A+ A-

VIVO Smartphones & Accessories

VIVO Smartphones & Accessories


අලුත් තක්ෂනය වගේම ගොඩක් දෙනාගේ අවධානය දිනා ගන්න සමත් වුනු තවත් දෙයක් වන්නේ Smartphones, ලංකාවේ ගොඩක් දෙනා දැන් සාම්ප්‍රදායික ෆෝන්ස් වලින් බැහැරවෙලා ස්මාර්ට්ෆෝන්ස් පැත්තට යොමු වෙලා තියනවා දැන් වෙනකොට ඒ වගේම ඔයාලා සමහර ඉන්දියන් ටීවී චැනල් නරඹනවානම් දකින්න ඇති අලුත් ෆොන් බ්‍රෑන්ඩ් එකක ඇඩ් එකක්, ඒ තමයි vivo කියන එක, අද ටෙක් නිව්ස් හරහා අපි කියන්න යන්නේ vivo ෆෝන්ස් සම්භන්ධයෙන් තොරතුරු…

සමහර වෙලාවට ඔයාලා හිතන්නැතිව ඇති vivo කියන්නේ ලෝකයේ විශාලතම ස්මාර්ට්ෆෝන්ස් නිෂ්පාදකයන්ගෙන් පස් වෙනි තැන ඉන්න සමාගම කියලා කිව්වොත් ඒත් එක තමයි ඇත්ත,ඒ වගේම අලුත් ෆිල්ම්ස් ඔයාලා බලනවනේ ඉතින් ඒ වගේ ෆිල්ම්ස් වලදී භාවිතා වන ස්මාර්ට්ෆෝන්ස් සහ ඒවාවල වර්ග ගැනත් ඔයාලට දකින්න පුලුවන්, අලුතින්ම රිලීස් වෙලා තියන Captain America: Civil War වගේ Marvel සමාගම හරහා එලි දක්වන ෆිල්ම්ස් වල භාවිතා කරන ෆෝන්ස් වර්ගය තමයි vivo.

vivo කියන්නේ Marvel සමාගම විසින් නිර්මානය කරන ලද තවත් කල්පිතයක් පමනක් වන දෙයක් නෙමෙයි, ඉතා ඉහල තාක්ෂනයක් සහිත මේ ෆෝන්ස් සහ ටැබ්ලට්ස් 2009 වසරේ ඉදලා තමයි නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ, චීන කාර්මික ශිල්පීන් විසින් ආරම්භ කරන ලද මේ ව්‍යාපාරය නැත්නම් මේ බ්‍රෑන්ඩ් එක අලුත් හවුල්කාරයෙක් වන Xiaomi විසින් මිලදී ගත්තට පස්සේ තමයි ලොකයේ ස්මාර්ට්ෆෝන්ස් නිෂ්පාදකයන් අතරින් පස් වන තැන දක්වා දියුණු කරලා තියෙන්නේ, ඒ වගේම මේ ගැන එලි දක්වන වාර්තාව IDC Research සමාගම මගින් නිකුත් කරලා තියනවා, සමහරවිට ඔයාලා කැමති ඇති මේ වාර්තාව බලන්න, මේකේ තියෙන්නේ ලෝකයේ ස්මාර්ට්ෆෝන්ස් නිෂ්පාදකයන්ගේ අනුපිලිවෙල නැත්නම් ජනප්‍රියත්වය සහ නිෂ්පාදනය කරන සංඛ්‍යාව මත කරන ලද රේටින් එකක්, පහල ලින්ක් එකට ගිහින් ඒක බලාගන්න පුලුවන් ඔයාලට


මුලින්ම මේ ෆෝන්ස් නිෂ්පාදනය කරන කාලයේ මේ ගැන වැඩි උනන්දුවක් නැති වුනත් පසු කාලීනව චීනයේ ප්‍රධානතම ස්මාර්ට්ෆෝන්ස් නිෂ්පාදකයා වගේම ජනප්‍රියම ෆෝන්ස් නිෂ්පාදනය කරන්න vivo සමාගමට පුලුවන්කම ලැබුනා, මේකට ගොඩක්ම හේතු වුනේ මුල් කාලීනව vivo සහ Huawei සමාගම් තම නිෂ්පාදන විවිධත්වයකින් යුක්තව ඉදිරිපත් කිරීමයි, මේ නිසා සෑම තරාතිරමකම අයට මේ නිෂ්පාදන මිලදී ගන්නට සහ භාවිතා කරන්නට අවස්ථාව ලැබුනා සහ මේ හරහා මේ නිෂ්පාදනවල නාමය සහ කීර්තිය චීනය පුරාම ඉතා ඉක්මනින් පැතිර ගියා, සාමාන්‍යයෙන් වැඩි වශයෙන් vivo සමාගම ෆෝකස් කරන්නේ නැත්නම් අරමුණු කරන්නේ සහ තම නිෂ්පාදන ඉදිරිපත් කරන්නේ  high end market එකට නැත්නම් ඉතා ඉහල තත්වයේ නිෂ්පාදන තමයි ගොඩක් ඉදිරිපත් කරන්නේ වෙලදපල සදහා…..

vivo ස්මාර්ට්ෆෝන්ස් තුල ඉතා ඉහල මට්ටමේ තාක්ෂනයක් අන්තර්ගතයි, ඒ වගේම සාමාන්‍ය ස්මාර්ෆෝන්ස් වල තියන පහසුකම්වලට වඩා වැඩි පහසුකම් සහ ඔප්ෂන්ස් මේ ෆෝන්ස් තුල තියනවා, උදාහරණයක් හැටියට vivo Xplay 5 Elite කියන ෆෝන් එක ගත්තොත් (මේ ෆෝන් එක චීනයේ පමනයි තියෙන්නේ) මෙහි තියන පහසුකම් ගැන හිතාගන්නවත් බැහැ, ඒවාවලින් සමහර පහසුකම් පහලින් අපි දීලා තියනවා

  • Curved-screened monster
  • 6GB of RAM
  • QHD 2,560×1,440-pixel resolution
  • 5.4-inch screen
  • Snapdragon 820 processor

සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකක නැති මට්ටමේ පහසුකම් මේ ෆෝන් එක තුල තියනවා කියලා ඔයාලට තේරෙනවා ඇති අපි ඉහලින් දාලා තියන පහසුකම් බැලුවහම , ඒ වගේම එහි අන්තර්ගත වන Snapdragon 820 ප්‍රොසෙසර් එකක් තමයි අලුතින්ම එලි දකවලා තියන Samsung Galaxy S7 ෆෝන් එකෙත් තියෙන්නේ.vivo v3 Max කියන ෆෝන් එක සහිත වීඩියෝ එක පහලින් දාලා තියනවා..


vivo සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ෆෝන්ස් අතරින් 2012 වසරේදී එලි දක්වන ලද X1 ෆෝන් එක කොච්චර ජනප්‍රියත්වයකට පත් වුනාද කියනවානම් චීනය තුල Apple Iphones සහ Samsung Galaxy ෆෝන්ස් වලට වඩා X1 ෆෝන් එක ජනප්‍රිය වුනා, ඒ වගේම X1 ෆෝන් එක රිලීස් කරපු කාලයේදී ඒ ෆෝන් එක තමයි එවකට ලෝකයේ ඝනකම අඩුම නැත්නම් තුනීම ස්මාර්ට්ෆෝන් එක වුනේ, ඒත් එක්කම ඒ කාලයේ මේ ෆෝන් එකේ මිල වුනේ $400 ක් වගේ ගානක් , මෙහි ඝනකම වුනේ 6.65mm (0.25 inches), මේ අගය ගැන බැලුවොත් Apple Iphone 6s එකට වඩා මෙහි ඝනකම අඩුයි.


ඒ වගේම මේතරම් ජනප්‍රියත්වයට පත්වෙනකොට vivo එක් අසාර්ථක දෙයක් කලා ඒ තමයි ඉතා ඉහල වටිනාකමක් සහිත ෆෝන්ස් වඩා වැඩි ගනනක් නිෂ්පාදනය කිරීම , මේ ෆෝස් හැදුවේ ඉතා ඉහල ධනවතුන් සදහා,  මේ නිසාම මධ්‍ය සහ සුලු පරිමාන vivo ෆෝන්ස් නිෂ්පාදනය ඒ කාලයේ අඩුවුනා,මේ නිසාම පසුකාලිනව Xiaomi සමාගම විසින් Mi වර්ගයේ ෆෝන්ස් නිෂ්පාදනය ආරම්භ කලා, ඒ හා සමානවම මේ ෆෝන්ස් අතිශයින් ජනප්‍රිය වුනා, මේ අත්දැකීම් සහ නිෂ්පාදන පෙලත් සමගම 2016 වසර වනවිට vivo ෆෝන්ස් සහ එම සමාගම ලෝකයේ ස්මාර්ට්ෆෝන්ස් නිපදවන්නන් අතර පස් වන තැන දිනාගන්න සමත් වෙලා තියනවා..


IDC Reserch සමාගමේ Kiranjeet Kaur පවසන ආකාරයට මේ වන විට vivo විසින් චීනයෙන් පිටත ස්මාර්ට්ෆෝන් වෙලදපල සදහා ඉතා ආකර්ෂනීය සහ තරගකාරී ආකාරයේ ෆෝන්ස් ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා, මේ අතරින් ප්‍රධානතම රට වන්නේ ඉන්දියාවයි, ඒ නිසාම තමයි අපි මුලින් සදහන් කලේ ඉන්දියානු ටීවී චැනල් වල දැනටමත් මේ සම්භන්ධ ප්‍රචාරයන් ආරම්භ කරලා තියනවා කියන එක,ඒ වගේම මීට තවත් සාධකයක් වන්නේ දැනට ලෝක ආර්ථිකයේ වේගයෙන්ම දියුණු වන වෙලදපලක් ඉන්දියාවේ පැවතීමයි, මේ සදහා ආරම්භයක් වශයෙන් Indian Premier League ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහකයෙක් වශයෙන් vivo සමාගම කටයුතු කිරීම පටන් අරන් තියෙන්නේ දැනටමත්, ඒත් එක්කම අතීතයේ තමන් අතින් සිදුවූ වැරදි වලිනුත් ලැබූ අත්දැකීම් සමග දැන් vivo සමාගම මධ්‍ය සහ පහල වෙලදපල සදහා $120 වගේ අඩු මිල ගනන්වලට පවා ස්මාර්ෆෝන්ස් නිෂ්පාදනය ආරම්භ කරලා තියනවා



මේ හැම දෙයක්ම කරන අතරතුර චීනයේ තම ස්ථායී වෙලදපල වීවෝ සමාගම අමතක කරලා නැහැ, මේ දේ නිසාම සමාගමාට ලොකු වාසිදායී තත්වයක් ඇතිවෙලා තියෙන්නේ මොකද දැන් වන විට චීනයේ මධ්‍ය පාන්තික වෙලදපල සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින නිසා,IDC සමාගමට අනුව චීනය තුල අලෙවි වන වීවෝ ස්මාර්ට්ෆෝන් එකක සාමාන්‍ය වටිනාකම $207 ක් වුනත් 2015 වසර වන විට මේ අගය $257 දක්වා වැඩි වෙලා තියනවා, එයින් පෙනී යන්නේ වීවෝ ස්මාර්ට්ෆෝන්ස් වැඩි වශයෙන් වෙලදපල තුල අලෙවි වන බවයි…
 
Samsung සහ Apple සමාගම් විසින් ස්මාර්ට්ෆෝන්ස් වෙලදපලේ මුල් ස්ථාන පවත්වාගන යන අතරතුර දැන් වන විට චීන දුරකථන සමාගම් වන Xiaomi,Huawei,Lenovo,Oppo විසින් ස්මාර්ට්ෆෝන් වෙලදපලේ ඉතිරි ස්ථාන අත්පත් කරගන තියනවා, මේ හැම දෙයක්ම අතරතුර vivo නාමය දැනටමත් වේගයෙන් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින නිසා ඉදිරියේදී නවතම පහසුකම් සහිත ස්මාර්ට්ෆෝන්ස් වෙලදපලට ඉදිරිපත් වනු ඇති, ඒ හරහා ලාංකිකයන් වන අපටත් අඩු මුදලට ඉහල පහසුකම් සහිත නවීන ස්මාර්ට්ෆෝන්ස් මිලදී ගැනීමේ අවස්ථාව උදාවන දිනය වැඩි ඈතක නොවේ…….