A+ A-

Delete Hiberfil.sys and Pagefile.sys

Can I Delete Hiberfil.sys & Pagefile.sys To Save Disk Space

Delete Hiberfil.sys and Pagefile.sys

තවත් වැදගත් දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ, ඊට කලින් මේකත් මතක් කරන්න ඕනි අපේ සයිට් එකේ තියන ලිපි ගොඩක් දිගයි, ඒකට හේතුව තමයි සියල්ලක්ම පැහැදිලි කරලා සම්පූර්න ලිපියක් අපි ඉදිරිපත් කරන්න ඕනි කියලා අපි හිතන එක ඒක නිසා වෙනත් සයිට් වලට වඩා දීර්ඝ ලිපි අපි ඉදිරිපත් කරන්නේ ඒක කියවන හැම කෙනෙක්ම ඒ හරහා යම් සම්පූර්ණ දැනුමක් ලබා ගනී කියන බලාපොරොත්තුව නිසා, ගොඩක් වෙලාවට පරිගණකයක් භාවිතා කරන ඔයාලා කැමති තමන්ගේ පරිගණකය ස්පීඩ් එක හොදින් සහ කිසි අවුලක් නැතිව වැඩ කරනවට,මේකෙදී ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි අනවශ්‍ය සහ තාවකාලික ෆයිල්ස් (temporary files) පීසී එකෙන් අයින් කරන එක, ඒ සදහා ගොඩක් දෙනා භාවිතා කරන්නේ CCleaner වගේ සොෆ්ට්වෙයාර් එකක්, මේ දේවල් ගොඩක් වෙලාවට කරන්නේ C ඩ්‍රයිව් එකට මොකද ඒක තුල තමයි මේ වගේ ෆයිල්ස් සහ පරණ දේවල්වල මතකයන් තබාගන ඉන්නේ, මේ හරහා බලාපොරොත්තු වෙන්නේ පරිගණකයක් මට සිලුටුව ක්‍රියාතමක වීම වගේම හොදින් ක්‍රියාත්මක වීම.

කෙසේ වෙතත් ඔයාලා භාවිතා කරනවානම් වින්ඩෝස් 7 සංස්කරනය හෝ ඊට ඉහල සංස්කරණයන් ඔයාලට අත්දකින්න හම්බවෙලා ඇති එක්තරා විශේෂිත ෆයිල්ස් දෙකක් මේ ක්‍රමයේදී ඩිලීට් වෙන්නෑ කියලා ඒ වගේම ඒ ෆයිල් දෙක සමහර වෙලාවට විශාල GB ගනනක් සහිත වෙන්නත් පුලුවන් වගේම ඕපන් කරන්නත් බැහැ, ඔයාලා මැනුවල් ඩිලීට් කරන්න හැදුවත් මේ ෆයිල්ස් සාමාන්‍යයෙන් කරන ඩිලීට් කිරීමකදී ඩිලීට් වෙන්නෑ, මේ ෆයිල් දෙකේ නම් තමයි hiberfil.sys සහ pagefile.sys කියන්නේ, සාමාන්‍ය තත්වයේදී නම් මේ ෆයිල්ස් පෙන්නන්නෑ ඒත් ඔයාලා Hidden Files ෂෝ කරලා බැලුවොත් මේ ෆයිල් දෙක පේන්න තියනවා, එහෙමත් නැත්නම් ඔයාලට භාවිතා කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි TreeSize කියන්නේ ඒ හරහා ඔයාලට පුලුවන් බලන්න එක් පාර්ටිෂන් එකක් ඇතුලේ තියන ෆයිල් සහ ඒවාවල සයිසස් වෙන වෙනම, ගොඩල් වෙලාවට ඔයාලගේ C ඩ්‍රයිව් එකේ නැත්නම් වින්ඩෝස් තියන පාර්ටිෂන් එකේ වැඩි ඉඩ ප්‍රමානයක් මේ ෆයිල් දෙක අත්පත් කරගන තියෙන්න පුලුවන් සමහර වෙලාවට ඔයාලම දකින්න ඇති C ඩ්‍රයිව් එකේ ගොඩක් ඉඩ භාවිතා කරලා තියනවා කියලා පෙන්නුවට ඔයාලා මැනුවල් ෆෝල්ඩර් වල සයිස් එක බැලුවහම එච්චර ප්‍රමාණයක එකතුවක් එන්නෑ කියලා, අද අපි කියන්න යන්නේ මොනවද මෙච්චර ඉඩක් ගන්න මේ ෆයිල් දෙක සහ ඒකෙන් කරන්නේ මොනවද වගේම ඒවා ඩිලීට් කරලා දාන එක හොදද නැද්ද කියන එක.මේකත් එක්ක තවත් එකක් කියන්න ඕනි ඒ තමයි සමහර වෙලාවට ඔයාලා නොදන්නවා ඇති හිඩ්න් වෙලා තියන ෆයිල්ස් ලේසියෙන්ම ඔයාලට මොනවද කියලා බලාගන්න පුලුවන් ලේසි ක්‍රමයක් තියනවා, මේකට ඒක අදාල නැති නිසා ඒ ගැන වෙනම පෝස්ට් එකකින් කියා දෙන්නම්.

මේ ෆයිල් දෙක ගැන හැදින්වීමක් කලොත් ප්‍රධාන වශයෙන්ම මේ ෆයිල් දෙකේ සයිස් තීරනය වෙන්නේ ඔයාලගේ පීසී එකේ තියන RAM එකේ සයිස් එක නැත්නම් ධාරිතාවය මත, මොකද ස්වයංක්‍රීයව මේ ෆයිල් දෙක නිර්මානය වෙන්නේ RAM එකේ සයිස් එක පදනම් කරගන නිසා, ඔයාලා විශාල ඉඩ ප්‍රමාණයක් C එහෙමත් නැත්නම් වින්ඩෝස් තියන පාර්ටිෂන් එකට දීලා තියනවානම් එච්චර ප්‍රශ්නයක් වෙන්නෑ මේ ෆයිල් දෙක තියන එක ඒත් ඔයාලා SSD වර්ගයේ හාර්ඩ් ඩිස්ක් එකක් භාවිතා කරනවානම් හෝ එහෙමත් නැත්නම් C පාර්ටිෂන් එකට දීලා තියෙන්නේ සාමාන්‍ය ඉඩක් නම් හෝ එහෙමත් නැත්නම් බහුලව ඔයාලා C පාර්ටිෂන් එක ඩේටා ගබඩා කරගන්නවානම් මේ ෆයිල් දෙක මගින් ගන්න ඉඩ ප්‍රමාණය ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, මොකද මේ ෆයිල් දෙකේ සයිස් එක සමහර විට 16GB වගේ විශාල ප්‍රමානයක් වෙන්න පුලුවන් නිසා.


දැන් ඔයාලා දන්නවා කොහොමද මේ ෆයිල්ස් හැදෙන්නේ කියලා සහ කොහෙද ඒවා ගබඩා වෙලා තියෙන්නේ කියන එක දැන් අපි බලමු වෙන වෙනම මොනවද මේ ෆයිල්ස් සහ මේවා හරහා මොනවද වෙන්නේ වගේම කොහොමද මේවා ඩිලීට් කරන්නේ සහ එසේ ඩිලීට් කරලා දැම්මම ඒක ඔයාලගේ පීසී එකේ ක්‍රියාකාරීත්වයට හොදද නැද්ද කියන එක සම්භන්ධයෙන්.


The Hibernation File (Hiberfil.Sys)

මේ නමින් හදුන්වන්නේ ඔයාලාගේ පීසී එක හයිබර්නේෂන්  (hibernation mode) තත්වයට පත් කිරීම සදහා වින්ඩෝස් සිස්ටම් එක විසින් නිර්මානය කරන ෆයිල් එකක්, මෙතනදී වෙන්නේ පීසී එක හයිබර්නේට් මොඩ් එකට පත්කිරීම සදහා සිස්ටම් එක විසින් ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වන සියලුම වැඩසටහන් හා අදාල දත්ත එකතු කරලා එක ෆයිල් එකක් හදලා ඒක රැම් එක තුල ගබඩා කරනවා ඒ ෆයිල් එකේ නම තමයි Hiberfil.Sys කියලා කියන්නේ, ඔයාලා හයිබර්නේට් මොඩ් එක යූස් කරලා තියනවානම් ඔයාලට පේන්න ඇති ඒකෙදී ඉතා ඉක්මනින් පීසී එක ඔන් වෙනවා සාමාන්‍ය ආකාරයෙන් ඔන් වෙනවට වඩා, මෙතනදී වෙන්නේ හාර්ඩ් එකෙන් දත්ත රීඩ් කරන වේගයට වඩා ඉතා වැඩි වේගයකින් RAM එකේ තියන දත්ත පරිගණකයක් විසින් රීඩ් කරනවා නැත්නම් කියවනවා ඒක නිසා වින්ඩෝස් සිස්ටම් එක හයිබර්නෙට් කරලා ආයිත් පීසී එක ඔන් කරනකොට ඉතා ඉක්මනින් ලෝඩ් වෙනවා නැත්නම් ක්‍රියාත්මක වෙනවා මොකද වඩා වැඩි දත්ත සංඛ්‍යාවක් අඩු කාලයක් තුල කියවන්න ලැබෙන නිසා සහ ඔන් වීමේදී හාර්ඩ් හාර්ඩ් එකේ තියන ෆයිල්ස් නොව රැම් එකේ අප කලින් කී පරිදි ගබඩා වී ඇති මෙමරි එක මෙතනදී භාවිතා කරන නිසා.පොඩි දෙයක් කියන්නම් ගොඩක් දෙනා කතා වෙනවා අහලා ඇතිනේ වින්ඩෝස් 7 වලට වඩා වින්ඩෝස් 8 ඉක්මනින් ලෝඩ් වෙනවා නැත්නම් ඔන් වෙනවා කියලා, නිකමටවත් ඒකට හේතුව මොකක්ද කියලා ඔයාලට හිතෙන්නැතිව ඇති, ඒකට හේතුව තමයි වින්ඩෝස් 8 සහ ඊට පසුව ආපු සංස්කරන පීසී එකක් ෂට් ඩවුන් කරලා ආපසු ඔන් කිරීමේදී එක්තරා ප්‍රමානයකට මේ හයිබර්නෙට් මොඩ් එකත් ඒ සදහා භාවිතා කිරීම.

ඔයාලගේ තියන රැම් එකේ සයිස් එක 2GB නම් ඔයාලගේ පීසී එකේ හැදෙන මේ ෆයිල් එකේ සයිස් එකත් සාමාන්‍යයෙන් 2GB වගේ තමයි උපරිම තියෙන්නේ, මොකද ඒකට හේතුව තමයි මේ ෆයිල් එක තාවකාලිකව රැම් එක තුල රදවා ගන්නා නිසා රැම් එකේ සයිස් එක තමයි උපරිම සයිස් එක මේ ෆයිල් එකක තියෙන්න පුලුවන්, සමහර විට ඔයාලා හයිබර්නෙට් මොඩ් එක ඕෆ් කරලා තිබුනත් මේ ෆයිල් එක හැදෙන එකනම් වලක්වන්න බැහැ , ඒ වගේම මේ ෆයිල් එක වෙනත් පාර්ටිෂන් එකකට කොපි කරන්න හෝ මූව් කරන්නත් බැහැ, දැන් ඔයාලට තේරෙනවා ඇති ඔයාලා අපි කලින් කිව්වා වගේ ඔයාලා භාවිතා කරන්නේ SSD වර්ගයේ හාර්ඩ් ඩිස්ක් එකක්නම් හෝ ඔයාලගේ පීසී එකේ තියන රැම් ධාරිතාවය වැඩි නම් මේ හැදෙන ෆයිල් එකේ සයිස් එක විශාල වෙනවා පමනක් නොව ඒක හාර්ඩ් ඩිස්ක් එකෙනුත් ඒ ප්‍රමානයේම ඉඩක් වෙන්කරගන්නවා කියන එක ඒ කියන්නේ මේක අනිවාර්ය ප්‍රශනයක් වෙනවා ඒවගේ අවස්ථාවකනම් ඔයාලා ඉන්නේ.සාමාන්‍යයෙන් වින්ඩෝස් සිස්ටම් එකේදී මේ හයිබර්නෙට් මොඩ් එක ඔන් වෙලා තමයි තියෙන්නේ එහෙත් ඔයාලා මේ පහසුකම භාවිතා කරන්නේ නැත්නම් ඔයාලට පුලුවන්කම තියනවා ඒක ඕෆ් කරලා දාන්න ඒ හරහා අර වගේ විශාල ෆයිල් එකක් වින්ඩෝස් පාර්ටිෂන් එක තුල හැදෙන්නේ නැහැ.කොහොමද මේ මොඩ් එක ඕෆ් කරන්නේ කියලා අපි පහලින් දාලා තියනවා

Turn Off Hibernation In Windows XP

Windows XP වලදී නම් මේක ලේසි වැඩක් මොකද කෙලින්ම ඔයාලට Control Panel එක හරහා මේක කරන්න පුලුවන් නිසා, මේකෙදී පියවර දෙකකින් ඔයාලට මේ වැඩේ කරගන්න පුලුවන්කම තියනවා.

1 – ඔයාලා යන්න Control Panel එකට ඒකේ තියනවා තවත් ඔප්ෂන් එකක් Power Option කියලා, එහෙමත් නැත්නම් ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටීස් ගිහින් ඊලගට එතන තියන Screen Saver එක ක්ලික් කරලා වුනත් Power Option එකට යන්න පුලුවන්.

2 – එතන බලන්න ටැබ් එකක් ඇති Hibernate කියලා ඔයාලට ඕනි ඔප්ෂන් එක ඕෆ් කරන්නනම් කරන්න තියෙන්නේ එතන පහල තියන ටික් එක අයින් කරන්න විතරයි, ඔන් කරගන්න ඕනිනම් කරන්න තියෙන්නේ එතන ටික් එකක් දාලා ඕකේ කරන එක කියලා පැහැදිලිනේ.


ඔයාලා මේ ඔප්ෂන් එක තිබිලා ඕෆ් කලානම් එසැනින්ම මේ කලින් අපි කියපු ෆයිල් එක හාර් ඩ්ස්ක් එකෙන් ඩිලීට් වෙලා යනවා, ඔයාලටම බලන්න පුලුවන් අලුත් ෆ්‍රී ඉඩ ප්‍රමානයක් වින්ඩෝස් පාර්ටිෂන් එකට එකතු වෙලා තියනවා කියලා.

Turn Off Hibernation In Windows Vista, 7 And Windows 8

වින්ඩෝස් Vista සහ ඊට ඉහල සංස්කරනවලදී නම් මේ ඔප්ෂන් එක ඩිසේබල් කරන එක ගොඩක් ලේසි වෙන්නෑ, මොකද අපි XP වලට කියපු විදියට මේ සංස්කරනවල තියන මේ ඔප්ෂන් එක ඕෆ් කරන්න බැහැ, එහෙනම් කොහොමද ඒක කරන්න පුලුවන් වෙන්නේ?.ලේසිම දේ තමයි ඔයාලට කරන්න පුලුවන් මේ Hibernate ඔප්ෂන් එක ඔන් කරන්න සහ ඕෆ් කරන්න වෙනම පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියනවා, මේක හදුන්වන නම තමයි Microsoft Fix It tool කියන්නේ, මේ සොෆ්ට්වෙයාර් කෑල්ල ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ රන් කරන්න , ඔයාලගේ පීසී එකේ පවතින තත්වය මත ඔයාලට මේ හරහා පුලුවන් Hibernate ඔප්ෂන් එක එනේබල් කරන්න හෝ එහෙමත් නැත්නම් ඩිසේබල් කරන්න.පහල තියනවා අදාල සොෆ්ට්වෙයාර් කෑල්ල ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක.


අනික් විදිය තමයි මේ සදහා ඔයාලට භාවිතා කරන්න පුල්වන් වින්ඩෝස් Command Prompt එක.

ඉසල්ලාම ඔයාලා ස්ටාර්ට් ගිහින් ටයිප් කරන්න CMD කියලා එතකොට පෙන්නනවා Command Prompt එක, ඒක රයිට් ක්ලික් කරලා Run as administrator හරහා ඕපන් කරගන්න.ඔයාලට කරන්න ඕනිවෙලා තියෙන්නේ Hibernate ඔප්ෂන් එක ඩිසේබල් කරන්න නම් කරන්න තියෙන්නේ පහල තියන පේලිය කමාන්ඩ් ප්‍රොම්ට් එකේ ටයිප් කරලා Enter කී එක ඔබන එක විතරයි.

Powercfg -h off


කලින් වගේම මෙකෙදිත් ඔයා මේ මොඩ් එක ඕෆ් කරපු ගමන්ම අර හැදිලා තියන ෆයිල් එක මැකිලා යනවා හාර්ඩ් එකෙන්, නැවත මේ විදියටම ඔන් කරගන්න ඕනිනම් ඒ ඔප්ෂන් එක කරන්න තියෙන්නේ මේ කමාන්ඩ් එකම ආපහු ටයිප් කරන්න off කියන එක වෙනුවට on කියන එක ටයිප් කරලා ඕකේ කරන්න නැවතත් හයිබර්නේට් මොඩ් එක ඔන් වෙනවා එතකොට.

Changing The Size Of Hiberfil.Sys

ඒත් එක්කම ඔයාලට හිතෙනවානම් මේ ඔප්ෂන් එක ඕනි ඒත් ගොඩක් ලොකු ෆයිල් එකක් හාර්ඩ් එක තුල හැදෙන එක වලක්වන්න ඕනි කියලා ඒකත් කරගන්න පුලුවන්කම තියනවා ඉහත අපි කියපු කමාන්ඩ් එකම භාවිතා කරලා, අදාල Command Prompt එකේම ඔයාලට පහල තියන කමාන්ඩ් එක ටයිප් කරලා ඕකේ කරලා මේ ආකාරයට හැදෙන ෆයිල් එක රැම් එකේ සයිස් එකටම හැදෙන එක වලක්වලා ඊට වඩා අඩු සයිස් එකක ෆයිල් එකක් හැදෙන්න කියන විධානය දෙන්න පුලුවන්.

Powercfg -h -size {percentage number 50 – 100}


මෙතනදී අඩුම සයිස් එක විදියට ඔයාලට දෙන්න පුලුවන් වෙන්නේ රැම් එකේ සයිස් එකෙන් 50% ක් පමනයි ඊට වඩා මේ ෆයිල් එකේ සයිස් එක අඩු කරන්න බැහැ, ඒත් ඔයාලට පුලුවන්නම් ඒ අඩුම ප්‍රමානය දක්වා අඩු කරන්නේ නැතිව 75% ක් වගේ ගානක් අඩු කරලා ෆයිල් එක හැදෙන්න ඉඩ දෙන්න ඒක වඩා හොදයි, කෙසේ වෙතත් ඔයාලා මේක කරන්න යනවානම් මතක ඇතුව ඊට කලින් දැනට Hibernate ඔන් වෙලා නම් තියෙන්නෙ අපි කලින් කියපු විදියට ඒක ඔෆ් කරන්න ඉස්සල්ලාම එතකොට හැදිලා තියන ෆයිල් එක මැකිලා යනවා ඊට පස්සේ මේ කමාන්ඩ් එක දෙන්න මොකද එහෙම නැති වුනොත් වින්ඩෝස් ආපහු ඔන් වෙනකොට ප්‍රශන එන්න පුලුවන්, කරන්න දෙයක් නැතිමනම් විතරක් මේ විදියට මේ ෆයිල් එකේ සයිස් එක අඩු කරන්න එහෙම නැත්නම් ඔයාලට මේ ඔප්ෂන් එක ඕනිනම් ස්වයංක්‍රීයව මේ ෆයිල් එකේ සයිස් එක පාලනය කරන එක වින්ඩෝස් සිස්ටම් එකට බාර දෙන්න.

The Page File (Pagefile.Sys)

හිතනවා කලින් කියපු ෆයිල් එක ගැන විස්තරේ දන්න නොදන්න ඔක්කෝටම අවබෝධ වෙන්න ඇති කියලා, දැන් බලමු අපි දෙවනි ෆයිල් එක , ඒකේ නම තමයි මෙතනම උඩින් දාලා තියෙන්නේ,මොකක්ද මේ පේජ් ෆයිල් කියන්නේ? ඔයාලා දන්නවා පීසී එකක් ක්‍රියාත්මක වෙනකොට ගොඩක් වෙලාවට එකම වේලාවේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනවා ඔයාලා, මේ හේතුව නිසා ඔයාලා එක් වැඩසටහනක් ඕපන් කලහම තියන රැම් එකේ සියලුම ධාරිතාවය අදාල වැඩසටහනට යොදන්නේ නැහැ මොකද එහෙම කලොත් වෙන්නේ තවත් වැඩසටහනක් ඕපන් කරන්න රැම් එකේ ඉඩ නැතිවෙන එක නිසා, ඒක හින්දා සාමාන්‍යයෙන් වින්ඩෝස් වලදී වෙන්නේ ඔයාලා වැඩසටහන් ඕපන් කරනකොට එක්තරා ප්‍රතිශතයක් රැම් එක ඒකට දෙන ගමන් ඉතිරිය රැම් එක තුල ඉතුරු කරගන්නවා වෙනත් දේකට යොදාගන්න , එතකොට රැම් එකෙන් කොටසක් නම් දුන්නේ කවුද ඉතුරු ටික දෙන්නේ? මේකෙදී තමයි හාර්ඩ් ඩ්‍රයිව් එක මගින් අදාල ඉතිරිය ලබාදෙනවා වැඩසටහන් ඕපන් කරන්න, මෙන්න මේ විදියට හාර්ඩ් ඩිස්ක් එක මගින් ලබාදෙන ඉඩ ප්‍රමානය තමයි පේජ් ෆයිල් කියලා හදුන්වන්නේ.මේක වෙනම රැම් එකක් නෙමෙයි ඒ ආකාරයට වැඩ කරන්න හාර්ඩ් ඩිස්ක් එකෙන් ගන්නාවූ ඉඩ ප්‍රමාණයක් විතරයි,කොච්චට ලොකු ෆයිල් එකක් මෙකෙදී හාර්ඩ් ඩිස්ක් එකේ හැදෙනවද නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකේ කොච්චර ඉඩ ප්‍රමානයක් මේ ෆයිල් එක ගන්නවද? මේකටත් කලින් කතන්දරේදී වගේම පදනම් වෙන්නේ ඔයාලගේ තියන රැම් සයිස් එක ඒක මත මේ පේජ් ෆයිල් එකේ සයිස් එකත් වෙනස් වෙනවා, සාමාන්‍යයෙන් වෙන්නේ මේ පේජ් ෆයිල් එකේ  සයිස් එක හැදෙන්නෙ මෙන්න මේ තියරියට අනුව, ඒ තමයි ඔයාගේ පීසී එකේ තියන රැම් එකේ සයිස් එක 1GB වලට වඩා වැඩිනම් අදාලව හැදෙන පේජ් ෆයිල් එකේ සයිස් එක රැම් එකේ සයිස් එක වගේ 1.5 ගුනයක් විතර වෙනවා.ඒ අපි කිව්වේ හැදෙන්න පුලුවන් විශාලතම පේජ් ෆයිල් එකේ සයිස් එක කොහොමද ගනනය වෙන්නේ කියාලා, නමුත් සාමාන්‍යයෙන් මේ හැදෙන පේජ් ෆයිල් එකේ සයිස් එක ඔයාලගේ රැම් එකේ සයිස් එකට සමාන වෙනවා.

ඉස්සල්ලම මේක කියලා පටන් ගත්තනම් හොදයි ඒ තමයි අපි කලින් කියපු Hibernate වගේ නෙමෙයි එම පේජ් ෆයිල් එක සාමාන්‍යයෙන් සම්පූර්නයෙන්ම ඩිසේබල් කරන්න යන්න එපා ඔයාගේ රැම් එක විශාල ප්‍රමානයක් වුනත් ඒ වගේම හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ ඔයාලට මදිවුනත්, ඒකට හේතුව තමයි ගොඩක් වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න මොනතරම් රැම් එකක් තිබුනත් මේ පේජ් ෆයිල් කියන එක අත්‍යාවශ්‍ය සාධකයක් වීම, ඔයාලා මේ ෆයිල් එකේ සයිස් එක මොනතරම් අඩු කලත් අඩුම සාමාන්‍ය පීසී එකක හොද ක්‍රියාකාරීත්වයක් සදහා මේ පේජ් ෆයිල් එකේ සයිස් එක 256MB – 1GB අතර පරාසයක තබාගන්න.කලින් වගේ නෙමෙයි මේකේ තවත් ලේසි විදියක් තියනවා ඔයාලට ,ඒ තමයි ඔයාලගේ පීසී එක තුල හාර්ඩ් ඩිස්ක් එකකට වඩා වැඩි ගනනක් තියනවානම් මේ පේජ් ෆයිල් එක වින්ඩෝස් තියන හාර්ඩ් ඩිස්ක් එකේම තියාගන්න අවශ්‍ය වෙන්නෑ ඔයාලට ඕනි නම් අනිත් හාර්ඩ් ඩිස්ක් එකට ඒක මාරු කරන්න පුලුවන් ලේසියෙන්ම.

Moving The Page File To Another Drive

ඉස්සල්ලා අපි පැහදිලි කරලා දුන්නා ඔයාලට මොකක්ද පේජ් ෆයිල් කියන්නේ සහ කොහොමද ඒක හැදෙන්නේ වගේම මොනවද ඒක හරහා සිද්ධ වෙන්නේ කියන එක, අන්තිමට අපි කිව්වනේ අවශ්‍ය නම් මේක වෙනත් හාර්ඩ් ඩිස්ක් එකකට මාරු කරන්න පුලුවන් කියලා ඔයාලගේ පීසී එක ඇතුලේ හාර්ඩ් ඩිස්ක් කිහිපයක් සවි කරලා තියනවානම් , දැන් බලමු කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා.Windows Vista, 7,8 භාවිතා කරන අය My Computer රයිට් ක්ලික් කරලා එන මෙනූ එකේ යන්න Advanced system settings කියන එකට, ඔයාලා යන්න ඕනි අනුපිලිවෙල පහල දාලා තියනවා.

Computer -> Advanced system settings -> Performance Settings -> Advanced -> Virtual memory Change

Windows XP භාවිතා කරනවානම් පහල අනුපිලිවෙල අනුගමනය කරන්න.

right click on My Computer -> Advanced -> Performance Settings -> Advanced -> Virtual memory Change


මෙතනදී ඔයාලට බලාගන්න පුලුවන් කොච්චර හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ ප්‍රමානයක් පේජ් ෆයිල්ස් විදියට ලබාගන තියනවද කියන එක.

වින්ඩෝස් විස්ටා හැරුනහම අනිත් හැම සංස්කරනයකටම පාහේ මේ ක්‍රමය වෙනස් වෙන්නෑ, වින්ඩෝස් විස්ටා වල තියන වෙනස තමයි මෙතනදී Automatically manage paging file size for all drives කියලා ටික් වෙලා තියනවා ඒක එතනින් අයින් කලහම හරි.


ඔයාලට අවශ්‍යනම් මේ පේජ් ෆයිල් එක වෙනත් ස්ථානයකට ගෙනයන්න නැත්නම් ට්‍රාන්සර් කරන්න ඒකට කරන්න තියෙන්නේ පොඩි වැඩක් විතරයි, ඉස්සල්ලාම මේකෙදී C පාර්ටිෂන් එක හයිලයිට් කරන්න, ඊට පස්සේ දෙන්න පහල තියන ඔප්ෂන්ස් වලින් No paging file කියන එක දීලා Set කියන එක ක්ලික් කරන්න.


ඊලග පියවර තමයි එතන පෙන්නන අනික් පාර්ටිෂන්ස් වලින් ඔයාලා පේජ් ෆයිල් එක ගෙනයන්න හිතාගන ඉන්න එක සිලෙක්ට් කරලා යට තියන්න, ඊට පස්සේ යට තියන ඔප්ෂන්ස් වලින් System managed size කියන එක ටික් කරන්න, පස්සේ ඕකේ කරලා පීසී එක නැවත පනගන්වන්න නැත්නම් රීස්ටාර්ට් කරන්න.


සමහරවිට මෙතන තවත් දෙයක් ඔයාලා දකින්න ඇති , ඒ තමයි ඔයාලගේ පීසී එකේ විශාල ප්‍රමාණයක රැම් ධාරිතාවයක් තියනවානම් , ඔයාලට පුලුවන් අවශ්‍යනම් Custom Size එකක් මේ පේජ් ෆයිල්ස් සදහා ලබාදෙන්න,මේකෙදී ඕනි නම් ඔයාට පුලුවන් අවම සයිස් එක හෝ උපරිම සයිස් එක ලබාදෙන්න පේජ් ෆයිල් එක සදහා අවශ්‍ය වන, දැනටමත් අපි කියලා තියනවා මොකක්ද පේජ් ෆයිල් එකක අවම සයිස් එක සහ උපරිම සයිස් එක කොහොමද රැම් එකේ සයිස් එකත් එක්ක ගලපලා ගනනය කරගන්නේ කියන එක, තවත් දෙයක් තමයි මෙතනදී ඔයාලට පේනවා ඇති කස්ටම් සයිස් එකකදී ඔයාට මැනුවල් ඇතුලත් කරන්න වෙනවා අවම සහ උපරිම ප්‍රමානයන්, මේකෙදී ඔයාට පුලුවන් මේ දෙකම සදහා එකම අගයක් ඇතුලත් කරන්න, ඒහෙම කලානම් ඒක වින්ඩෝස් සිස්ටම් එක හොදින් ක්‍රියාත්මක වෙන්න උදව වෙනවා වගේම කාලයකදී ඔයාලා හාර්ඩ් ඩිස්ක් එක Defragment කරනවානම් ඒකටත් උදව්වක් වෙයි මොකද ගොඩක් ලොකු සයිස් එකක් දුන්නොට්ජ් පේජ් ෆයිල් එකට Defragment කිරීමේදී අදාල හාර්ඩ් ඩිස්ක් එකේ පාර්ටිෂන් එකට ලොකු වේලාවක් යන්න පුලුවන් නිසා.

How To Turn Off Virtual Memory And Remove Pagefile.Sys

මේ පෝස්ට් එකේ එක්තරා තැනකදී අපි කිව්වා පේජ් ෆයිල් කියන දේ වැඩසටහන් හොදින් ක්‍රියාත්මක වෙන්න ගොඩක් උදව් වෙනවා ඒක නිසා මේක සම්පූර්නයෙන්ම ඩිසේබල් කරන්න එපා කියලා, ඒ කෙසේ වෙතත් මොන හේතුවක් නිසාහරි ඔබට අවශ්‍යතාවයක් තියනවානම් මේ ඔප්ෂන් එක ඩිසේබල් කරන්න ඒකත් ලේසියෙන්ම කරගන්න පුලුවන් වැඩක්,

ඉස්සල්ලාම කරන්න තියෙන්නේ ඔයාලා පේජ් ෆයිල් එක සෙට් කරලා තියන පාර්ටිෂන් එක තෝරගන ඒක සිලෙක්ට් කරගන්න , ඊට පස්සේ යට තියන ඔප්ෂන් වලින් “No paging file කියන එක සිලෙක්ට් කරලා Set කියන එක ක්ලික් කරන්න.ඔයාලාට පීසී එක Restart කරන්න වෙනවා ඊට පස්සේ ඉදන් පේජ් ෆයිල් හැදෙන එකක් නැහැ ඔයාගේ පීසී එක තුල.


මේ ටිකත් හොදට කියවලා මතක තියාගන්න එක ඔයාලගේ දැනුමට වැදගත් වේවි, ඔයලාගේ පීසී එකේ තියෙන්නේ අඩු රැම් ධාරිතාවයක් නම්, උදාහරණයක් විදියට 1GB වලට වඩා අඩු ධාරිතාවයක් නම් ඉහත ආකාරයට සම්පූර්නයෙන්ම පේජ් ෆයිල් ඩිසේබල් කරන්න යන්න එපා, මොකද එහෙම කලොත් පීසී එකේ වැඩ කරනකොට ස්ටක් වෙන්න වගේම ටිකක් ස්ලෝ ගතියක් ඔයාට අනිවාර්යෙන්ම දැනේවි,ඒත් එක්කම ඔයාට සිස්ටම් එකෙන් මැසේජ් එන්නත් පුලුවන් ඔයාගේ පීසී එකට එකවර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන්න බැහැ කියලා වගේම ඔයාලා එහෙම කරන්න ගියොත් වින්ඩෝස් සිස්ටම් එක ඔයා කවදාවත් දැකලා නැති තරමට ස්ලෝ වෙන්න පුලුවන්.

ඔබේ දැනුමට

ඔයාලා වින්ඩෝස් 8 සංස්කරනය නම් භාවිතා කරන්නේ මේ අපි විස්තර කරපු ෆයිල් දෙකට අමතරව තවත් ෆයිල් එකක් ඔයාලට දකින්න පුලුවන් වෙයි , ඒකේ නම තමයි Swapfile.sys කියන්නේ, මේකත් අපි කලින් විස්තර කරපු පේජ් ෆයිල් ඔප්ෂන් එකටම සමාන ෆයිල් එකක්, මේක හා පේජ් ෆයිල් අතර තියන වෙනස තමයි මේකේ සයිස් එක ස්ථිර ගානකට තමයි නියම කරලා තියෙන්නේ (256MB), සහ මේ අගය වෙනස් කරන්නවත් මේක ඩිලීට් කරන්නවත් බැහැ, ඒත් පේජ් ෆයිල් එහෙම නෙමෙයි ඔයාලා දකින්න ඇති ඒවා අයින් කරන්න සහ වෙනස් කරන්න වගේම අවශ්‍යනම් ස්ථානය මාරු කරන්නත් පුලුවන් බව,ඒ වගේම් අපි මේ දැන් සදහන් කල Swapfile.sys ෆයිල් එකේ සයිස් එක අඩු කරන්නවත් ඒ වගේම තියන පාර්ටිෂන් එක වෙනස් කරන්නවත් හැකියාවක් නැහැ, මේකෙන් කරන්නෙත් පේජ් ෆයිල් හරහා කෙරෙන කාර්යම තමයි,ඔයාලට හිතෙනවානම් ඇයි පේජ් ෆයිල් එකට අමතරව ඒ වැඩේම කරන තව ෆයිල් එකක් Windows 8 වල තියෙන්නේ කියලා ඒකට හේතුව තමයි, ඒ හරහා තමයි ModernUI (Metro) ඇප්ස් ක්‍රියාතමක වෙන්නේ,එක පාරටම හිතාගන්න බැරිනම් මේ මොනවද කියලා බලන්න ඔයාලා Windows 8 භාවිතා කරනවානම් වින්ඩෝස් බට්න් එක ක්ලික් කරලා එතකොට එන මෙනූ එකේ තියෙන්නේ මේ මෙට්‍රෝ ඇප්ස් තමයි, මොකද මේ වින්ඩෝස් සංස්කරනය නිපදවලා තියෙන්නේ පීසී වලට වගේම ටැබ්ලට් වලටත් ගැලපෙන විදියට නිසා.


ඔන්න පෝස්ට් එක ඉවරයි, හිතනවා කියපු දේවල් ගොඩක් දුරට ඔයාට තේරෙන්න ඇති කියලා , ඒක නිසාම තමයි මේ තරම් දුරට පැහැදිලි කලේ සරලවම, අපිට මේ පොස්ට් ලියන්න කොච්චර වෙලාව ගියත් ඒ වගේ නෙමෙයි කවුරු හරි මේ ගැන කියවලා අලුත් දෙයක් අවබෝධ කරගත්තානම් හෝ දැනගත්තානම් ඒක තමයි වැදගත් වෙන්නේ, පෝස්ට් එක මීට වඩා පොඩි කරන්න පුලුවන්කම තිබුනත් ඒ හේතුව නිසා අපි යන වෙලාව ගැන බලන්නැතුව පෝස්ට් එක ඒ ඉතා පැහැදිලි ලෙස විස්තර කර කර ලියන්නේ……