A+ A-

HostGator Vs GoDaddy

HostGator Vs GoDaddy Hosting Comparison


HostGator Vs GoDaddy Hosting Comparison

වෙබ් සයිට් නැත්නම් බ්ලොග් වල හදවත එහෙමත් නැත්නම් ඉතා වැදගත්ම දේ තමයි Hosting කියන්නේ, ඔයාලා අලුතින් පෞද්ගලික හෝ බිස්නස් මට්ටමින් බ්ලොග් එකක් හෝ වෙබ් සයිට් එකක් හදනවානම්  පලවෙනි දේ තමයි ඔයාලට තියෙන්න ඕනි Domain Name එකක් එහෙමත් නැත්නම් වෙබ් සයිට් එකේ නම. මේක ගන්නකොට ගොඩක් දෙනා කියන්නේ එකම තැනක් විතරයි ඒ තමයි godaddy.com ඒ ගැන කිසිදු සැකයක් නැහැ මොකද ලෝකයේ දැනට Domain names රෙජිස්ටර් කරන්න තියන හොදම තැන තමයි godaddy.com කියන්නේ, තවම මේ තරම් හොද එකක් නැහැ ඒක නිසා විශ්වාසයකින් යුතුව ඔයාලට රෙකමන්ඩ් කරන්න පුලුවන් ඒ සයිට් එක ඔයාලට අවශ්‍ය කරන නම නැත්නම් ඩොමේන් එක ගන්න.

ඊලග දේ තමයි hosting කියන එක එහෙමත් නැත්නම් ඔයාලගේ වෙබ් සයිට් එකට හෝ බ්ලොග් එකට අදාල ඩේටා සේව් කරලා තියන සර්වර් එක හොයාගන්න එක සහ ඊට අදාල පැකේජ් එකක් ගන්න එක, අපි කලින් කිව්ව godaddy.com එකෙත් මේ ආකාරයේ hosting සේවා සපයනවා, ඉතින් ඩොමේන් නේම් එක ගන්න ගොඩක් අය ඒතැනින්ම අදාල hosting එකත් ගන්නවා මොකද එතකොට සියල්ලම එකම තැන තියන නිසා..

ඒත් මෙතනදී එන ප්‍රශ්නය තමයි hosting පහසුකම සදහා godaddy කොච්චර සුදුසුද වගේම ඒ සදහා ඊට වඩා හොද වෙනත් තැනක් තියනවද කියන එක, මේ ගැන කතා කරනකොට තියන තත්වය තමයි ඩොමේන් නේම් ගැන කියවෙනකොට ගොඩක් අය godaddy ගැන කතා කරනවා වගේම හොස්ටින් ගැන කියනකොට මේ විදියට කතා වෙන්නේ වෙනත් සයිට් එකක් පිලිබදව ඒ තමයි hostgator, සමහරවිට දැනටමත් මේ නම් ඔයාලා අහලා තියෙන්න පුලුවන්.

මේ හැම විස්තරයක්ම අපි දෙන්නේ ලංකාවේ ගොඩක් අය මේ ගැන පැහැදිලි ලෙස දන්නැති නිසා, ඒ වගේම සමහරවිට ඔයාලට කල්පනා වෙන්න පුලුවන් පිටරට ඒවා ගැන කතා කරන්නේ ඇයි? ලංකාවේ තැන් නැද්ද මේ දේවල් ගන්න කියලා. ඒත් අවාසනාවකට වගේ අපි මේ වෙනකොට ලංකාවෙන් මේ වගේ පහසුකම් දෙන සමාගම් ගොඩකින් මේ සේවාව ලබාගන තියනවා ඒත් ඒ එකක්වත් ඒ තරමත්ම හොද නැහැ අපි මේ කලින් කියපු ආයතන තරම්ම, හොස්ටින් අපි ලබාගන තියනවා ලංකාවේ ආයතන කිහිපයකින්ම ඒත් ඒ එකකවත් පටන් ගන්නකොට තියන තත්වය නැහැ ටිකක් කල් යනකොට, ඒ කියන්නේ හොස්ටින් කරනවානම් අනිවාර්ය දෙයක් තමයි හොද ස්පීඩ් එකක් සහිත සර්වර්ස් තියෙන්න ඕනි කියන එක ඒත් ලංකාවේ ආයතන හරහා දෙන හොස්ටින් සියල්ලම වගේ ඉතා අඩු වේගයක් සහිතයි එහෙමත් නැත්නම් ඒවා සුදුසුයි පොඩි පහේ බ්ලොග් පවත්වාගන යන්න ඒත් ඔයාලගේ බ්ලොග් එක නිරන්තරයෙන් අලුත් පෝස්ට් වලින් පිරෙනවානම් අපි අත්දැකීම අනුව ඒ වගේ එකකට ලංකාවේ දෙන පහසුකම් මදි……

මීට අදාල තවත් මේ වගේ ආයතන නැත්නම් සයිට් ගොඩක් තියනවා වුනත් අපි මෙතනදී කතා කරන්නේ hosting පහසුකම සදහා වඩාත් හොද මොකකද godaddy සහ hostgator කියන දෙක සංසංදනය කලොත් කියන එක, මොකද දැනට ලෝකයේ හොදම වගේම ගොඩක් දෙනා භාවිතා කරන්නේ මේ සයිට්ස් දෙක නිසා. මේ සංසංදනාත්මක විශ්ලේෂනයේදී අපි අංශ කිහිපයක්ම පරීක්ෂාවට ලක් කරනවා ඒක නිසා පහලින් දාලා තියනවා ඒ එක එකකදී කොහොමද godaddy සහ hostgaor ප්‍රතික්‍රියා කරන්නේ කියන එක.

HostGator vs GoDaddy Performance

මේ දෙකේ ක්‍රියාකාරීත්වය ගැන සලකා බැලුවොත් එහෙම , hostgator සර්වර්ස් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ Dual Xeon සර්වර් සිස්ටම් එක හරහා මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය තියෙන්නේ ඇමරිකාවේ උතුරු ටෙක්සාස්වල Dallas වල. ඉතා දියුණු මේ සර්වර් සිස්ටම්ස් එකිනෙකට වෙනස් බැක්බෝන් සර්වර්ස් 10කට සම්භන්ධ කරලා තියනවා, ඒ වගේම hostgator අවුරුදු පතා ඩොලර් මිලියන ගනන්ක් වැයකරනවා අලුත්ම තාක්ෂනය වගේම ඔවුන්ගේ සර්වර් සිසිටම් වල වේගය සහ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සදහා, Houston වල ඔවුන්ට අදාල සර්වර්ස් 12,000 කට අධික ප්‍රමානයක් තියනවා.godaddy ගැන කතා කරනවානම් ඔවුන්ගේ සර්වර්ස් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් බලගැන්වෙන්නේ ඔයාලා කවුරුත් දන්න core i7 ප්‍රොසෙසර් හරහා, ඒ වගේම ඔවුනුත් තමන් දෙන hosting සදහා 99.9% ක ගැරන්ට් එකක් ලබාදෙනවා.පහලින් දාලා තියනවා godaddy  ඩේටා සෙන්ටර් එකකට් අදාල වීඩියෝ එකක්.


අපි මේ ඉතා කෙටියෙන් සදහන් කලේ මේ සේවාවන් සතු හාර්ඩ්වෙයාර් උපාංග සහ තාක්ෂනය පිලිබදව, දැන් අපි බලමු එකිනෙකට වෙනස් ටෙස්ට් කිහිපයක් සදහා මේ සර්වර්ස් කොහොමද මුහුන දෙන්නේ කියන එක.

HostGator Vs GoDaddy – Speed Test

hosting ගැන කතා කරනකොට ඉස්සල්ලාම කියන නැත්නම් කතා වෙන දේ තමයි අදාල හොස්ටින් පැකේජ් එකට අදාලව ලැබෙන ස්පීඩ් එක නැත්නම් ඔයාලගේ බ්ලොග් මේ හොස්ටින් සර්වර්ස් වල සේව් කලාට පස්සේ කොච්චර වේගයකින් ඒවා ලෝඩ් වෙනවද කියන එක, පහලින් අපි දාලා තියෙන්නේ එකම ස්ථානයකින් ලබා ගන්නා ලද ඩොමේන් නේම් දෙකක්…

මේ එක එකක් වෙන වෙනම godaddy සහ hostgator සර්වර්ස් වල හොස්ට් කරලා තියෙන්නේ, ඒ වගේම එකම සයිට් එක නැත්නම් එකම ඩේටා ප්‍රමාණයක් තමයි මේ එක එකක් සර්වර්ස් වලට ඇතුලත් කරලා තියෙන්නේ, ඒක නිසා ප්‍රමාණාත්මකව මේ සයිට් දෙක සතුවම තියන ඩේටා සහ ෆයිල්ස් ගනන සර්වසම වෙනවා, දැනට වෙබ් සයිට් ස්පීඩ් චෙක් කිරීමේදී ඉදිරියෙන්ම සිටින සයිට් එකක් වන Pingdom හරහා මේ එකක් එකක් ලබාගත් ප්‍රථිපල මොනවද කියලා පහලින් පෙන්නලා තියනවා.




පලමුව අපි දීලා තියෙන්නේ hostgator එකට අදාල රිසල්ට් සහ දෙවනුව godaddy වල රිසල්ට්ස්, ඒ අනුව ඔයාලට පේනවා hostgator එකේ හොස්ට් කරලා තියන එක තත්පර බාගයක් ඇතුලත ලෝඩ් වෙලා තියනවා කියලා, හිතාගන්න බැරි තරම් වේගයක් නේද? ඒ සමගම godaddy තුල හොස්ට් කරලා තියන එක ලෝඩ් වෙන්න ගිහින් තියනවා තත්පර 1.51 ක කාලයක්, ආසන්න වශයෙන් කියනවානම් hostgator වේගය අනෙකට වඩා පස් ගුනයකට ආසන්න වශයෙන් වැඩියි, මෙකෙන් කියන්නෑ godaddy වේගය වැඩක් නැහැ කියලා ඒකත් ඉහල මට්ටමේ වේගයක් ඒත් hostgator හා සැසදීමේදී ඒක අඩු අගයක් ගන්නවා කියලා ඔයාලට පේනවා ඇති..

Winner – Hostgator

GoDaddy Vs HostGator – Response Time

මීලගට පරීක්ෂා කරලා තියෙන්නේ දවස් 30ක් නැත්නම් මාසයකට ආසන්න කාලයක් තුල මේ හොස්ටින් දෙක කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියන එක නැත්නම් සර්වර්ස් වල ප්‍රතික්‍රියා කිරීමේ වේගය මාසයකට අදාලව..


මේ අනුව ඔයාලට පේනවා ඇති hostgator වල ප්‍රතික්‍රියා කාලය godaddy වලට වඩා අඩුයි කියන එක, ඒ කියන්නේ ඉතා ඉක්මනින් hostgator ප්‍රතිචාර දක්වලා තියනවා එන රික්වෙස්ට් වලට..

Winner – Hostgator

GoDaddy Vs HostGator – Benchmark

ඊලගට කරලා තියන ටෙස්ට් එක තමයි GtMetrix මිනුම්වලට අනුව මේ  හොස්ටින් සර්වර්ස් වල අගයන් පරීක්ෂා කරලා බලන එක, මේ සයිට් එක විවිධ මිනුම් දඩු ඔස්සේ මේ අවසන් අගය ප්‍රකාශ කරලා තියෙන්නේ.


මෙහිදීත් ඔයාලට පේනවා ඇති hostgator ඉදිරියෙන් ඉන්න බව, විශේෂයෙන්ම ප්‍රතික්‍රියා කාලය සහ පේජ් ලෝඩ් වන වේගය සලකා බැලුවහම ඒකෙදී godaddy තත්පර 4.69 ක් ගන්නකොට hostgator  ගන්නේ තත්පර 1.68ක කාලයක් පමනයි. ඒකියන්නේ godaddy වලට වඩා තත්පර 3 කට අඩු කාලයකදී hostgator ලෝඩ් වෙලා තියනවා.

Winner – Hostgator

HostGator vs GoDaddy: The UI

ගොඩක් දෙනා ඉස්සල්ලාම භාවිතා කරන්නේ shared hosting පැකේජ මොකද ලාබම වගේම ලේසියෙන්ම භාවිතයට ගන්න පුලුවන් නිසා, මෙහිදී hostgator භාවිතා කරන interface එක නැත්නම් අතුරු මුහුනත තමයි cPanel කියන එක, මේක භාවිතා කරන්න හරිම ලේසියි, සියලු පහසුකම් සහ සේවාවන් මේ හරහා එකම විදියකට ක්‍රියාත්මක කරන්න වගේම පාලනය කරන්න පුලුවන්කම තියනවා, ඒ වගේම ගොඩක් ස්ක්‍රිප්ට් එක ක්ලික් එකකින්ම ඉන්ස්ටෝල් කරගන්නත් පුලුවන්, සරලව කියනවානම් භාවිතයට ලේසියි.

godaddy සලකා බලනවානම් මේ කතන්දරේ ටිකක් වෙනස්, මොකද එයාලා භාවිතා කරන්නේ cPanel වුනත් ඒකේ ෆෝමැට් එක නැත්නම් සැකස්ම ටිකක් වෙනස් වගේම ඒක ඔවුන්ටම පමනක් විශේෂ වූ දෙයක් වෙනවා, ඒ කියන්නේ සාම්ප්‍රදායික cPanel එක නෙමෙයි ඔවුන්ගේ තියෙන්නේ ඒත් ඉතා ඉක්මනින් ඔයාලට ඒකට හැඩගැසෙන්න පුලුවන්.

Winner: HostGator – Easy to use cPanel which is use by millions

Customer Support and Reliability

Customer Service නැත්නම් පාරිභෝගික සේවාවටත් වැදගත් තැනක් හිමිවෙනවා මේකෙදී, උසස් පාරිභෝගික සේවාවක් ලබාදීම අනිවාර්යෙන්ම වැදගත් වෙනවා දීර්ඝ කාලීනව කස්ටර්මර්ස්ලා තබා ගැනීමට, hostgator වල සේවකයන් 850 කට වඩා ප්‍රමානයක් මුලු දවස පුරාම ක්‍රියාත්මක වෙනවා, ඒ වගේම ඔවුන් සතුව තියනවා ඉතා ඉහල මට්ටමේ ටිකට් සිස්ටම් එකක් නැත්නම් කස්ටර්මර්ස්ලා එවන පැමිනිලි වලට පිලිතුරු සෙවීමේ මාර්ගයක්, ඒ වගේම e-mail හරහා වුනත් ඔවුන් එක්ක සම්භන්ධ වෙන්න පුලුවන් වගේම අවශ්‍යනම් එවෙලේම chat කරලා අදාල ප්‍රශ්නය විසදා ගන්නත් පුලුවන්.

අනෙක අතර godaddy ගැන කතා කරනවානම් දැනටමත් ඩොමේන් නේම්ස් සම්භන්ධයෙන් කීර්තියක් ඇති මෙයාලාටත් ඒ හා සමානම සිස්ටම් එකක් තියනවා පාරිභෝගික පැමිනිලි සහ අනෙකුත් ප්‍රශ්න නිරාකරනය කර දීම සදහා..මේ අතින් බලනවානම් මේ හොස්ටින් කම්පැනි දෙකම එක හා සමානව පාරිභෝගික සේවාව ලබාදෙනවා.

Winner: HostGator and GoDaddy – Good customer support, good reliability

Features Comparison- Plans and Pricing

hostgator සතුව ප්‍රධාන වශයෙන්ම හොස්ටින් පැකේජ 03 ක් තියනවා, hatchling කියන්නේ තියන මූලිකම පැකේජය සහ අනෙක් දෙක ඊට වඩා පහසුකම් වලින් සමන්විත වෙනවා, ඒ සමගම බෑන්ඩ්විත් එක සහ ස්පේස් එක මේ හැම එකකටම අදාලව අන්ලිමිටඩ්, ඒ වගේම දින 45ක් දක්වා ඔයාලා සර්විස් එක ගැන සතුටු නැත්නම් ඔයාලා ගෙවපු ගාන ආපහු ලබාගන්න පුලුවන්…..


godaddy ගැන කියනවානම් ඊට සමානව එයාලගෙත් හොස්ටින් පැකේජ 03 ක් තියනවා, Economy කියන්නේ තියන මූලිකම පැකේජ් එක, කලින් වගේම මෙයාලත් අන්ලිමිටඩ් බෑන්ඩ්විත් එකක් දෙනවා ඒත් ස්පේස් එකනම් මූලිකම පැකේජ් එකේ 100GB සහ ඉතිරි පැකේජ සදහා සීමාවක් නැහැ,  හැබැයි වෙනස තියෙන්නේ මෙයාලගේ පැකේජ ගනන් hostgator වලට වඩා ටිකක් අඩු අගයක් ගැනීමයි.



WinnerGoDaddy – Unlimited plans start at $4.49/month


Final conclusion

මේ හැම වාර්තාවක්ම හරහා ඔයාලට පේන්න ඇති hostgator ස්පීඩ් එක සහ ක්‍රියාකාරීත්වය අතින් ඉදිරියෙන් ඉන්නවා කියන එක පැහැදිලිවම, සමහර විට godaddy පැකේජ මිල ගනන් අතින් අඩු නිසා ඒ පැත්තෙන් වාසියක් නැත්තේමත් නැහැ ඒත් ගොඩක් වෙලාවට අපි හිතනවා මිල ගනන්වලට වඩා වේගයට ඔයාලා වැඩි තැනක් දෙනවා කියලා,

සමහර විට මීට වඩා වෙනස්කම් සහ වාසි අවාසි මේ සේව දෙකට අදාලව තියෙන්න පුලුවන් සහ ඔයාලා දැකලා නැත්නම් අත්දැකීමේන් දන්නවා වෙන්නත් පුලුවන්, කරුණාකරලා ඒ ගැන ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරන්න ඒ හරහා මේ ලිපිය කියවන ලංකාවේ අයට ඒ ගැන ඉතා පැහැදිලි දැනුමක් සහ අදහසක් ගන්න අනිවාර්යෙන්ම ඔයාලගේ කමෙන්ට්ස් උදව්වක් වෙයි.

මේ හැම එකකටම අමතරව ඔයාලට මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඕනි නම් මේ ගැන ඕනිම දෙයක් අපේ හොට්ලයින් එකට කතා කරලා දැන ගන්න පුලුවන්, බ්ලොග් පටන් ගන්න, හොස්ටින් තෝරගන්න, තීම්ස්, ප්ලගින්ස්, SEO මේ හැම දෙයක් ගැනම ඔයාලට තියන ප්‍රශන වලට උදව් කරන්න අපි සූදානම් , අපේ හොට්ලයින් එකට කතා කරලා ඔයාලගේ ගැටළු  විසදගන්න අපෙන් උදව් ගන්න…………