A+ A-

The Flash Complete Collection

The Flash Complete Collection With Sinhala Subtitles

The Flash TV Series

තම මව අස්වාභාවික නැත්නම් අසාමාන්‍ය කෙනෙක් අතින් ඝාතනය වීම සහ ඒ වැරැද්දට තම පියා වරදකරු වීම නිසා මහත් මානසික වශයෙන් ආතතියකට ලක්වෙලා හිටපු Barry Allen ව පරීක්ෂක Joe West තම කන්ඩායමට ඇතුලත් කර ගන්නවා, සමාජයේ සිදුවූ අපරාධ පරීක්ෂකයකු ලෙස ඔහු මහත් කාර්ය භාරයක් ඒ ප්‍රදේශයේ පොලීසියට සිදු කරනවා, කෙසේ නමුත් ඔහුගේ දුක්කදායක අතීතය ගොඩක් වෙලාවට ඔහුට මතක්වෙන සහ දැනෙන නිසා ඔහු වැඩ කරන අය අතර ඔහු ඉන්නා ආකාරය වෙනස් ස්වරූපයක් ගන්නවා, ඔහු පරීක්ෂා කරන අපරාධ අතරට ප්‍රධාන තැනක් ගන්නේ cold cases, paranormal වගේ දේවල්, කියවන අයට පැහැදිලි වෙන්නත් එක්ක මේ මොනවද කියලා කියන එක හොදයි, මෙතනදී Paranormal කියලා කිව්වේ සාමාන්‍ය නොවන කියන එක නැත්නම් සාමාන්‍ය ආකාරයේ පරීක්ෂා කිරීම් හරහා නිගමන විද්‍යාත්මකව ලබාගත නොහැකි අන්දමේ අපරාධ තමයි මේ නමින් හදුන්වන්නේ, අනික් වචනය නැත්නම් Cold Cases කියන්නේ දැනට සිද්ධවෙන අපාරාධවලට සම්භන්ධයක් නැති කලින් සිදුවෙලා තියන ඒත් සම්පූර්නයෙන්ම 100% විසදලා ඉවර නැති වර්ගයේ ඒවා, මේ වගේ දේවල් සමූර්නයෙන්ම විසදලා ඉවර නැති නිසා අලුත් සාක්ෂි නැත්නම් ඒ හා සම්භන්ධ දෙයක් ලැබෙනකන් පෙන්ඩින් නැත්නම් තාවකාලිකව නවත්තලා තියනනවා ඒවා තමයි ඒ නමින් හදුන්වන්නේ, ඉතින් බැරීට පරීක්ෂා කිරීමට ලැබෙන්නේ ගොඩක් වෙලාවට මේ වර්ග දෙකට අයත්වන අපරාධ සහ සිද්ධීන්.

මේ අතරතුරේදීම ඔහු තනිවම හොයනවා කවුද තමන්ගේ මවව ඝාතනය කල පුද්ගලයා කියන එක, අනෙක් අතට එදා රාත්‍රියේ ඔහු සිදුවුනා කියන සිද්ධිය කවුරුත් පිලිගන්නෑ ඔහු කියන පිලිවෙලට, ඒවගේම ඔහු ගොඩක් වෙලාවට තමන්ටම බැනගන්නවා මේ සදහා මොකුත් කරගන්න බැරි එක ගැන වගේම තම පියාට ඝාතන චෝදනා එල්ලවී ඇති නිසාම ඒ චෝදනාවලින් ඉවත් කර ඔහුගේ නම අපකීර්තිමත් වෙන එක වැලැක්වීමටත් ඔහුට අවශ්‍ය වෙලා තියනවා, කතාවේ වැදගත්ම දේ වෙන්නේ මේ කාලයේදී, එනම් ඔහුගේ මවගේ වියෝවෙන් වසර 14ක කාලයකට පසුව පරමාණු අධික වේගයකින් ත්වරණය කිරීම නැත්නම් ප්‍රවේගයකින් ගමන් කරවීම සදහා නිර්මාණය කරන ලද දියුණු විද්‍යාතමක උපකරණයක් ප්‍රායෝගිකව අත්හදා බැලීමක් කිරීමට යාමේදී අක්‍රමවත් ආකාරයකට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා, මේකෙදී පරමාණු කියන්නේ කිසියම් දෙයක් සෑදී ඇති කුඩාම අංශු වලට, ඒ අතරම බෑරී නාන අතරතුර ඉහල විකිරණ ප්‍රතිශතයක් අඩංගු ගෙරවීමකට සහ විදුලි කෙටීමකට මුහුන පානවා, මේ නිසාම රෝහල් ගත කරන ඔහු එතැන් පටන් මාස 09 ක කාලයක් යනකම්ම ඉන්නේ කෝමා තත්වයේ, පසුව යථා තත්වයට පත්වීමේන් පසුව ඔහු දැනගන්නවා ඉහතදී තමන් මුහුණ දුන් තත්වය නිසාම තමන්ට අස්වාභාවික නැත්නම් සුපිරි ශක්තියක් ලැබිලා තියනවා කියලා, මේ ශක්තිය තමයි අධික වේගයකින් එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම, Dr. Harrison මේ අස්වාභාවික ශක්තිය නිසාම බෑරීව හදුවන්නේ Metahuman යන නමින්, මෙකේ තේරුම තමයි සුපිරි ශක්තියක් සහිත මිනිසා කියන එක.



කාලයත් සමග ඇලන් තේරුම් ගන්නවා අධික විකිරණශීලීතාවයට මුහුණ පෑම නිසා වෙනස් වූ එකම කෙනා එයා නෙමෙයි තවත් අය ඉන්නවා කියන එක ඒ වගේම ඔහුගේ අසාමාන්‍ය සුපිරි හැකියාව තම නගරයේ සහ එහි ජීවත්වන අයගේ යහපත සදහා පමන්ක් භාවිතා කරන්නත් ඔහු පොරොන්දු වෙනවා, මේ අපි කෙටියෙන් පැහදිලි කලේ අද  දෙන්න යන The Flash ටීවී සීරීස් එක කොහොමද පටන් ගන්නෙ කියන එක ගැන, මෙතන ඉදන් හැම එපිසෝඩ් එකකම තියෙන්නේ ඇලන් තමන් සතු සුපිරි ශක්තිය උපයෝගී කරගන නගරය සහ තම කන්ඩායම වෙනුවෙන් කරන මිෂන් නැත්නම් වික්‍රමාන්විතයන් ගැන.

මෙහෙම තම ශක්තිය සහ හැකියාව නගරයේ යහපත සදහා පාවිච්චි කරමින් ඉන්න අතරේම ඔහුට විරුද්ධව තවත් කන්ඩායමක් පෙල ගැසෙනවා මේ කන්ඩායම හදුන්වන්නේ The Rogues යන නමින්, මේ නිසාම තමන්ගේ මවගේ ඝාතකයා සොයා යාම ඔහුට ලේසි වෙනවා ඔහු සතු ශක්තිය නිසාම ඒ වගේම තමන්ට සහය දෙන්න ඉතා පක්ෂපාතී යහලුවන් සෙට් එකකුත් ඔහුට ලැබෙනවා.

මෙහම පටන් ගන්න මේ ටීවී සීරීස් එකේ එතන ඉදන් තියෙන්නේ මෙටා මිනිස්සු සහ මැර කන්ඩායම් වගේම නොයෙකුත් ආකාරයේ භයානක සහ නුසුදුසු ක්‍රියාකාරකම් කරන අයත් එක්ක යුක්තිය උදෙසා Flash සටන් කරන ආකාරය, අලුත් ටීවී සීරීස් එකක් වුනත් දැනටමත් ගොඩක් දෙනා මේ ටීවී සීරීස් එක බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා කිව්වොත් ඒක ගොඩක් දුරට හරි, කලින් වගේම මේ ටීවී සීරීස් එකටත් දැනටමත් සිංහල සබ් සෙට් එක දීලා තියන නිසාම අපි දෙන්නේ ඒ සදහා අදාල වන කොපිය, ඒ නිසා ලේසියෙන්ම මේ සීසන් ටික ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් හරහා.

මේ විදියට ගලාගන යන මේ කතා මාලාවේ අලුතින් එකතුවෙන හැම එපිසෝඩ් එකක්ම අපි මේ පෝස්ට් එකට අප්ඩේට් කරනවා, එතකොට එක පෝස්ට් එකක් හරහා ඔයාලට පුලුවන්කම ලැබෙනවා හැම සීසන් එකක්ම වගේම හැම එපිසෝඩ් එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න….

මේ හැම ටීවී සීරීස් එකක්ම ඩවුන්ලෝඩ් කරගනන් ලේසි වෙන්න අපි දීලා තියෙන්නේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඒක නිසා වැඩි කරදරේකින් තොරවම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වගේම Internet Download Manager භාවිතා කරලා වඩා වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් කිරීම කරගන්නත් පුලුවන්

ඩවුන්ලෝඩ් කරන්න අපහසු අය ඉන්නවානම් කිසි ප්‍රශනයක් නැහැ අපේ Home Delivery Service එක හරහා මේ ඕනිම ටීවී සීරීස් එකක් ගෙදරටම ගෙන්න ගන්න පුල්වන්කම තියනවා, මේ සර්විස් එකේදී 1GB ඩවුන්ලෝඩ් කරලා දෙන්න ඔයාලට වැයවන්නේ රු: 10.00ක් වගේ සුළු මුදලක් විතරයි, ඒ ගැන වැඩි විස්තර ඕනි අයට පුලුවන් අපේ හොට්ලයින් එකට කතා කරලා අවශ්‍ය විස්තර දැනගන්න.

The Flash Season 01 - 02 / Season 03 Ep 01-09
Total Size - 13.4GB

ෆයිල් ඩිලීට් වීම වැලැක්වීම සදහා අප විසින් කිසිදු ඩවුන්ලෝඩ් ලින්ක් එකක් සදහා අදාල ලින්ක්ස් ක්ලිකබල් ලින්ක්ස් ලෙස ලබා නොදේ., ඒ වෙනුවට පහත සදහන් ඩවුන්ලෝඩ් ලින්ක්ස් සහිත සයිට් එකට ගොස් අදාල ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව ඇති අතර ඒ සදහා පහත සදහන් කර ඇති වෙබ් ලිපිනය ටයිප් කල යුතු වේ, ඩවුන්ලෝඩ් කරගැනීමේ ප්‍රශ්න ඇත්නම් ඒවා අපට යොමු කරන්න.

http://safelinking.net/7NSBtsm

Password - www.ceelanka.org

Home Delivery Service