A+ A-

Reduce Memory Usage for Running Programs

Best Software To Reduce RAM Usage on PC



ටිකක් පරණ පරිගණක තියනවානම් ගොඩක් වෙලාවට තියන ප්‍රශ්නයක් තමයි RAM එක මදිකම, මේ ප්‍රශ්නේ එන්නේ ගොඩක් සොෆ්ට්වෙයාර් වල අලුත් වර්ශන් ඉන්ස්ටෝල් කරනකොට ඒවාට ඕනි කරන තරම් RAM තත්වයක් ඔයාලා භාවිතා කරන පීසී එකේ නැත්නම් තමයි,ඒ වගේම අලුත් OS වගේ දානවනම් ඒත් මේකම වෙනවා, උදාහරනයක් හැටියට වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් කරනකොට අඩුම 1GB රැම් එකක් තියෙන්න ඕනි ඒත් ඔයාලගේ පීසී එකේ තියෙන්නේ 1GB රැම් එකක්නම් ඒ කියන්නේ අදාල OS එක සදහා අඩුම රැම් ප්‍රමානය තමයි ඒ, ඒත් ඊට පස්සේ වෙනත් සොෆ්ට්වෙයාර්ඩ් ඉන්ස්ටෝල් කරලා වැඩ කරනකොට පීසී එක ස්ලෝ වගේ දැනෙන්නේ මේ රැම් එක මදිකම නිසා මොකද OS එකෙන් එයාගේ වැඩවලට රැම් එක ගත්තහම සොෆ්ට්වෙයාර් වලට පොඩ්ඩක් මදිවෙන නිසා, සමාන්‍යයෙන් වෙන්නේ වින්ඩෝස් ස්ටාර්ට් වුනහම සහ ඒක දුවන්න රැම් එක මදිවුනහම කරන්නේ Page file (පේජ් ෆයිල්) වලින් අදාල අදාල පහසුකම පුරවගන්න එක, පේජ් ෆයිල් එකේදී අදාල ස්පේස් එක ගන්නේ හාර්ඩ් ඩිස්ක් එකෙන්, ඒත් ඔයාලා දන්නවා හාර්ඩ් ඩිස්ක් එකෙන් ඩෙටා එන ස්පීඩ් එක රැම් එකට වඩා අඩුයි කියලා, මේ වගේ වෙලාවක වෙන්නේ මේ සිද්ධිය නිසා අදාල වැඩසටහන් ලෝඩ් වෙන වේගය මදක් අඩුවීම,ගොඩක් වෙලාවට මේ දේ වෙන්නේ වැඩසටහන් කිහිපයක් එකවර ක්‍රියාත්මක වෙනකොට සහ ඒ වගේම ඔයාලගේ වෙබ් බ්‍රවුසර එකේ ටැබ්ස් කිහිපයක් ඕපන් වෙලා තියන අවස්ථාවන්වලදී, දැනටමත් සමහරවිට ගොඩක් දෙනා එම තත්වයන්ට මුහුන දීලා ඇති අනිවාර්යෙන්ම.

මේ ප්‍රශ්න ඔයාලට තියනවානම් ගොඩක් වෙලාවට උත්තරය වෙන්නේ තියන රැම් ප්‍රමානය වැඩි කිරීම ඒත් ඒක කරන්න බැරි වෙන වෙලාවල් තියනවා, උදාහරනයක් හැටියට ඔයාගේ පීසී එකේ අමතර රැම් ස්ලොට් නැත්නම් හෝ එහෙමත් නැත්නම් රැම්වල මිල ගනන් වැඩිවීම වගේ හේතු නිසා ලංකාවේ අයට මේ වගේ එක පාරටම රැම් එක වැඩි කරන්න බැහැ, ඒ වගේම ඔයාලගේ තියෙන්නේ ලැප්ටොප් එකක් නම් ඒත් ඒ වගේ එක පාරටම රැම් එක වැඩි කරන්න හැකියාවක් නැතිවෙනවා, අපි අද කියන්න යන්නේ ඒ වගේ වෙලාවකදී පරිගණකට හිරවෙන්නේ නැතිව ඒ කියන්නේ ස්ලෝ වෙන්නේ නැතිව දුවන්න ඔයාලට උදව් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කිහිපයක් ගැන, ගොඩක් දෙනා මේ ගැන නොදන්නවා වෙන්න පුලුවන්,මේ සොෆ්ට්වෙයාර් හරහා කරන්නේ සිස්ටම් එකේ තියන ප්‍රධාන ෆයිල්ස් වන Windows API වගේ ඒවා වලින් ගන්නා රැම් ප්‍රමානය එක්තරා දුරකට අඩු කරලා අදාල ප්‍රමානය ඔයාලා ක්‍රියාත්මක කරන වැඩසටහන් වලට ලබාදෙන එක, එක පාරටම ඔයාලට හිතෙන්න පුලුවන් මෙහෙම කලහම වින්ඩෝස් ස්ලෝ වෙනවද කියන එක, ඇත්තටම එහෙම දෙයක් මෙතනදී වෙන්නේ නැහැ හේතුව තමයි මේ සොෆ්ට්වෙයාර් හරහා රැම් එක අදාල සිස්ටම් ෆයිල් වලින් අඩු කරනවා නෙමෙයි එක්තරා ප්‍රමානයකට සීමා කිරීම කරන නිසා ඒක ලොකුවට දැනෙන්නේ නැහැ ඔයාලට, ඒත් මේකේ ප්‍රතිඵලය නම් ඔයාලට ගොඩක් දැනෙයි , ඒ තමයි පීසී එක ස්ලෝ වෙන්නේ නැතිව වැඩසටහන් නැත්නම් Web Browser එකේ ටැබ් කිහිපයක් එකවර ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීම.

අපි පහලින් දාලා තියනවා මේ ආකාරයට ඔයාලට භාවිතා කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් මොනවද ඒ වගේම ඒ එක එකකට අදාලව අදාල සොෆ්ට්වෙයාර් එක හරහා කරන්නේ මොකක්ද කියන එකත් විස්තර කරලා තියනවා.

1. Wise Memory Optimizer

මේ හරහා ඔයාලට පහසුකම් රැසක්ම සපයනවා, මින් ප්‍රධානතම දේ වන්නේ Memory Optimizer පහසුකම, ඒ කියන්නේ අපි කලින් කිව්වා වගේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වෙනකොට අඩුවෙන රැම් ප්‍රමානය වෙනත් තැන්වලින් අරන අදාල වැඩසටහන් ස්ලෝ වෙන්නැතිවෙන්න ලබාදෙන එක,පොඩි බට්න් එකක් ක්ලික් කරලා ඔයාට පුලුවන්කම තියනවා ඒ වැඩේ කරගන්න ලේසියෙන්ම,මේ නිසා ගොඩක් සංකීර්න වැඩසටහන් වල වගේ සෙටින්ස් ගොඩක් හදන්න ඕනි වෙන්නෑ, ඒක නිසා මේක රන් කලා කියලා පීසී එකට ඔයාලගේ අතින් වෙන්න තියන වැරදීම් ගොඩක් අඩුයි.


ඉස්සල්ලාම මේක දාලා ඕපන් කලහම මේ වගේ නෙමෙයි පෙන්නන්නේ, ඒ වෙලාවේ ඔයාට පෙන්නන්නේ ඒ අවස්ථාවේදී ඔයාලගේ රැම් එකේ කොච්චරක් භාවිතා කරනවද කියන එක, එතන තියන Optimize බට්න් එක ක්ලික් කරන්න, පස්සේ Settings කියන එක ක්ලික් කලහම පෙන්නනවා තියන ඔප්ෂන්ස් ඔක්කෝම ටික, එතනදී ඔයාලට සෙට් කරන්න පුලුවන් මොන වගේ වෙලාවකදිද රැම් එක මේ විදියට optimize කරන්න ඕනි, ඒ වගේම එහෙම විශේෂ වේලාවක් නැත්නම් ඔයාලට පුලුවන් Auto Optimization කියන එක ක්‍රියාතමක කරන්න එතකොට රැම් එක වැඩිපුර අවශ්‍ය අවස්ථාවන්වලදී ස්වයංක්‍රීයවම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙලා අවශ්‍ය රැම් ප්‍රමානය ලබාගන්නවා, ඒත් එක්කම ඒ වෙලාවේදී ඔයාලට දෙන්න පුලුවන් Clipboard එකේ තියන නැත්නම් ඔයාලා කොපි කරලා සිස්ටම් එකේ තියාගන ඉන්න දේවල් තියනවානම් ඒවා ඩිලීට් කරන්න ඕනිද එපාද කියන එකත්,මේක ක්‍රියාත්මක කලහම ඒක ක්ලෝස් වෙන්නෑ බැක්ග්‍රවුන්ඩේ එක නැත්නම් පහල තියන සිස්ටම් ට්‍රේ එකේ රන් වෙනවා, එතනදී ඔයාලා හිතනවානම් ඒකට ගොඩක් රැම් එක යනවද කියලා එහෙම දෙයක් වෙන්නෑ මොකද මේ වැඩසටහනේ සයිස් එක 2MB වගේ කුඩා ප්‍රමානයක් නිසා.පහල ලින්ක් එකට ගිහින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


2. Rizonesoft Memory Booster

මේ Software එක කලින් හදුන්වපු නම තමයි Datum Memory Booster කියන එක,රැම් එක වැඩි ප්‍රමානයක් අවශ්‍ය අවස්ථාවලදී අදාල රැම් ප්‍රමානය ලබාගන්න භාවිතා කරන්න පුලුවන් තවත් ඇප් එකක් තමයි මේක, අපි කලින් කියපු සොෆ්ට්වෙයාර් එක වගේම මේකත් ඉතා කුඩා වගේම portable වර්ගයේ එකක් නිසා ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ, ඒත් එක්කම ඉතා කුඩා සයිස් එකක් නිසා එක දිගට සිස්ටම් ට්‍රේ එකේ රන් වුනත් ලොකු බලපෑමක් වෙන්නෑ සිස්ටම් එක ස්ලෝ වෙන්න තරම්.


මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කලාට පස්සේ ඔයාලට ගොඩක් විස්තර බලාගන්න පුලුවන්, ඒ අතරට කොච්චර රැම් ප්‍රමානයක් භාවිතා වෙමින් පවතිනවද, ඒ අතරට පේජ් ෆයිල් හරහා ලබාගන තියන මෙමරි ප්‍රමානය කොපමනද, සහ සිස්ටම් එක භාවිතා කරන Virtual මෙමරි තත්වයන් වැනිදේ තියනවා,මේ දේවල් ප්‍රස්තාර ආකාරයෙන් ඔබට බලාගන්න පුලුවන් නිසා එක පාරටම රැම් යූස් එක වැඩි වුනානම් කලින්ට වඩා ඒවා පැහැදිලිව බලාගන්න පුලුවන්, ඒත් එක්කම සජීවී තත්වයේ ප්‍රොසෙසර් යූසේජ් එක පවා මේකේ පෙන්නනවා, සාමාන්‍යයෙන් මේ වැඩසටහන් ආරම්භ වන්නේ Intelligent Memory Optimization එක හරහා, මේ හරහා කරන්නේ තත්පර 20-25 ත් අතර කාලයකදී මේ වැඩසටහන් හරහා චෙක් කරනවා රැම් තත්වය සහ ඒක Optimize වෙන්න ඕනිද කියන එක,ඒත් ඔයාලට අවශ්‍යනම් මේ කාලසීමාවන් වෙනස් කරන්න පුලුවන් වගේම් ඕනිනම් සම්පූර්නයෙන්ම මේ ස්වයංක්‍රීය පරීක්ෂා කිරීම් නවත්තලා දාලා ඔයාට මැනුවල් මේක ක්‍රියාකරවන්නත් පුලුවන්.


 3.RAMRush

මේ වැඩසටහන ගැන කතා කලොත් එහෙම ඉතා කුඩා වැඩසටහනක් වගේම සමහර අයට මේකත් එක්ක වැඩ කිරීමේදී යම් යම් අපහසුතා ඇතිවෙන්න පුලුවන්,මේකෙදී ඔයාලට කරන්න තියන ලේසිම දේ තමයි මේ වැඩසටහන ඔයා වින්ඩෝස් සිස්ට්ම් එක ඔන් කරන කොටම ලෝඩ් වෙන වැඩසටහනක් බවට පත් කරන එක,මේකෙත් දත්තයන් ප්‍රස්තාර හරහා පෙන්නනවා, අවශ්‍යනම් අදාල පාටවල් වෙනස් කරන්න පුලුවන් වගේම මේකේ ට්‍රේ අයිකන් එක හරහා එන පොපප් මැසේජස් නැත්නම් දැන්වීම් ඩිසේබල් කරලා දාන්නත් පුලුවන්.


අනික් වැඩසටහන් හා මේක අතර තියන ලොකුම වෙනස වෙන්නේ ඔයාලා අනික් වැඩසටහන් ගැන කියෙව්වානම් ඒවා Auto Optimize වෙන්න දාන්න පුලුවන් වුනත් මේක එහෙම කරන්න බැහැ, ඒ කියන්නේ මේකේ Ram Optimize කරන එක සම්පූර්නයෙන්ම ඔයාට මැනුවල් කරන්න වෙන ක්‍රියාවලියක්,ඒ දේ කරන්න ක්‍රම කිහිපයක්ම තියනවා, එක් ක්‍රමයක් තමයි ට්‍රේ එකේ තියන මේකේ අයිකන් එක Double Click කරලා optimize කරන්න පුලුවන් වගේම මේකේ ඒ සදහා එන ෂෝර්ට්කර් කී එක ප්‍රෙස් කරලත් කරන්න පුලුවන් සාමාන්‍යයෙන් මේකේ එන ෂෝර්ට්කට් කී එක වෙන්නේ ( Ctrl+Alt+O) කියන එක ඒත් මේ කී එක ඕනිනම් ඔයාට ලේසි විදියකට වෙනස් කරගන්න පුලුවන්,මේකත් ට්‍රේ එකේ රන් වෙනකොට ගන්නේ 2MB වගේ ඉතා කුඩා මෙමරි ප්‍රමානයක්.


4.Minimem

මේ සොෆ්ට්වෙයාර් එක මුලින්ම නිපදවනු ලැබුවේ Firefox  වෙබ් බ්‍රවුසර් එක මගින් ලබාගන්නා අධික රැම් ප්‍රමානය පාලනය කිරීමට වුවත් පසුකාලීනව මේක අලුත් වෙලා දැන් පීසී එක තුල තියන ඕනෑම ඇප් එකක් විසින් ගන්නා අධික රැම් ප්‍රමානයන් සීමාකොට වෙනත් ඇප්ස් වලට ලබාදෙන විදියට නිර්මානය කලා,මේ සොෆ්ට්වෙයාර් එක අනික් ඒවට වඩා ගොඩක් වෙනස් වන හේතුව තමයි මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ ඔයාට පෙන්නනවා පීසී එකේ රන් වෙන සේවාවන් මොනවද කියලා, එතනින් ඔයා තෝරලා දෙන්න ඕනි මොන සේවාවද නැත්නම් මොන වැඩසටහනට අදාලවද රැම් එක Optimize කරන්න ඕනි කියලා,එහෙම කලහම ඔයාගේ වැඩසටහන් කිහිපයක් තියනවනම් අධිකව රැම් එක භාවිතා කරන මේ සොෆ්ට්වෙයාර් එකට පුලුවන්කම තියනවා ඒවා පාලනය කරලා තියාගන්න.


මේක ක්‍රියාත්මක වෙන විදිය තමයි සාමාන්‍යයෙන් එන Settings වලදී පීසී එකේ වැඩියෙන්ම රැම් එක යූස් කරන සේවාවන් මොනවද කියලා මේකේ පෙන්නනවා, එහෙම නැත්නම් ඔයාට පුලුවන් මේක මාරු කරන්න ක්‍රියාත්මක වෙන සේවාවන් ඔක්කෝම පෙන්නන්න කියලා එතකොට සෑම සේවාවක්ම පෙන්නනවා, උඩ තියන ඉමේජ් එකේ වගේ එතකොට අදාල සේවාවන් පෙන්නන්නේ දකුණු අත පැත්තේ තියන කොටුවේ, එතනින් ඔයාට optimize කරන්න ඕනි ඇප්ස් ටික එහෙමත් නැත්නම් වැඩි රැම් ප්‍රමානයක් ලබා ගන්නා ඇප්ස් ටික සිලෙක්ට් කරලා වම් පැත්තට දාන්න තමයි තියෙන්නේ,ඒ සමගම ඒ සේවාවන් වලට් අදාලව කොපමන කාලයකට පසුවද Optimize කිරීම කරන්නේ කියන එකත් සෙට් කරන්න පුලුවන්.


5.CleanMem

මේ ඇප් එක තමයි දැනට RAM Optimize කිරීම සදහා තියන සොෆ්ට්වෙයාර් අතරින් ඇඩ්වාන්ස් මට්ටමේ තියන එක,එක නිසා මේක භාවිතා කරන්න කලින් එක් එක් ඔප්ෂන්ස් හරහා කෙරෙන්නේ මොකක්ද කියන එක හරියටම දැනගන වැඩ කරන එක වැදගත් වෙනවා, එහෙම හිතාගන්න බැරිනම් අපි මීට කලින් සදහන් කල සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්න පුලුවන් මේ වෙනුවට,මෙකෙදී Auto Optimize කිරීම සෑම විනාඩි 15කට වරක්ම සවයංක්‍රීයව සිද්ධ වෙනවා මේ සොෆ්ට්වෙයාර් එක හරහා,මේ කාල පරාසය Setting හරහා ඔයාට වෙනස් කරන්න පුලුවන් වගේම අවශ්‍ය නම් මේක නවත්තලා දාන්න වුනත් පුලුවන්.


කෙසේ වුවත් ඔයා මේක කලින් කී පරිදි Schedule එකකට අනුව රන් වෙන ඔප්ෂන් එක ඩිසේබල් නොකර ඉන්න එක වඩා හොදයි , මොකද ඒ හරහා වාසි දෙකක් ලැබෙන නිසා, එකක් තමයි එහෙම ඩිසේබල් කලහම සමහරවිට රැම් මදිකම නිසා ඔයාගේ පීසී එක ස්ලෝ වෙන වෙලාවල්වලදී එකපාරටම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න යන එක තත්වය වඩාත් නරක්කරන්න හේතුවක් වෙන්න පුලුවන් වගේම ඒ වගේ Schedule එකක් අනුව ක්‍රියාත්මක වෙනකොට හැමවෙලේම මේ ඇප් එක ට්‍රේ එකේ රන් වෙන්නේ නැහැ, ඒක නිසා ඒ සදහා යන පොඩි මෙමරි ප්‍රමානයත් ඉතිරි වෙනවා,මේකේ මිනි මොනිටර් කොටසක් තියන අතර ඒකේ ඔයාලට පෙන්නනවා රැම් යූසේජ් එක සහ ඊට අදාල තවත් විස්තර ටිකක්, මීට අමතරව මේ සොෆ්ට්වෙයාර් එකේ portable වර්ශන් එකකුත් තියනවා අවශ්‍යනම් ඒක වුනත් ඔයාලට භාවිතා කරන්න පුලුවන්.


6.Mz RAM Booster

මේ ඇප් එක ගැන කතා කලොත් මේකත් අපි කලින් සදහන් කල Mini Optimization ඇප් එකට සමානයි,වෙනස තමයි Memory Boosting පහසුකමට අමතරව මේකේ තවත් පහසුකමක් තියනවා ඒ තමයි System Speed Up පහසුකම,මේ පහසුකම ඔයා ඇක්ටිවේට් කරන්න යනවානම් ඊට කලින් මේකේ තියන Back Up හරහා ඉස්සල්ලා සිස්ටම් බැකප් එකක් අරන් ඉන්න එක හොදයි මොකද ඒ පහසුකම නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරන්න බැරි වුනොත් ස්ලෝ වෙන එක තවත් වැඩි වෙන්න පුලුවන්, ඒත් ඔයාලා බැකප් එකක් කලින් ගත්තොත් ඒ වගේ තත්වයක් ආවොත් ඔයාට පුලුවන් වෙනවා කලින් ගත්ත බැකප් එක අදාල ස්ථානයේ Restore කරන්න,මේ හරහා ඔයාට පුලුවන් පීසී එකේ ප්‍රධාන ක්‍රියාවලීන් කිහිපයක්ම Tune කරන්න , ඒ අතරට CPU Priority වෙනස් කිරීම,Process ක්‍රියා විරහිත වන කාලසීමාවන් වෙනස් කිරීම,භාවිතා නොකරන dll ෆයිල්ස් ඉවත් කිරීම,වින්ඩෝස් ntfs ෆයිල් සිස්ටම් එකට අදාල සමහර වෙනස්කම් සිදුකිරීම වගේ ඒවා කරන්න පුලුවන්, ඒත් ඔයා කරන්නේ මොකක්ද කියන එක ගැන ඔයාට අදහසක් නැත්නම් මේක නොකර ඉන්න එක වඩා හොදයි.


මේකෙදී ඔයාලා කරන්න ඕනි පලවෙනි දේ තමයි , වැඩසටහන් ක්‍රියාත්මක කරලා Option වලට ගිහින් Recommended Values කියන එක සිලෙක්ට් කරන එක,අනික් ඒවා පසුව වෙනස් කරන්න පුලුවන් මේ හරහා කරන්නේ ඔයාලගේ සිස්ටම් එකට අදාල විස්තර ලබාගන අදාල පහසුකම් යටතේ Ram Optimize කරන කාලසීමාවන් සටහන් කරගැනීමයි,ඔයාලා මැනුවල් මේක ක්‍රියා කරවානම් ඒ සදහා රෙකමන්ඩ් කරලා තියෙන්නේ Smart Optimize කියන එක ක්ලික් කිරීම,Recover Ram පහසුකම හරහා ඔයාලට පුලුවන් වෙනවා වැඩිපුර ලෝඩ් වෙලා තියන dll ෆයිල්ස් තියනවානම් ඒවා අයින් කරන්න ඒ වගේම CPU Boost හරහා අවශ්‍ය නොවන වැඩසටහන් ක්‍රියා විරහිත කිරීම කරන්න පුලුවන් ඒත් මේ සදහා සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර යනවා මොකද සිස්ටම් එක හරහා මේ වැඩේ කරන්න ඕනි වෙන නිසා,මේකෙත් සයිස් එක වෙන්නේ 1MB විතරයි , ඒක නිසා සිස්ටම් ට්‍රේ එකේ රන් වුනා කියලා ලොකු බලපෑමක් ඇති වෙන්නෑ සිස්ටම් එකට.


මේ කරුනත් හොදට මතක තියාගන්න එක හොදයි, අපි මේ සදහන් කල වැඩසටහන් ටෙස්ට් කරලා බලලා තියෙන්නේ වින්ඩෝස් 7 වර්ශන් එක දක්වා , එක නිසා ඔයාලා ලග තියෙන්නේ පරණ පීසී එකක්නම් සහ ක්‍රියාත්මක වන Windows OS එක 7 නම් පමනක් මේවා භාවිතා කරන්න, ඉන් පසුව තියන වින්ඩෝස් වර්ශන් තියන පීසී එකක් නම් ඔයාලට තියෙන්නේ අනිවාර්යෙන්ම ඒවාවල ප්‍රමානවත් තරම් රැම් තියනවා සහ අවශ්‍ය පහසුකම් අනිවාර්යෙන්ම ඇති රැම් ප්‍රමානය වැඩි කරගන්න,තව දුරටත් ඔයාලට ඕනි නම් ඔයාලා ලග තියන වින්ඩෝස් 8 තියන සිස්ටම් වලට මේක ඇප්ලයි කරලා බලන්න ඒ සදහා Wise Memory Optimizer, Rizonesoft Memory Booster,CleanMem කියන වැඩසටහන් පමනක් භාවිතා කරන්න මොකද අනික් ඒවා ඒ වගේ වින්ඩෝස් 8 එකත් එක්ක ක්‍රියාතමක කරන එක එච්චර සුදුසු නැති නිසා. ඔයාලගේ පීසී එකේ 4GB වගේ රැම් ප්‍රමානයක් තියනවානම් මේ වැඩසටහන් ඒතරමත්ම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ මොකද ඒ රැම් ප්‍රමානවත් වෙනවා සාමාන්‍ය ආකාරයෙන් වැඩසටහන් රන් කරන්න.ගොඩක් වෙලාව ගියත් මේ පෝස්ට් එක ලියන්න හිතනවා කාටහරි මේ හරහා පොඩි හරි උදව්වක් වුනා කියලා.