A+ A-

Sheena Complete TV Series

Sheena Complete TV Series

Sheena Complete TV Series

ටිකක් ඈත කාලෙකට යන්න කැමතිද? ගොඩක් අයට මතක ඇති කලින් ටීවී එකේ ගිය ෂීනා ටීවී සීරීස් එක, අවාසනාවකට මේක ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් අය ඉන්ටර්නෙට් එකේ හෙව්වත් එහෙම තියන තැන් නම් ගොඩක් අඩුයි,ඒත් ඒ අඩුව පුරවන්න ඔන්න අපි අප්ලෝඩ් කලා මේ සීරීස් එකම, ඒ කියන්නේ සීසන් 01 සහ සීසන් 02 සම්පූර්න කතා මාලාවම, අප්ලෝඩ් කරන්න ටිකක් වෙලා ගියත් මේ හරහා ඔයාලට දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මේ සීරීස් එක ගේම්ක් නැතුව.

කතාව ගැන කියන්න කලින් නොදන්න අය ඉන්නවානම් එයාලටත් දැන ගන්නත් එක්ක මේ ගැන පොඩ්ඩක් විස්තර කලොත් හොදයි කියලා හිතෙනවා, මේක ඇක්ෂන්, ඇඩෙවෙන්චර් සහ ෆැන්ටසි ගනයට අයත් වෙන ටීවී සීරීස් එකක්,මේ කතාමාලාවට පදනම් වෙලා තියෙන්නේ W. Morgan Thomas විසින් රචනා කරන ලද Queen of the Jungle කියන කෘතිය,1950 වසරේදී මේ නමින්ම ටීවී සීරීස් එකක් නිර්මානය කෙරුනා,21 වන ශත වර්ශයට ගැලපෙන ආකාරයට අලුතින් මේකේ චරිත යොදාගන කරපු සීරීස් එක තමයි මේක, සම්පූර්න සීසන් 02කින් සමන්විත වන මෙහි පලවෙනි සීසන් එකේ කතාංග 22ක් සහ දෙවන සීසන් එකේ කතාංගයන් 13ක් අන්තර්ගතයි,මෙහි ප්‍රධාන චරිත දෙක රගපානු ලබන්නේ Gena Lee Nolin සහ John Allen Nelson විසින්,මේ කතාමාලාවේදී ෂීනාට තියනවා පුදුමාකාර බලයක් , ඒ තමයි කැලේ සිටින ඕනෑම සත්වයකුගේ වේෂයක් ගැනීමට ඇති හැකියාව, වැඩි විස්තර කියන්න කලින් පහලින් අපි දාලා තියනවා මේ සීරීස් එකේ ට්‍රේලර් එක ඒක බලලම ඉන්නකෝ.


මේ කතා මාලාවේ ආරම්භය ගැන කියනවානම් ෂීනාගේ දෙමව්පියෝ පුරාවිද්‍යාඥයින් දෙදෙනෙක් ඒත් කැලෑවේදී මේ දෙදෙනා මියයන විට ෂීනාගේ වයස අවුරුදු 06ක් පමනයි,මේ නිසා අනාථ බවට පත්වෙන ඇයව හදාවඩා ගැනීම සදහා ගෙනයනු ලබන්නේ කාලි නැමැති යකදුරෙක් විසින්, ඇය එහි ජීවත්වන ස්වදේශික ගෝත්‍රිකයකට අයත් කෙනෙක්, පස්සේ ෂීනාට ඔවුන් කියාදෙනවා ඔවුන්ගේ ගෝත්‍රික රහස්, ඒ අතරට විවිධ සතුන්ගේ වේශයන් මවා ගැනීමද ඇතුලත්, කාලයත් සමග ඇය විවිධ සතුන් සමග මිතුරු වෙනවා, ඒ අතරට සීබ්‍රාවන්,ඇතුන්,වදුරන් ආදී විවිධ වර්ගයේ සතුන් ඇතුලත් වෙනවා, මේ අකාරයට නොයෙක් දස්කම් වලින් පරිපූර්න වන ඇය අවසානයේදී පුරාවෘත්තවල සදහන් වන මිත්‍යා මැවිල්ලක් බවට ගෝත්‍රිකයන් විසින් සලකනු ලබනවා, ඒකේ නම තමයි The Darak’na කියන්නේ, මේ නිසා ඇය ඇගේ ශරීරය තද කළු මඩ වර්ගයකින් සම්පූර්නයෙන්ම වසා ගන්නවා, මෙ හේතුව නිසාම ඇයව කැලය තුලදී දකින්න ලැබෙන්නේ නැහැ මොකද කැලය සහ ඇගේ මේ පාට අතර තියන තද බව නිසා,කෙමෙන් කෙමෙන් තමන් සතු අසාමාන්‍ය කාය ශක්තිය, කඩිසර බව හා වේගය, සතුන්ගේ ඇටකටු ආශ්‍රයෙන් සාදා ගන්නා ලද ආයුධ ආදිය නිසා ඇය භයංකාර චරිතයක් බවට පත්වෙනවා.

මේ සීරීස් එකේ පලවෙනි කතාංග වලදී ඇයට හමු වෙනවා  Matt Cutter ව, ඔහු වෘත්තියෙන් සෆාරි කරන කෙනෙක් , මේ නිසා ඔහු ගුවනින් , ජලයෙන්, සහ ගොඩබිමින් සංචාරකයන් රැගෙන යනවා කැලෑවේ ලස්සන පෙන්නන්න,කලකදී පාපන්දු ක්‍රීඩකයකු වූ ඔහු පාදයේ ආබාධයක් නිසා ක්‍රීඩාවෙන් අයින් වෙලා තියෙන්නේ,පසු කාලීනව ඔහු ඇමරිකානු රහස් ඔත්තු සේවය වන CIA එකට බැදිලා තියෙන්නේ Jericho යන සංකේත නාමය නැත්නම් කෝඩ් නේම් එක යටතේ, පසුකාලීනව ඔහුගේ වෘත්තිය වෙලා තියෙන්නේ CIA එක සදහා කුලියට මිනී මැරීම, මේ අතරම ඉතා දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවකු වන ඔහුගේ අතින් වන වැරදීමක් නිසා අහිංසක පුද්ගලයකු මරණයට පත්වෙනවා, මේ නිසා මහත් සිත් තැවුලකට පත්වන ඔහු ඒ සියල්ල අමතක කර දමා අලුත් ජීවිතයක් පටන් ගන්නවා.

මේ දෙදෙනාගේ පලමු හමුවීමේදී ෂීනාට හිතාගන්න බැරිවෙනවා හරියටම ඔහු මොනවද කරන්නේ වගේම ඇය ඔහුව ඒ තරමත්ම විශ්වාස කරන්නේ නැහැ, මොකද ඇය තමයි කැලයේ ආරක්ෂිකාව ඒ වගේම ඇයට ඔහුව පේන්නේ මුදලට ඕනිම දෙයක් කරන්න පසුබට නොවන ජාතියේ කෙනෙක් විදියට, කතාංග කිහිපයකදී මේ දේ වඩාත් ඉස්මතු වෙන්නේ ඔහු කිසිවක් නොදැන මිනීමැරීම් කිහිපයකට සම්භන්ධවීමත් සමගයි, කෙසේ වෙතත් කාලයත් සමග මේ දෙදෙනා අතර සම්භන්ධයක් ගොඩනැගෙනවා . මේ ආකාරයට තමයි මේ කතාමාලාව ගලාගන යන්නේ .

මේ කතා මාලාව අතරතුර විවිධ සිද්ධීන් රැසක් වෙනවා, ඒ අතරට ගෝත්‍රික ගැටුම්, සංචාරකයන් වේශයෙන් පැමිනෙන සතුරන් වගේම විවිධ ත්‍රාසජනක සිද්ධීන් රාශියක්ම ඇතුලත් වෙනවා, මේ නිසාම කම්මැලි නැතිව බලන්න පුලුවන් ටීවී සීරීස් එකක් කියලා කියන්න පුලුවන් මේක, කෙසේ වෙතත් මේ ටීවී සීරීස් එක IMDB දර්ශකයේ නම් හිමිකරගන තියෙන්නේ 5.6ක රේටින් එකක්, කෙසේ වෙතත් මේ ටීවී සීරීස් එක හරහා ඔයාලට බලන්න පුලුවන් අප්‍රිකාවේ සුන්දර දර්ශන පෙලක් හැම එපිසෝඩ් එකකම වගේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගන බලන්න. ඒත් එක්කම මේ ටීවී සීරීස් එකත් එක්ක අපි දීලා තියනවා මේ සීරීස් එකම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදියේ ඩිරෙක්ට් ලින්ක්ස්, ඒ හරහා සීසන් දෙකම ඔයාලට ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන බලන්න පුලුවන්.

ඒ වගේම මේක ඩවුන්ලෝඩ් කරගන්න අපහසුකම් තියන අයට පුලුවන්කම තියනවා අපේ හෝම් ඩිලිවරි සර්විස් එක හරහා මේ සීරීස් එකම ඉතා අඩු මුදලකට ගෙදරටම ගෙන්න ගන්න ඒ සදහා පහල තියන අපේ මේල් ඇඩ්‍රස් එකට් මේල් කරලා හරි එහෙමත් නැත්නම් අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා හරි වැඩි විස්තර දැන ගන්න පුලුවන්.පහල දාලා තියන ලින්ක් එකට ගිහින් මේ සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කරන ඩිරෙක්ට් ලින්ක්ස් ටික ඔයාලට ගන්න පුලුවන් කම තියනවා.


ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service