A+ A-

Is file sharing or torrents illegal

Is it Legal Or Illegal To Download Files From Torrent Or Through File Sharing Sites?

Is file sharing or torrents illegal


ගොඩක් දෙනා ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න භාවිතා කරන මාධ්‍යයක් තමයි ටොරන්ට් කියන්නේ ඒ වගේම සමහර අය මේ සදහා ෆයිල් ෂෙයාරින් සර්විසස් භාවිතා කරනවා මේ දෙකේ වෙනසක් තිබුනත් පොදුවේ ගත්තහම මේ දෙකම ෆයිල්ස් හුවමාරු කිරීමට නැත්නම් ඩවුන්ලෝඩ් කිරීමට භාවිතා කරන ක්‍රම දෙකක්, සමහර විට ඔයාලට මතක ඇති මීට කලින් තිබුනු ෆයිල් ෂෙයාරින් සයිට්ස් කිහිපයක්ම තහනම් කිරීමකට ලක්වුනා ඒ අතරට මෙගා අප්ලෝඩ් (Mega Upload)සහ ෆයිල් සර්ව් (Fileserve) කියන ඒවා විශේෂයි මොකද විශාල ජනතාවක් මේ හරහා ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගත්තු නිසා ඊට අමතරව ටොරන්ට්ස් සයිට් රැසක්ද මේ ආකාරයටම තහනම් කිරීමට ලක්වුනා ඒ අතරට පයිරේට් බේ (The Pirate Bay), අයි එස් ඕ හන්ට් (ISO Hunt) වගේ ඒවා ප්‍රධානයි ඒ වගේම මේකේ ආසන්නතම සිද්ධිය මීට ස්වල්ප දිනකට පෙර සිදුවුනා ඒ තමයි ලෝකයේ දැනට අංක එකේ ටොරන්ට්ස් අඩවිය ලෙස තිබුනු ක්කෑස් ටොරන්ට්ස් Kickass Torrents අඩවිය ඇමරිකාව විසින් තහනම් කලා පමනක් නොව ඊට අදාල ඩොමේන් නේම් සියල්ලම තහනම් කරනු ලැබූවා මේ ගැන වැඩි විස්තර අපි මීට කලින් පෝස්ට් කලා Kickass Torrent Is Banned අදාල පෝස්ට් එකට ගිහින් ඔයාලට ඒ ගැන වැඩි විස්තර බලාගන්න පුලුවන් ඇයි ඒ සයිට් එක තහනම් කලේ කියන එක, කොහොම වුනත් අපි අද මේ පෝස්ට් එක ලියන්නේ ඒ ගැන කියන්න නෙමෙයි, අද වන විට සමාජයේ ගොඩක් දෙනා අතර සැකයක් වගේම එකිනෙකට වෙනස් අදහස් රැසක් තියනවා ඔයාලා ටොරන්ට්ස් හරහා ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන එක නීති විරෝධීද ඒ වගේම ඒකට විරුද්ධව ඔයාලට නීතිමය පියවරක් ගැනීමේ හැකියාවක් තියනවද කියන එක ගැන, ටොරන්ට් වගේම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සයිට් වල තියන ෆයිල්ස් ගැන පවා මේ සැකය මේ ආකාරයෙන්ම තියනවා, අද අපි මේ හරහා කියන්න යන්නේ මේ කාරණාව ගැන නීතිමය පැත්ත සහ ඒක හරිද වැරදිද කියන එක ගැන පැහැදිලි කිරීමක්, ගොඩක් දෙනාට මේක ලොකු උදව්වක් වෙයි හරියටම මේ දේ ගැන දැනගන්න සහ පැහැදිලි කරගන්න



Is file sharing illegal?

ටොරන්ට් ගැන සලකා බැලීමට පෙර අපි කතා කරමු ෆයිල් ෂෙයාරින් සයිට්ස් ගැන එහෙමත් නැත්නම් ඩිරෙක්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්නා වෙබ් අඩවි සම්භන්ධයෙන්, මේ අතරට ගැනෙන දැනට පවතින ප්‍රධාන පෙලේ වෙබ් අඩවි තමයි අප්ලෝඩඩ්, රැපිඩ්ගැටර්, අප්ටුබොක්ස් (Rapidgator, Uploaded, Uptobox) වගේ ඒවා, ඔයාලා කෙලින්ම අහනවානම් මේ වගේ සයිට්ස් වලින් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න එක නීති විරෝධී දෙයක්ද කියලා පිලිතුර තමයි ඒක නීති විරෝධී දෙයක් නෙමෙයි කියන එක, ඇමරිකාව ඇතුලුව කිසිම රටක මේ වගේ ෆයිල් ෂෙයාරින් සයිට්ස් පවත්වාගන යාම හෝ ඒ හරහා ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගැනීම නීති විරෝධී දෙයක් වෙන්නෑ, කෙසේ වෙතත් ඔයාලා මේ හරහා කොපිරයිට් කරපු නැත්නම් ඔබට අයිති නැති සහ වෙනත් කෙනෙක් ප්‍රකාශන අයිතිය ලබාගන ඇති දෙයක් වෙනත් අය සමග හුවමාරු කරනවානම් ඒ දේ තමයි නීති විරෝධී වෙන්නේ, ලෝකයේ බොහෝ ප්‍රදේශවල සහ බහුල වශයෙන් මේ ගනයට වැටෙන දේවල්වලට උදාහරන කිහිපයක් පහලින් අපි දක්වලා තියනවා.

  • කර්තෲ විසින් ප්‍රකාශන අයිතිය ලබාගන ඇති ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කිරීම හෝ අන් අය සමග හුවමාරු කිරීම
  • ප්‍රකාශන අයිතිය ඇති සිංදු ඔබ මුදල් ගෙවා ලබාගන තියනවානම් ඒවා ඔයාලට අහන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒත් ඒවා එසේ මිලදී නොගත් අය සමග මේ වගේ සයිට්ස් හරහා හුවමාරු කිරීම
  • ප්‍රකාශන අයිතිය සහිත පරිගණක ක්‍රීඩා සහ වැඩසටහන් ආදී දේවල් හුවමාරු කිරීම
  • ප්‍රකාශන අයිතීන් සහිත ටීවී සීරීස් සහ ඊට අදාල එපිසෝඩ්ස් මේ ආකාරයේ අඩවි හරහා හුවමාරු කිරීම


Is Torrent Sites are illegal?

ඔයාලට පැහැදිලි වෙන්නති ෆයිල් ෂෙයාරින් සයිට්ස් හරහා ෆයිල් හුවමාරු කිරීම සහ ඩවුන්ලෝඩ් කිරීම නීති විරෝධී වන්නේ මොන තත්වයන් යටතේද කියන එක ගැන, දැන් ඊලග ප්‍රශනේ තමයි එතකොට ටොරන්ට් හරහ ෆයිල්ස් ෂෙයා කිරීම හෝ ඩවුන්ලෝඩ් කිරීම නීත්‍යානුකූලද නැද්ද කියන එක, ඇත්ත වශයෙන්ම කියනවානම් ෆයිල් ෂෙයාරින් සයිට්ස් වලට වඩා විශාල ප්‍රමාණයක දෙනෙක් භාවිතා කරන මාධ්‍යයක් තමයි ටොරන්ට්ස් කියන්නේ මේකට හේතු ගොඩක් තිබුනත් සරලතම හා ප්‍රධානතම හේතුව වන්නේ ටොරන්ට්ස් බොහෝ විට නොමිලේ ලබාගත හැකි වීම සහ ඩවුන්ලෝඩ් කිරීමට හැකිවීමයි, එතකොට ටොරන්ට් නීති විරෝධීද? පිලිතුර තමයි ටොරන්ට් කියන්නේ සිස්ටම් එකක් නැත්නම් ෆයිල්ස් එකිනෙකා සමග හුවමාරු කිරීම සදහා සාදා ඇති මාධ්‍යයක් ඒක නීති විරෝධී දෙයක් වෙන්නෑ ඒත් අපි කලින් කිව්වා වගේ ඔයාලා ෂෙයාර් කරන්නේ හෝ ඩවුන්ලෝඩ් කරන්නේ ප්‍රකාශන අයිතිය වෙන කෙනෙක් ලබාගන ඇති දෙයක් නම් ඒක නීති විරෝධී දෙයක් වෙනවා, ඒ නිසා සරලව කියනවානම් ඔයාලා ටොරන්ට් හරහා ෆිල්ම්ස් , ගේම්ස් වගේ ඒවා ඩවුන්ලෝඩ් කරන එක වැටෙන්නේ නීති විරෝධී දෙයක් විදියට.



What Does My Internet Provider See When I’m Downloading Torrents?

මේත් එක්කම තව ප්‍රශ්නයක් සමහරු අහන්න පුලුවන් නැතනම් දන්නැති වෙන්න පුලුවන් ඒ තමයි කෙනෙක් නැත්නම් ඔයාලා ටොරන්ට් භාවිතා කරලා කිසියම් දෙයක් ඩවුන්ලෝඩ් කරද්දී ඔයාලගේ ISP නැත්නම් ඉන්ටර්නෙට් සර්විස් එක දෙන ආයතනය මොනවද දකින්නේ කියන එක, ගොඩක් දෙනාට මේ ප්‍රශ්නේ ආවත් මේකට පිළිතුරක් හම්බවුන්නෑ වෙන්න පුලුවන් තවමත් ඒ නිසා ඒ ගැනත් පොඩි හැදින්වීමක් අපි කරන්නම්, මේ දේ අදාල ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුලුවන් ඒත් පොදුවේ ගත්තහම මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ.

ඇත්ත කතාව තමයි අද කාලේ වන විට ඔයාලගේ ISP නැත්නම් ඉන්ටර්නෙට් සම්භන්ධතාවය ලබාදීලා තියන ආයතනය හොයන්න යන්නෑ ඔයාලා මොනවද ඩවුන්ලෝඩ් කරන්නේ කියන එක ගැන කිසිම් වෙලාවක,එක්තරා අකාරයකට ඒ වගේ දෙයක් කරන්න පුලුවන් එයාලට ඒත් එයාලා සාමාන්‍යයෙන් එහෙම කරන්නෑ. ඒ නිසා කවුරුහරි කිව්වානම් නැත්නම් ඔයාලා හිතාගන ඉන්නවානම් එයාලට පේනවා කියලා හෝ එහෙමත් නැත්නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරන ටොරන්ට් ගැන වාර්තා තියාගන ඉන්නවා කියලා ඒක බොරු කතාවක් එහෙම දෙයක් වෙන්නෑ, ඒත් ඒ වෙනුවට එයාලා වෙන දෙයක් කරනවා ඒ තමයි මාසිකව හෝ එක්තරා කාල පරාසයකට අදාලව ඔයාලා භාවිතා කරන බෑන්ඩ්විත් එක එහෙමත් නැත්නම් පාවිච්චි කරන GB ගාන එයාලා මනිනවා, මෙතනදී එයාලට චෙක් වෙනවා ඔයාලගේ පරිගණකයට මොනතරම් ට්‍රැෆික් එකක් නැත්නම් මොනතරම් GB ගානක් හුවමාරු වෙනවද කියලා, මෙන්න මෙතනදී එයාලට ඒ ට්‍රැෆික් එක වර්ග කිරීමකට ලක් කරන්න පුලුවන් ඔයාලා භාවිතා කරන GB ගානින් කොච්චරක් ඊමේල්ස් වලට යනවද, වීඩියෝ චැට් වලට යනවද, ඔන්ලයින් ගේම්ස් වලට යනවද මේ ආකාරයට සම්පූර්න ට්‍රැෆික් එක වර්ග කිරීමකට ලක්වෙනවා.



මේ වගේ අවස්ථාවකදී එයාලට පෙනුනොත් ඔයාලගේ ට්‍රැෆික් එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් බිට් ටොරන්ට් නැත්නම් ටොරන්ට්ස් වලට වැයවෙනවා කියලා අන්න එතනදී එයාලගේ පැත්තෙන් එයාලා ඇක්ෂන් එකක් ගන්නවා, ගොඩක් වෙලාවට මෙතනදී කරන්නේ ඔයාලගේ ස්පීඩ් එක එක්තරා ආකාරයකින් අඩු කිරීමක්, සමහර විට ඔයාලට යාලුවෝ කියලා ඇති කලින් හොදට ඩවුන්ලෝඩ් වුනා දැන් ස්පීඩ් එක අඩුවෙලා වගේ කියලා, ඉතින් දැන් ඔයාලා දන්නවා ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක සහ ඒකට හේතුව මොකකද කියන එක ගැන, මෙතනදී ISP ආයතන බලන්නෑ ටොරන්ට් හරහා ඔයාලා ඩවුන්ලෝඩ් කරන්නේ ලිනක්ස්ද එහෙමත් නැත්නම් බැට්මෑන් ගේම් එකද කියලා ඒ කියන්නේ එයාලා බලන්නෑ ඔයාලා ඩවුන්ලෝඩ් කරන්නේ නීත්‍යානුකූල ඒවද එහෙමත් නැත්නම් නීති විරෝධී ඒවද කියන එක, එයාලා සලකා බලන්නේ එක කරුණක් ගැන විතරයි ඒ තමයි එයාලගේ නෙට්වර්ක එකේ වේගය පාලනය කිරීම මොකද ගොඩක් දෙනා මේ ආකාරයට ටොරන්ස් භාවිතා  කලොත් අනිවාර්යෙන්ම ISP හරහා අනෙකුත් දෙනාට ලැබෙන වේගයේ අඩුවීමක් අනිවාර්යෙනම සිද්ධ වෙනවා, ඒ නිසා තමයි එයාලා ඔයාලා ඩවුන්ලෝඩ් කරන වේගන අඩු කිරීමක් සිද්ධ කරන්නේ මොකද ඒ හරහා විතරයි එයාලගේ නෙට්වර්ක් එකේ වේගය පාලනය කරන්න පුලුවන් වෙන්නේ.

මෙකේ කේස් එක තියෙන්නේ ISP නෙමෙයි, ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා ඩවුන්ලෝඩ් කරනවානම් කලින් අපි කියපු ආකාරයේ ප්‍රකාශන අයිතිය ලබාගන තියන ෆයිල්ස් එතනදී නම් ප්‍රශ්නයක් තියනවා අනිවාර්යෙනම, ඒ කියන්නේ ඒ ඒ ආයතන බලනවා ඔන්ලයින් තමන්ගේ ෆයිල්ස් හුවමාරු වෙනවද කියලා නීති විරෝධී ආකාරයන්ට, මෙතනදී එයාලා කරන්නේ ටොරන්ට්ස් වල එයාලගේ ෆයිල්ස් තියනවද බලලා එයාලම ඒවා ඩවුන්ලෝඩ් කරනවා එතනදී එයාලට බලාගන්න පුලුවන් කම තියනවා ඒ හරහා ඩවුන්ලෝඩ් කරන අනික් යූසර්ස්ලගේ විස්තර, උදාහරණයක් හැටියට ඔයාලටම මේක ගෙදරදී බලාගන්න පුලුවන් , කරන්න තියෙන්නේ ඔයාලා ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන අවස්ථාවකදී අදාල ටොරන්ට් සොෆ්ට්වෙයාර් එකේ “More Info” කියන එක හරහා ඔයාලට බලාගන්න පුලුවන් ඒකට සම්භන්ධ වෙලා ඩවුන්ලෝඩ් කරන අනික් යූසර්ස්ලට අදාල විස්තර මෙතනදී IP Address වගේ ඒවා ගැන විස්තර ලේසියෙන්ම ලබාගන්න පුලුවන්, මෙහෙම අයි පී ඇඩ්‍රස් එයාලා ලබාගත්තට පස්සේ කරන්නේ අදාල ඇඩ්‍රස් එක හිමි ISP ආයතනයට එහෙමත් නැත්නම් ඔයාලගේ ඉන්ටර්නෙට් සම්භන්ධතාවය අයිති සමාගමට ලියුමක් යවනවා මේ වහේ දෙයක් වුනොත් සමහරවිට ඔයාලට අදාල ඉන්ටර්නෙට් සමාගම හරහා ලියුමක් එන්න පුලුවන් නීති විරෝධී ආකාරයෙන් ඔයාලා ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරද්දී අහුවෙලා තියනවා කියන එක ගැන කියලා.මේකෙදී පලවෙනි ලියුම ගොඩක් වෙලාවට එන්නේ අනතුරු ඇගවීමක් විදියට ඒත් ඔයාලා දිගටම ඒ දේ කරලා අහුවුනොත් ඔයාලට ලබාදීලා තියන ඉන්ටර්නෙට් සම්භන්ධතාවය විසන්ධි කරන්න පුලුවන් වගේම ඔයාලා ගොඩක් අවාසනාවන්ත වුනොත් විශාල ප්‍රමාණයේ මුදල් ගෙවීමක් කරන්නත් සිද්ධ වෙන්න පුල්වන් ඔවුන්ට වන්දි ගෙවීමක් වශයෙන්.කෙසේ වෙතත් මේ සම්භන්ධයෙන් වන නීතිමය ක්‍රියාමාර්ගයන් අදාල රටේ නැත්නම් අදාල ප්‍රදේශයේ හෝ පලාතේ තියන නීති එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ, මේ වගේ ප්‍රකාශන අයිතීන් සහිත ෆයිල්ස් ඔයාලා ඩවුන්ලෝඩ් කරනවානම් ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි පලවෙනි හෝ දෙවන අවස්ථාවේදී පොඩි ප්‍රමානයක දඩ මුදලකට යටත් වීම, මේකෙදී කරනේ ඔබට ඒ සම්භන්ධයෙන් අනතුරු ඇගවීමක් පමනයි, ඒක නිසා හිතන්න එපා එච්චරයි වෙන්නේ කොච්චර ඩවුන්ලෝඩ් කලත් කියලා, ඒ කියන්නේ ඔයාලා නොනවත්වාම මේ වගේ ඩවුන්ලෝඩ් කරනවානම් නැත්නම් මේ වගේ ෆයිල්ස් සිය ගනනක් ඩවුන්ලෝඩ් කරනවානම් ඔයාලට පැනවෙන දඩය ඉතා විශාල මුදලක් වෙන්න පුලුවන්.උදාහරණයක් හැටියට හොන් කොන් වලනම් මේ වගේ ප්‍රකාශන අයිතීන් සහිත ෆයිල්ස් ටොරන්ට් නෙට්වර්ක් එකක් හරහා හුවමාරු කිරීම අදාල පුද්ගලයාට අවුරුදු 04 ක කාලයක් හිරේ ඉන්න හේතුවක් වෙන්න පුලුවන්.

මේ හැම දෙයක්ම කියෙව්වට පස්සේ සමහරකුට හිතෙන්න පුලුවන් මේ මොනවා කිව්වත් මම මෙච්චර කාලයක් මෙච්චර ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කලා ඒත් තවම නම් මම ඕවට අහුවුන්නෑ කියන එක, ඒත් ඔයා දිගටම මේ දේ කරගන ගියොත් ඔයාට මේ වගේ දේකට මුහුණ දෙන්න පුල්වන් සහ එහෙම වෙන්න තියන ඉඩකඩ වැඩියි.

දැන් හිතෙන්න පුලුවන්නේ එහෙමනම් කොහොමද IP Address එක පේන්නැතිව ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නේ කියලා එතනදී අද වන විට ගොඩක් පරණ ක්‍රම වැඩ කරන්නේ මොකද අලුත් තාක්ෂනික ක්‍රම හරහා අදාල ඇඩ්‍රස් එක බලන්න පුලුවන් , DPI කියන්නේ මේ වගේ වෙනත් කෙනෙක් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්ද්දී එයාගේ අයි පී ඇඩ්‍රස් එක බලාගන්න පුලුවන් සිස්ටම් එකක්, කෙසේ වෙතත් ඔයාලට පුලුවන් ඕනිනම් හොද ප්‍රොක්සි සර්වර් එකක් භාවිතා කරන්න BTGuard කියන්නේ ඒ වගේ එකක්, මේ හරහා ඔයාලගේ අයි පී ඇඩ්‍රස් එක හංගනවා වගේම අදාල ඩවුන්ලෝඩ් වෙන ඩේටා පවා එන්ක්‍රිප්ට් කිරීමකට ලක්කරනවා.

How do I know if something is copyrighted?

කෙනෙකුට මෙහෙම හිතෙන්න පුලුවන්, කොහොමද දැනගන්නේ තමන් ඩවුන්ලෝඩ් කරන ෆයිල්ස් කලින් අපි කිව්වා වගේ ප්‍රකාශන අයිතිය තියන ඒවද නැද්ද කියන එක? කෙලින්ම මෙන්න මෙහෙමයි මේක දැනගන්නේ කියලා කියන්න තියන විදිය ටිකක් දිග එකක් වුනත් සරලව මේ ආකාරයට ඔයාලා කල්පනා කලොත් මේ ප්‍රශ්නෙට ලේසියෙන්ම උත්තරේ හොයාගන්න පුලුවන් , ඒ තමයි ඔයාලා ඩවුන්ලෝඩ් කරන දේ , ඒක සිංදුවක්, ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් මේ ඕනිම දෙයක් වෙන්න පුලුවන් ඒත් ඒ දේ සල්ලි දීලා ගන්න තියනවානම් ඒ කියන්නේ ඔයාලා ඩවුන්ලෝඩ් කරන්නේ ප්‍රකාශන අයිතිය ලබාගන තියන දෙයක් , ඒ දේ සල්ලි දීලා ගන්නැතිව නොමිලේ ඔයාලට ගන්න පුලුවන්නම් ( මේ වගේ සයිට්ස් හරහා නොවේ) එහෙනම් ඒක ප්‍රකාශන අයිතියක් තියන දෙයක් නෙමෙයි, මේ විදියට හිතුවොත් නිකම්ම ඔයාලට උත්තරයක් එනවා මේ ප්‍රශ්නෙට.මේ වගේ දේවල්වලට උදාහරණ කිහිපයක් පහලින් අපි දීලා තියනවා.මෙකේදී ඔයාලා ෆිල්ම්ස් වල ට්‍රේලර්ස් , ගේම්ස් වල ඩෙමෝ වර්ශන් වගේ ඒවා ඩවුන්ලෝඩ් කරගන්නවානම් ඒක නීති විරෝධී දෙයක් වෙන්නෑ ඒත් ඒ ක්‍රමයම භාවිතා කරලා ඔයා අදාල දේවල්වල ෆුල් වර්ශන් ඩවුන්ලෝඩ් කරනවානම් කිසිම මිලදී ගැනීමක් සිදු නොකර ඒක නීති විරෝධී දෙයක් විදියට තමයි සලකන්නේ.


  • ඔයාලට ඔන්ලයින් සල්ලි දීලා ගන්න පුලුවන් විදියට තියන ජනප්‍රිය සිංදු
  • ඩීවීඩී ආකාරයෙන් මිලදී ගැනීමට තිබෙන සහ ෆිල්ම් හෝල්වල ධාවනය වන චිත්‍රපට
  • බ්ලූ රේ හෝ ඒ ආකාරයෙන් මිලදී ගැනීමට තිබෙන ටීවී සීරීස්
  • මේ අකාරයටම සල්ලි දීලා කර්තෘගේ අඩවියෙන් හෝ ඒ සම්භන්ධ ස්ථානයකින් ගන්න තියන සොෆ්ට්වෙයාර් හෝ පරිගණක ක්‍රීඩා


ලිපිය ටිකක් දිග එකක් වුනත් හිතනවා ඔයාලා දැන් දන්නවා කියලා මේ ආකාරයට ටොරන්ට් සහ ෆයිල් ෂෙයාරින් සයිට් හරහා කරන ඩවුන්ලෝඩ් කිරීම්වල නීත්‍යානුකූල තත්වයන් හා ඒ සම්භන්ධ ක්‍රියාමාර්ගයන් ගැන අවබෝධයක් ඔයාලට ලැබුනා කියන එක, මේත් එක්කම තවත් එක කාරණයක් ගැන කියන්නම් , ඒ තමයි ඔයාලා දන්නවා දැන් බයිස්කෝප් වගේ සයිට්ස් ටොරන්ට් හෑෂ් නම්බර් එක පවා දෙන්නෑ කියලා ඒකට හේතුව දැන් ඔයාලට තේරෙනවා ඇති මොකද අලුත් ෆිල්ම්ස් ගොඩක් වෙලාවට එන නිසා ඒවාට අදාල ටොරන්ට් ෆයිල්ස් දෙනවා කියන්නේ ඒ හරහා සෘජුවම නොවුනත් වක්‍රාකාරයෙන් අදාල ෆයිල්ස් එක්තරා පිරිසක් තුල හුවමාරු වන නිසා ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය කෙරෙනවා කියන එක ඒ නිසා තමයි එයාලටත් සමහර අනතුරු ඇගවීම් නිකුත් කරලා තියෙනේ, දැන් කාටහරි හිතෙන්න පුලුවන් මේවා අපි හදපු ටොරන්ට් නෙමෙයි එහෙනම් ඇයි එවා දෙන ටොරන්ට් ෆයිල් හරි එහෙමත් නැත්නම් ෆයිල් ෂෙයාරින් සයිට් හරි තහනම් කරලා දාන්නැත්තේ කියන එක, ඒකට උත්තරේ තමයි මේ සිස්ටම් දෙකම තහනම් නැහැ, අපි කලින් කිව්වා වගේ ඔයාලගේ අයිතිය තියන ඔයා හදපු දෙයක් මේ හරහා හුවමාරු කරන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැහැ, ඒ නිසා කෙලින්ම ටොරන්ට් සයිට් හෝ ෆයිල් ෂෙයාරින් සයිට්ස් තහනම් කරන්න හැකියාවක් නැහැ, දැන් ඔයාලට හිතෙන්න පුලුවන් ඉතින් මේවාවලින් ඔය කිව්වා වගේ ප්‍රකාශන අයිති තියන ෆයිල්ස් ලක්ෂ ගානක් දෙනවනේ ඇයි ඒක නිසා තහනම් කරන්න බැරි කියලා, ඒකට හේතුව තමයි මේ වගේ සයිට් (ටොරන්ට් හෝ ෆයිල් ෂෙයාරින් සයිට්) සෘජුවම අදාල ෆයිල්ස් නිකුත් කිරීම කරන්නෑ ඒ කියන්නේ එයාලා කරන්නේ නොමිලේ යූසර් එකවුන්ට් දෙන එක එතකොට අදාල යූසර්ස්ලා තමයි මේ ආකාරයට ෆයිල්ස් නිකුත් කිරීම කරන්නේ , අදාල සිස්ටම් තහනම් නැති නිසා මේ  වගේ ටොරන්ට් හෝ ෆයිල් ෂෙයාරින් සයිට්ස් වලට කියන්න පුලුවන් අපි නෙමෙයි මේවා අප්ලෝඩ් කරලා තියෙන්නේ එක් එක් යූසර්ස්ලා තමයි කරලා තියෙන්නේ කියලා, එතකොට අදාල සයිට් එක තහනම් කරන එක කරන්න බැරි වෙනවා සෘජුවම.ඒ වෙනුවට කරන්න පුලුවන් වෙන්නේ අදාල යූසර්ස්ලා අප්ලෝඩ් කරලා තියන ෆයිල්ස් අයින් කිරීම හෝ එහෙමත් නැත්නම් අදාල යූසර් එකවුන්ට් එක ඩිලීට් කිරීම, ඒත් මේ වගේ සයිට්ස් වලට රෙජිස්ටර් වෙන්න සල්ලි ගෙවන්න ඕනි වෙන්නේ නෑනේ එක නිසා එක එකවුන්ට් එකක් තහනම් කලත් අදාල යූසර්ට පුලුවන්කම තියනවා තවත් එක්වුන්ට් එකක් හදාගන්න, එහෙම බැලුවහම කොච්චර නීතිමය තහනම් ආවත් මේ වගේ දේවල් නවත්තන්න පුලුවන් වෙයිද?