ඒ ෆයිල් එක ගොඩක් දෙනා Download කරගත්තොත් එක්තරා සීමාවකින් පසුව ඒ ෆයිල් එකට තවත් යූසර්ස්ලට ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙනවා මොකද මේකෙදී එක්තරා සීමාසහිත ට්‍රැෆික් එකක් ලැබනෙ නිසා, ගොඩක් වෙලාවට වෙන්නේ මේ සීමාව පහුවුනහම පහල තියනවා වගේ error එකක් පෙන්නනවා.



ඒනිසා ඔයාලට අවශ්‍යනම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගැනීමට ෂෙයාරින් ලින්ක් එකක් දෙන්න විශාල පිරිසකට,ඒ සදහා විශාල ට්‍රැෆික් එකක් දෙන සයිට්ස් තියනවා ඒ අතරට Rapidgator, MEGA, uploaded වගේ ඒවා ප්‍රධාන තැනක් ගන්නේ ගොඩක් දෙනා මේ සයිට්ස් භාවිතා කරන නිසයි, මේ සයිට්ස් කිසි ප්‍රශ්නයක් නැහැ Dropbox වගේ ට්‍රැෆික් ලිමිටේෂන්ස් මේවාවල නැහැ ඒත් මේ සයිට්ස් වල තියන ප්‍රශ්නේ තමයි මේවා හරහා ලින්ක් එකක් ෂෙයාර් කලහම මේ සයිට්ස්වල පේ කරන ලද එකවුන්ට් නැති එහෙමත් නැත්නම් නොමිලේ ඩවුන්ලෝඩ් කරන්නෙකුට ප්‍රශ්න කිහිපයකටම මුහුණ දෙන්න සිදුවෙනවා, ඒ අතරට ඩවුන්ලෝඩ් බට්න් රැසක් පෙන්වීම වගේ විශාල ප්‍රමාණයේ වෙලද දැන්වීම් ඔවුන් අදාල ෂෙයාරින් ලින්ක් එකේ පලකරන නිසා ඉස්සල්ලාම ඩවුන්ලෝඩ් කරන්නෙකුට අපහසු වෙනවා හරියටම ඩවුන්ලෝඩ් කරන තැන කොතනද ක්ලික් කරන්න ඕනි කියලා හිතාගන්න, ඒ ව්ගේම Captcha  ටය්ප් කරන්න වෙනවා සහ සමහර වෙලාවට අදාල ලින්ක් එක ජෙනරේට් වෙන්න විනාඩි 02,03 ක් වගේ යනවා, Rapidgator වගේ සයිට්ස් වලනම් මේ විදියට ලින්ක් එකක් ෂෙයාර් කලහම ෆ්‍රී යූසර් කෙනෙක් විදියට සීමාසහිත ෆයිල් ප්‍රමානයක් තමයි එක්තරා කාල සීමාවක් ඇතුලත ඩවුන්ලෝඩ් කරන්න හම්බවෙන්නේ, කොහොමහරි මේකෙදිත් වෙන්නේ භාවිතා කරන්නාට ඔයාලා ෂෙයාර් කරන ෆයිල්ස් නිසි ආකාරයෙන් ඩවුන්ලෝඩ් කරගැනීමට බාධා ඇතිවීමයි.

ඔයාලා හිතනවානම් ඒ අපි සදහන් කරපු සයිට්ස් වලින් ඒ වගේ කරදර නැතිව ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න බැරිද කියලා, උත්තරේ තමයි පුලුවන් කියන එක, ඒ සදහා ඔප්ෂන්ස් කිහිපයක්ම තියනවා, පලවෙනි එක තමයි ඔයාලට පුලුවන් අදාල සයිට් එකේ Premium Account එකක් ගන්න, මේ සදහා යම් මුදලක් ඔබට ගෙවීමට සිදුවෙනවා අනිවාර්යෙනම එක්තරා කාලසීමාවකට අදාලව, ගොඩක් වෙලාවට මේ මුදල මාසිකව තමයි ගෙවන්න වෙන්නේ ඒ වගේ සල්ලි ගෙවලා ගත්තු එකවුන්ට් එකක් තියනවානම් කිසි ප්‍රශ්නයක් නැතිව ඔබට් අදාල ලින්ක්ස් හරහා ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්, ඒත් ලංකාවට නම් මේක ඒ තරමත්ම සුදුසු වෙන්නේ නැහැ මොකද ඒ වගේ එක දෙක ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න ඒ වගේ සල්ලි ගෙවලා එකවුන්ට් ගන්න තරම් පහසුකම් හැම දෙනාටම නැති නිසා, දෙවනි එක තමයි සමහර සයිට්ස් මේ හරහා Online Premium Link Generator සපයනවා, උදාහරණයක් හැටියට අපි Uptobox සයිට් එක හරහා දෙන්නාවූ ෆයිල් ෂෙයාරින් ලින්ක්ස් නොමිලේම ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මේ ආකාරයේ ලින්ක් ජෙනරේටර් එකක් හදලා තියනවා, දැන්නම් යූසර්ස්ලා ගොඩක් වැඩි නිසා ඒ සේවාව ලබාදෙන්නේ ප්‍රීමියම් අයට විතරයි.

කෙසේ වෙතත් මේ වගේ බාධාවලින් තොරව ඕනෑම කෙනෙකුට එකපාර ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදියට ෆයිල්ස් අප්ලෝඩ් කරලා ෂෙයා කරන්න නොමොලේ මේ සේවාව සපයන වෙබ් සයිට් නැද්ද කියලා කාටහරි අහන්න පුලුවන්, අද අපි මේ පෝස්ට් එක ලියන්නේ ඒ සම්භන්ධයෙන් දැනුවත් කරන්න, ඒ වගේ වෙබ් සයිට් රාශියක්ම තිබුනත් එයින් හොදම සහ ලේසියෙන් භාවිතා කරන්න පුලුවන් හැකියාව තියන වෙබ් සයිට් 05ක් අප තෝරාගත්තා, ඒවා මොනවද සහ ඒවා හරහා නොමිලේ ලබාගන්න පුලුවන් සේවා වගේම කොහොමද ඒවා භාවිතා කරන්නේ ඔයාලගේ ෆයිල්ස් අප්ලෝඩ් කරලා අනෙක් අය සමග ෂෙයා කරන්න කියන එක ගැන තමයි මේ පෝස්ට් එකේ පැහැදිලි කරලා තියෙන්නේ, පහලින් ඒ ඒ සයිට් ගැන වෙන වෙන්ම අපි විස්තර කරලා තියනවා.

1 – 1fichier.com

මින් පලවෙනි ස්ථානය හම්බවෙන්නේ මේ සයිට් එකට මේක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රංශයේ සිට, ඒ වගේම විශේෂත්වය තමයි මේ හරහා සහ මෙයාලගේ සයිට් එක හරහා ෂෙයාර් කරන ෆයිල්ස් එකපාර ක්ලික් කරලා ඕනිම කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් අර අපි කලින් කිව්වා වගේ ඇඩ් කිසිවක් අදාල ෂෙයාරින් ලින්ක්ස්වලට මෙයාලා ඇතුලත් කරන්නෑ, ඒ වගේම විශාල ප්‍රමානයෙන් තමන්ගේ ෆයිල්ස් අන් අය සමග ෂෙයාර් කරන කෙනෙක් ඉන්නවානම් එයාලට පුලුවන් මේ සයිට් එක භාවිතා කරලා බලලා හොදනම් මෙයාලා දෙන Premium Account එකක් සල්ලි ගෙවලා ගන්න, ඒත් එහෙම නැතත් කිසි ප්‍රශන්යක් නෑ නොමිලේ අන් අය සමග ලේසියෙන්ම ෆයිල්ස් ෂෙයාර් කරගන්න  මේ සයිට් එකේ නොමිලේ එකවුන්ට් එකක් හදාගන පුලුවන්.


මේ සයිට් එක භාවිතා කිරීමේදී ලැබෙන තවත් පහසුකමක් තමයි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් පහසුකම (Direct Download) සෑම ලින්ක් එකකටම ලැබීම, ඒක නිසා ඔයාට පුලුවන් එක් ෆයිල් එකක් අප්ලෝඩ් කරලා ඒකට අදාල ෂෙයාරින් ලින්ක් එක ගන්න, සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි, ඒ වගේම ඊට අමතරව පුලුවන් ඔයාට ඒ ෂෙයාරින් ලින්ක් එක Hotlink එකක් කරන්න, එහෙම කලහම වෙන්නේ අදාල ලින්ක් එකට කවුරුහරි ගියහම නැත්නම් අදාල ලින්ක් එක ක්ලික් කරපු ගමන්ම කිසිම සයිට් එකකට යන්න ඕනි වෙන්නෑ කෙලින්ම අදාල ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා, ඔයාට කරන්න තියෙන්නේ මේ සයිට් එකේ නොමිලේ එකවුන්ට් එකක් හදාගන්න එක විතරයි ඊට පස්සේ ඔයාට ලැබෙන Dashboard එක හරහා ලේසියෙන්ම ඔයාට ෂෙයා කිරීමට අවශ්‍ය කරන ෆයිල්ස් හසුරුවන්න පුලුවන්. සාමාන්‍යයෙන් මේකේ ඩිරෙක්ට් ලින්ක් එකක ෆෝමැට් එක එන්නේ මේ වගේ, https://1fichier.com/?xxxxxxx මේක දැක්කහම තියන තවත් වාසියක් තමයි මේ ලින්ක්ස් SSL වර්ගයේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඒක නිසා ඔයා කිසියම් ලින්ක් එකක් ඩවුන්ලෝඩ් කරනකොට ඒ සම්භන්ධතාවය Encrypt වෙලා තියෙන්නේ වගේම ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩුවීමකුත් වෙන්නෑ.සාමාන්‍යයෙන් ෆ්‍රී එකවුන්ට්ස් වලට මෙයාලගේ තියන නීතිය තමයි අදාල ෆයිල් එක කවුරුන් හෝ ඩවුන්ලෝඩ් කරගන්නා තාක්කල් ඒ ෆයිල් එක මෙයාලා අයින් කරන්නෑ ඒත් අන්තිමට අදාල ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තු දවසේ ඉදලා ඊලග දවස් 30 ක කාලයක් ඇතුලත කිසිම කෙනෙක් ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තේ නැත්නම් එයාලා ඒ ෆයිල් එක ඩිලීට් කරලා දානවා, Premium එකවුන්ට් තියන අයගේ ෆයිල්ස් ඒ ආකාරයට ඩිලීට් කිරීමක් සිදුවන්නේ නැහැ, පහල ලින්ක් එකට ගිහින් පුලුවන් මෙයාලගේ සයිට් එකට යන්න.


2 – Volafile.io

මේ සර්විස් එක අපි කලින් විස්තර කරපු එකට වඩා ටිකක් වෙනස් වගේම මෙකේ වෙනස් තමයි ඔයාලට ෆයිල්ස් මේ හරහා ෂෙයාර් කරන්න කිසිම ආකාරයකින් එක්වුන්ට් එකක් හදන්න ඕනි වෙන්නෑ, මේකෙදී ඔයාලට කරන්න තියෙන්නේ ඉස්සල්ලාම Chat Room එකක් හදාගන්න එක , ඒක එකවුන්ට් එකක් නැතිව නොමිලේම කරන්න පුලුවන්, ඒ ආකාරයට චැට් රූම් එකක් හදාගත්තට පස්සේ ඔයාලගේ ෆයිල්ස් අප්ලෝඩ් කරන්න පූලුවන් වෙන්නේ මේ හදාගත්තු චැට් රූම් එකට තමයි, ඒකෙදී ඔයාලට Upload කියලා ඔප්ෂන් එකක පෙන්නනවා දකුණු පැත්තේ උඩ ඔයා චැට් රූම් එක හැදුවට පස්සේ, එතන ක්ලික් කරලා ඔයාට පුලුවන් ෂෙයාර් කරන්න ඕනි කරන ෆයිල්ස් සිලෙක්ට් කරලා මේ සයිට් එකට අප්ලෝඩ් කරගන්න, ෆයිල් එක අප්ලෝඩ් වෙලා ඉවර වුනහම කරන්න තියෙන්නේ අදාල ෆයිල් එක රයිට් ක්ලික් කරලා ඒ ලින්ක් එක කොපි කරගන්න එක විතරයි, මේ කොපි කරගන්න ලින්ක් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් විදියට තමයි වැඩ කරන්නේ ඒ කියන්නේ අපි කලින් සයිට් එකට අදාලව කිව්වා වගේම එකපාර ක්ලික් කරන්න විතරයි තියෙන්නේ අදාල ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා.


පොඩි අවාසියක් තමයි මේකේ තියන මේ ආකාරයට අප්ලෝඩ් කරලා ෂෙයාර් කරන ෆයිල් අපි කලින් කිව්ව සයිට් එකේ දවස් 30 ක් දක්වා ගබඩා වෙලා තිබුනත් මේ සයිට් එකේ තියන්නේ දවස් දෙකක් විතරයි, දින දෙකකට පස්සේ අදාල ෆයිල් සවයංක්‍රීයව සයිට් එකෙන් ඩිලී වෙනවා නැවත ෂෙයාර් කරන්න ඕනි නම් ඔයාලට නැවත අදාල ෆයිල්ස් අප්ලෝඩ් කරන්න වෙනවා. පහල ලින්ක් එක හරහා මේ සයිට් එකට යන්න පුලුවන්.


3 – Ge.tt

මේකත් ජනප්‍රිය වෙබ් සයිට් එකක් නොමිලේ ෆයිල්ස් අන් අය අතර ෂෙයාර් කරගන්න, දැනට මිලියන 04කට අධික යූසර්ස්ලා මිලියන 45 කට වඩා වැඩි ෆයිල් ප්‍රමාණයක් මේ හරහා හුවමාරු කරගන්නවා, මේ සර්විස් එක ඇතුලෙත් ඔයාලට එකවුන්ට් එකක් හදන්න ඕනි වෙන්නෑ , එයාලා එකවුන්ට්ස් නැතිව ඕනිම කෙනෙකුට තම සර්විස් එක ඇතුලේ 256MB ප්‍රමාණයක ඉඩක් වෙන් කරලා දෙනවා අදාල ෆයිල්ස් අප්ලෝඩ් කරන්න, ඒ ප්‍රමාණය මදිනම් ඔයාලට පුලුවන් නොමිලේම මේ සර්විස් එක ඇතුලෙත් එකවුන්ට් එකක් හදාගන්න, ඒ ආකාරයට ෆ්‍රී එකවුන්ට් එකක් හදාගත්තට පස්සේ ඔයාල්ට එයාලා දෙනවා ෆයිල්ස් අප්ලෝඩ් කරලා තියාගන්න 2GB ඉඩ ප්‍රමානයක්. මේකට ෆයිල් අප්ලෝඩ් කරන්න ක්‍රම දෙකක් තියනවා, එකක් තමයි ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් විදියට ෆයිල් එක ඩ්‍රැග් කරගන ඇවිත් මේක උඩට දාන්න පුලුවන් වගේම අදාල ස්ථානය පෙන්නලා අප්ලෝඩ් කියන එක දෙන්නත් පුලුවන්.අදාල ෆයිල්ස් අප්ලෝඩ් කරලා ඉවරවුනු ගමන්ම මෙකේ පෙන්නනවා අදාල ෂෙයාරින් ලින්ක් එක , ඒක ක්ලික් කරපු ගමන පහල තියන ඩවුන්ලෝඩ් කියන එක හරහා ලේසියෙන්ම යූසර්ස්ලට අදාල ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ඒත් එක්කම ඉමේජ් එකට පහලින් අපි දීලා තියනවා මේ සයිට් එකට යන්න ඕනිනම් අදාල ඇඩ්‍රස් එක මොකක්ද කියලා.



4 – Data.hu

මේක හන්ගේරියානු ෆයිල් ෂෙයාරින් සර්විස් එකක්, සහ මේකේ භාෂාව English වලට හරවන්න නම් බැහැ, ඒත් පොඩි ට්‍රික් එකක් තියනවා එතනදී කරන්න, ඔයාලා භාවිතා කරන්නේ Google Chrome බ්‍රවුසර් එකනම් මේ සයිට් එකට ගියහම එක තැනක රයිට් ක්ලික් කරලා ඔයාට මේක English වලට හරවගන්න පුලුවන්කම තියනවා, මේකෙදී ෆයිල්ස් අප්ලෝඩ් කරන්න හරිම ලේසියි, කරනන් තියෙන්නේ ලොකුවට පෙන්නන අප්ලෝඩ් බට්න් එක ක්ලික් කරලා අදාල ෆයිල් එක පෙන්නන එක විතරයි,අප්ලෝඩ් වෙලා ඉවරවුනාට පස්සේ අදාල ෆයිල් එකේ නම උඩ ක්ලික් කලහම ඒ ෆයිල් එක අලුත් ටැබ් එකක් හරහා ඕපන් වෙනවා වගේම එතන ඔප්ෂන්ස් දෙකක් පෙන්නනවා, ඒතමයි slow / quick කියන දෙක, මේ අහන්නේ ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක ගැන, ඔයාලා Lassú letöltés එක රයිට් ක්ලික් කරලා ලින්ක් එක කොපි කරගත්තානම් ඒ ලින්ක් එක තමයි ෂෙයාර් කරන්න තියෙන්නේ.


හරියටම මේකෙනම් කියන්න අමාරුයි කොච්චර කාලයක් මේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ කරනවද කියලා, ඒත් අනිවාර්යෙන්ම දවසකට වඩා ඒ ෂෙයාරින් ලින්ක් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ලෙස වැඩ කරනවා, මේකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක කොපි කරන තැන ටිකක් හදලා තියෙන්නේ වෙනත් ෆයිල් ෂෙයාරින් සයිට්ස් වල ෆ්‍රී යූසර්ස් සහ ප්‍රීමියම් යූසර්ස්ලට වෙන වෙනම ලින්ක්ස් දෙන ආකාරයට, පොඩ්ඩක් වෙනස් වුනත් ඔයාලට ඒක පුරුදු වුනහම එච්චර අවුලක් වෙන එකක් නැහැ අදාල ෂෙයාරින් ලින්ක් හරහා අදාල ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න එක.මේ සයිට් එකේ ලින්ක් එක පහලින් දීලා තියනවා.



5 – DropSend

මේ සයිට් එක හරහා ප්‍රධාන වශයෙන්ම ඔයාලට ටිකක් ලොකු ෆයිල්ස් තියනවානම් ඒවා ෂෙයාර් කරන්න පුලුවන්කම තියනවා, ෆ්‍රී යූසර් කෙනෙකුට පුලුවන් උපරිම එක් ෆයිල් එකක සයිස් එක 4GB දක්වා වන ෆයිල්ස් අප්ලෝඩ් කරන්න සහ ඊට අමතරව Premium User කෙනෙක් සදහා මේ ප්‍රමානය 8GB වෙනවා, මේකෙදී සාමාන්‍ය ආකාරයට ඔයාලට පුලුවන් ෆයිල් එක අප්ලෝඩ් කරන්න ඊට පස්සේ අදාල කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක දුන්නට පස්සේ ඊමේල් එකක් තමයි අදාල පුද්ගලයට ලැබෙන්නේ ෂෙයාරින් ලින්ක් එක අඩංගු වෙලා තියන, මේ ඩිරෙක්ට් එක සාමාන්‍යයෙන් සතියක වගේ කාලයක් තමයි එක දිගට වැඩ කරන්නේ , ඊට පස්සේ ඒ ලින්ක් එක ඩිසේබල් වෙනවා,  ඒ සතිය ඇතුලත එක් ෂෙයාරින් ලින්ක් එකක් හරහා කරන්න පුලුවන් උපරිම ඩවුන්ලෝඩ් වාර ගනන වෙන්නේ 10ක්, මේ සයිට් එකේ එකවුන්ට් එකක් හදන්නැතිව වුනත් ෆයිල් ෂෙයා කරන්න පුලුවන් වුනත් ඒකෙදී මාසයකට මේ ආකාරයෙන් ඊමේල් කිරීමට හැකිවන්නේ 5 දෙනෙකුට පමනයි, ඒසේ වුවත් කුකීස් අයින් කරන්න ඔයාලා දන්නවානම් බ්‍රවුසර් එකේ එහෙම අයින් කරලා තවත් ඊමේල් ඇඩ්‍රස් වලට අදාල ඩවුන්ලෝඩ් ලින්ක්ස් යවන්න පුලුවන්.


මේකේ ප්‍රධාන පියවර තුනක් තියනවා කරන්න ඔයාලට, ඉස්සල්ලාම කරන්න තියෙන්නේ සයිට් එකට ගිහිල්ලා Send Your File කියන එක ක්ලික් කරනන් ඊට පස්සේ පොඩි ෆෝම් එකක් එනවා පුරවන්න,එතන ඔයාට දෙන්න පුලුවන් ඔයා මේ ෆයිල් එක යවන්න ඉන්න කෙනාගේ මේල් ඇඩ්‍රස් එක, ඒ වගේම මේකට මාතෘකාවක් වගේම ඕනිනම් පොඩි ටෙක්ස්ට් එකකුත් ඇතුලත් කරන්න පුලුවන් මොකද මේ ලින්ක් එක එයාට යන්නේ ඊමේල් එකක් විදියට නිසා අදාල ෆොර්ම් එක පිරෙව්වට පස්සේ Select a file කියන එක හරහා අදාල ෆයිල් එක පෙන්නලා දෙන්න පුලුවන් වගේම අන්තිමට Send your file කියන එක ක්ලික් කලාට පස්සේ අදාල ෆයිල් එක අදාල ඊමේල් ඇඩ්‍රස් එකට යනවා.එහෙම නැත්නම් ඔයාගේම මේල් ඇඩ්‍රස් එකෙන් ඔයාටම ඕනිනම් මේ ලින්ක් එක සෙන්ඩ් කරලා අදාලව එන ලින්ක් එක ෂෙයාර් කරන්න පුලුවන් අන් අය අතරේ ඒත් මේකෙදී සැලකිලිමත් වෙන්න ඕනි කරුණක් අපි මුලින් කිව්වා ඒ තමයි එක් ඊමේල් ඇඩ්‍රස් එකකට යවන ලින්ක් එකක් උපරිම ඩවුන්ලෝඩ් කල හැක්කේ 10 වතාවක් පමනයි කියන එක, මෙ සයිට් එකට යන ලින්ක් එක පහලින් දක්වලා තියනවා.


ඉතින් මෙච්චර කාලයක් ඔයාට හම්බවුනේ නැත්නම් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ආකාරයට ෆයිල්ස් අප්ලෝඩ් කරලා ෂෙයාර් කරන විදියක් ඔන්න අපි දුන්නා ඒ වැඩේ නොමිලේම කරගන්න පුලුවන් ආකාරයේ වෙබ් සයිට් 05 ක් වගේම ඒ ඒ එක් එක් සයිට් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැනත් පැහැදිලි කලා,ඔයාලට මෙ සම්භන්ධයෙන් වැඩි විස්තර් ඕනි නම් සහ දැනගන්න දේවල් තව තියනවානම් කමෙන්ට් කරන්න, කමෙන්ට් හරහා කියන්න පුලුවන්නම් අපි එහෙම කරන්නම් නැත්නම් ඒවාට අදාලව විස්තරාත්මක පෝස්ට් අපි පලකරන්නම්.