A+ A-

Transporter TV Series

Transporter TV Series

Transporter TV Series

හැමෝම වගේ Transporter මූවි සීරීස් එක බලලා ඇතිනේ, ඒ වගේම ටීවී සීරීස් එකකුත් තියනවා, සමහර දෙනා නම් දන්නවා ඇති, ඒත් මේක අලුත් දෙයක් වෙන අයත් ඉන්න පුලුවන් මේ අතරට, අද ටීවී සීරීස් එක තුලින් අපි දෙන්නේ මේ ට්‍රාන්ස්පෝර්ටර් ටීවී සීරීස් එක දැනට සම්පූර්න සීසන් දෙකක් සහිතව තමයි මේක රිලීස් කරලා තියෙන්නේ, ගොඩක් දෙනා දැන් සිංහල සබ් එක්කම බලන නිසා දැනට මේ ටීවී සීරීස් එකේ සිංහල සබ් දීලා තියන ලංකාවේ ජනප්‍රිය සයිට් එකක් වන zoom.lk සයිට් එකේ දීලා තියන ටොරන්ට් එකට අදාලව තියන ෆයිල්ස් වලට් අද අපි දෙනවා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් මොකද සමහර අයට මේ ටොරන්ට්ස් වල සීඩ්ස් අඩු නිසා ඩවුන්ලෝඩ් කරන්න ප්‍රශ්න එන්න පුලුවන්, ඒත් දැන් මේක නිසා ඒ වගේ අවුල් එන්නෑ, ඔයාලට කරන්න තියෙන්නෙ අපේ මේ ලින්ක්ස් හරහා නැත්නම් ඩිරෙක්ට් ලින්ක්ස් හරහා ටීවී සීරීස් එක ඩවුන්ලෝඩ් කරගන zoom.lk හරහා අදාල සිංහල සබ් ටික ඩවුන්ලෝඩ් කරගන බලන එක…..

මේකේ පලවෙනි සීසන් එකේ ට්‍රේලර් එක පහලින් දාලා තියනවා … බලන්නකෝ කොහොමද කියලා


කතාව නැත්නම් මේ ටීවී සීරීස් එක ගැන පොඩ්ඩක් කියනවානම් , මේක ඉංග්‍රීස් භාෂාවෙන් විකාශය වුනු ටීවී සීරීස් එකක්, කලින් කිව්වා වගේම Transporter film series පදනම් කරගන නිර්මානය කරලා තියෙන්නේ, Luc Besson සහ Robert Mark Kamen යන දෙදෙනා විසින් නිර්මානය කරලා තියන මේ ටීවී සීරීස් එකේ පලමු විකාශන කටයුතු කරලා තියෙන්නේ HBO/Cinemax යන ආයතන විසින් නමුත් පසුව එම කටයුතු වෙනත් සමාගම් වලට පවරලා තියනවා,

ෆිල්ම්ස් සීරීස් එකේ වගේම මේ ටීවී සීරීස් එකේ එන අවස්ථා , සංසිද්ධි සහ ක්‍රියාකාරකම් වලට නැත්නම් වික්‍රමයන්වල වීරයා තමයි නැත්නම් ට්‍රාන්ස්පෝර්ටර් තමයි Frank Martin කියන්නේ , මෙයා රස්සාව විදියට කරන්නේ කුරියර් සේවාව නැත්නම් භාන්ඩ එක් තැනක සිට තවත් තැනකට ප්‍රවාහනය කිරීම, භාන්ඩ කියලා කිව්වට මෙයා ඕනිම දෙයක් මේ විදියට ප්‍රවාහනය කරනවා, ඒත් එක්කම මෙයා වැඩ කරන්නේ නීති (මෙයා විසින්ම පනවා ගන්නා ලද රීති) තුනකට අනුවයි, මෙහිදී ට්‍රාන්ස්පෝර්ටර් චරිතයට පන පොවන්නේ Chris Vance විසින්, ෆිල්ම් සීරීස් එකේනම් මේ චරිතය Jason Statham විසින් නිරූපනය කරනු ලබනවා,

තමන්ගේ රස්සාව නැත්නම් ජොබ් එක වන මේ ට්‍රාන්ස්පෝර්ට් කිරීමේදී මොහුට හම්බවෙනවා හොද වගේම නරක ඒවත් ඒත් මෙයාගේ එක නීතියක් තමයි කවදාවත් ගෙනියන්න හම්බවෙන පැකේජ් එක කඩලා මොනවද තියෙන්නේ කියලා බලන්න එපා කියන එක, ඒත් සමහර අවස්ථාවලදීනම් මේක ඒ විදියටම වෙන්නෑ, ඒත් මේ හේතුව නිසාම ඔහු භාරගන්නා සමහර දේවල් පසුපස තියන අනතුර යමක් වෙනකම්ම ඔහු දන්නෑ , මෙ අතරට ගොඩක් වෙලාවට වෙන්නේ සතුරන් සමූහයක් ඔහු පසුපස එන එක, තමන් සතු අති දක්ෂ රිය පැදවීමේ හැකියාව උපයෝගී කරගන ඔහු මේවාවලින් බේරෙන හැටි බලන්න ඔයාලා ගොඩක් ආසවෙයි මොකද කම්මැලි නැතිව බලන්න පුලුවන් Action, Adventure කියන වර්ගයේ ටීවී සීරීස් එකක් තමයි මේක.

පහලින් අපි දාලා තියනවා අදාල ටීවී සීරීස් එක ඩිරෙක්ට් Internet Download Manager හරහා ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් ඒ වගේම සිංහල සබ් ගන්න අදාල zoom.lk සයිට් එකේ ලින්ක් එකත් ඒත් එක්කම දාලා තියනවා, අපේ ඩවුන්ලෝඩ් පේජ් එකට ගිහිහම අදාල ඩවුන්ලෝඩ් ලින්ක්ස් වගේම ඒවා ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න විදියත් අපි එතන කියලා තියනවා, ඊට අමතරව ඩවුන්ලෝඩ් කරද්දී ප්‍රශ්න එනවානම් ඒවා අපිට කමෙන්ට් කරන්න


ceelankaorg@gmail.com
0770486205

Home Delivery Service