A+ A-

Mr Robot Complete TV Series

Mr Robot Complete TV Series Download With Sinhala Subtitles


ටීවී සීරීස් වල ගොඩක් වෙලාවට තියෙන්නේ ඇක්ෂන් නැත්නම් රොමැන්ටික් වගේ ඒවනේ , ගොඩක් වෙලාවට මේකට හේතුවෙලා තියෙන්නේ ගොඩක් දෙනා නරඹන්න කැමති මේ වගේ ඒවා නිසා, කොහොම වුනත් මේ වර්ගවලට අයත් නොවන තවත් වර්ගයක් තියනවා සීමිත පිරිසක් විතරක් බලන්න කැමති වගේම හොය හොයා ඉන්න, ඒ තමයි පර්ගණක හැකර් නැත්නම් තොරතුරු තාක්ෂනය ආශ්‍රිතව සිදුවන හැකර් ක්‍රියාකාරකම් ආශ්‍රිතව නිෂ්පාදනය වෙලා තියන ටීවී සීරීස්, මේවා සාමාන්‍යයෙන් අඩු ගනන්ක් තමයි දැනට රිලීස් වෙලා තියෙන්නේ ඒත් ෆිල්ම්ස් නම් ගොඩක් රිලීස් වෙලා තියනවා, මේ සම්භන්ධයෙන් නිෂ්පාදනය වෙලා තියන ටීවී සීරීස් අතරින්  Mr Robot කියන මේ සීරීස් එක ප්‍රධාන තැනක් හිමිකරගන්නවා වගේම දැනට මේකට බයිස්කෝප් සයිට් එක මගින් සිංහල උපසිරැසි දීලා තියන නිසා ලේසියෙන්ම ඒවත් දාගන මේක බලන්න පුලුවන්.

තව දුරටත් වැඩි විස්තර කියනවානම් මේ ටීවී සීරීස් එක Sam Esmail විසින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ, Elliot Alderson තමයි මේ සීරීස් එකේ වැඩර් වෙන්නේ නැත්නම් ඔහු තමයි හැකර්කරුවා, ඔහු සයිබර්නෙටික්ස් නැත්නම් අන්තර්ජාලය සහ ඒ ආශ්‍රිත තාක්ෂනය සම්භන්ධයෙන් ඉංජිනේරුවෙක් නැත්නම් විශාල දැනුමක් සතු අයෙක්, එකම අවුලකට තියෙන්නෙ මොහු social anxiety disorder කියන රෝගයෙන් පෙලීම විතරයි, social phobia කියන නමිනුත් හදුන්වන මේක මානසික රෝගයක් කියලා කියන්න පුලුවන්, මේකෙදී වෙන්නේ සමාජය නැත්නම් සමාජය ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් සදහා දක්වන අනිසි බිය, මේ රෝගයෙන් පෙලෙන සමහර පුද්ගලයින් මේක නැති කරගන්න විවිධ මත්ද්‍රව්‍ය වර්ග සහ මත්පැන් පානය කරන්න පෙලඹෙනවා.අනික් අතට සාමාන්‍ය මනෝ විද්‍යාවේදී විශාදය කියලා හදුන්වන මානසික රෝගයත් යම් තරමකට මොහුට වැලදිලා තියනවා, මෙයා සම්භන්ධ වෙනවා  Mr Robot  නමින් හදුවනු ලබන  insurrectionary anarchist ත් එක්ක, මේක එක්තරා ආකාරයක හැකර්වරුන්ගෙන් සමන්විත වන සමාජයක් වගේ දෙයක්,මේ කන්ඩායමේ ප්‍රධාන අරමුණ වෙන්නේ එක් එක් පුද්ගලයන් අරන් තියන ණය මුදල් මුදල් ගෙවලා ඉවර කරන එක, ඒත් ඒ වැඩේ වෙන්නේ ඒ මුදල් ගෙවලා ඉවර කරලානම් නෙමෙයි, එයාලා කරන්නේ අදාල මූල්‍ය සමාගම්වල තියන ඒ ඒ වාර්තාවන් අදාල පරිගණකයන් වල තියන ඩේටාබේස් හැක් කිරීම හරහා ඩිලීට් කර දැමීම මගින්.

වැඩි විස්තර කියන්න කලින් මේ ටීවී සීරීස් එකට අදාලව රිලීස් කරලා තියන ට්‍රේලර් එක පහල දාලා තියනවා, ඒකත් බලලම ඉන්න.

 Trailer


මේකේ පලවෙනි එපිසෝඩ් එක නැත්නම් කතාව පටන් ගන්න පරිච්චේදය ගැන සැකෙවින් විස්තර කරනවානම්,මේ කතාවේ ප්‍රධානියා නැත්නම් Elliot Alderson වැඩ කරනවා අන්තර්ජාල ආරක්ෂාවස් සම්භන්ධ ආයතනයක, මේ ආයතනයේ නම තමයි Allsafe කියන්නේ, එක්තරා දවසක රාත්‍රියේ ඔහු සමාජ ජාල ආශ්‍රිත වෙබ් අඩවි හැක් කරනවා, මේ හරහා අදාල පෞද්ගලික එක්වුන්ට වල තියන පෞද්ගලික විස්තර, බැංකු ආශ්‍රිත විස්තර, සහ මේවාවල තියන සමාගම්වලට සහ ඒවාවල වැඩ කරන අයගේ විස්තර පවා, එතනින් නොනැවතී ඔහු හැක් කරනවා මත්ද්‍රව්‍ය වෙලදාම් කරන අයගේ විස්තර පවා,  ඒ අතරේ Allsafe වල ප්‍රධානතම සේවාදායකයෙක් වන  E Corp ආයතනයට හදිසියේම DDOS ඇටෑක් එකක් එල්ලවෙනවා ඔහු මේ හැක් කිරීම නවත්වපු විගසම, මේ ගැන සොයාබැලුවහම ඔහු දැනගන්නවා fsociety00.dat කියන නම තියන මැල්වෙයාර් වර්ගයට අයත්වන ෆයිල් එක E Corp සර්වර් පරිගණකය තුල හැංගිලා නැත්නම් හිඩ්න් වෙලා තියනවා කියලා, Mr. Robot සමාජයේ නායකයා (මොහු කවුද කියලා කවුරුත් දන්නේ නැහැ) එලියට්ව කන්ටැක්ට් කරනවා නැත්නම් ඔහුට කතා කරනවා මේ අතරතුරදී, මොකද ඔවුන් මේ කාලයේ තමයි පටන් ගන්න යන්නේ ඔවුන්ගේ විප්ලවවාදී වැඩපිලිවෙල නැත්නම් අපි කලින් කිව්වා වගේ ණය මුදල් මූල්‍ය සමාගම්වලින් හැක් කිරීමේ වැඩපිලිවෙල, ඔහු එලියට්ට ආරාධනා කරනවා මේ වැඩපිලිවෙලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා, මුලදී යම් අකමැත්තක් ප්‍රකාශ කලත් ක්‍රම ක්‍රමයෙන් එලියට් මේ වැඩපිලිවෙලට සම්භන්ධ වෙන්න කැමති වෙනවා, එලියට්ගේ පලවෙනි ප්‍රොජෙක්ට් එක හැටියට ලැබෙන්නේ FBI එකත් එක්ක සම්භන්ධ කේතනය කරන ලද නැත්නම් Encrypt කරපු ෆයිල් එකක් සම්භන්ධ වැඩක්……

මේ ආකාරයට පටන් ගන්න මේ කතා මාලාවේ දැනට සීසන්ස් දෙකක් නිකුත් වෙලා තියනවා වගේම තුන්වන සීසන් එක පටන් ගන්න නියමිත වෙලා තියනවා, ඉදිරියේදී මේ හැම සීසන් එකටම අදාල වගේම  සිංහල සබ්වලට ගැලපෙන වීඩීයෝ පිටපත ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය කරන ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් අපි ලබාදෙනවා, මොකද ඒ හරහා ටොරන්ට් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතිව ඔයාලට මේ කතා මාලාවන් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් , දැනටමත් කතා මාලාවන් රැසකටම අදාල ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් දීලා තියනවා වගේම අනාගතයේදී මේ වගේ තව ගොඩකට අදාල ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න තමයි හිතාගන ඉන්නේ

ඒ වගේම මේ හැම කතා මාලාවක්ම  ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් නැති අයට පුලුවන් අපේ හෝම් ඩිලිවරි සර්විස් එක හරහා අදාල ෆයිල්ස් ගෙදරටම ගෙන්න ගන්න, ඒ ගැන වැඩි විස්තර පහල තියන ලින්ක් එකට ගිහින් බලාගන්න පුලුවන් වගේම ඒකේ තියන කන්ටැන්ට් හරහා අපිත් එක්ක සම්භන්ධ වෙන්නත් පුලුවන්කම තියනවා.

මේ කතා මාලාවට අදාල ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් පහලින් දීලා තියනවා, සම්පූර්නයෙන්ම අපේ ඩිරෙක්ට් ලින්ක්ස් දීලා තියෙන්නේ අප්ටුබොක්ස් හරහා ඒ නිසාම අපේ ඔන්ලයින් ප්‍රීමියම් ලින්ක් ජෙනරේටර් එක යූස් කරලා අවශ්‍ය අයට ඩිරෙක්ට් හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් ලින්ක්ස් නොමිලේම ජෙනරේට් කරගන ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්කම තියනවා, දැනට නොමිලේ භාවිතා කරන්නන් සදහා සීමාවන් සහිතව දීලා තියන මේක අවශ්‍ය අයට අන්ලිමිටඩ් ලබාගන්නත් පුලුවන්, ඒ සදහා අපිට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුලුවන්.

Mr Robot Season 01 - 02
Total Size - 12.41GB
Password - www.ceelanka.org