How To Fix "Windows Can't Connect To This Network" WiFi Issue

වයිෆයි නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්නේ නැතිද? මෙන්න විසදුම


වින්ඩෝස් සිස්ටම් එක භාවිතා කරනකොට සමහර වෙලාවට මේ වගේ අවුලක් එන්න පුලුවන්කම තියනවා, දැනටමත් මේක කියවන සමහර අයටනම් මේ වගේ අවුල් ඇවිල්ලත් ඇති , මේක විසදගන්න නියම ක්‍රමය මොකක්ද කියන එකත් නොදන්නවා වෙන්න පුලුවන්, ඒ කොහොම වුනත් මේක මොකක්ද සහ මේක විසදගන්න තියන නියම සහ නොවරදින ක්‍රමය මොකක්ද සහ ඒක කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ පෝස්ට් එක හරහා අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ.

පලවෙනි දේ තමයි ඇයි මෙහෙම වෙන්නේ කියන එක ගැන හොයා බලන එක, මේකට නිශ්චිතව එක හේතුවක් කියන්න අමාරුයි මොකද එකිනෙකට වෙනස් හේතු කිහිපයක් නිසා මේක වෙන්න පුලුවන්කම තියන නිසා, මෙතනින් ප්‍රධානතම හේතුවක් තමයි ගොඩක් වෙලාවට ඔයාලා එක දිගටම එක වයිෆයි නෙට්වර්ක් එකකට සම්භන්ධ වෙලා හිටියානම් උදාහරණයක් හැටියට කාර්යාලයකදී වගේ ඔබ ගොඩක් වෙලාවට ඔබගේ ලැප්ටොප් එක සම්භන්ධ කරලා තියෙන්නේ එහි තිබෙන නෙට්වර්ක් එකකට , ඒ වගේ කරලා වෙනත් ස්ථානයකට ගිහිල්ලා ඒ හරියේ තියන වයි ෆයි එකකට කනෙක්ට් කරන්න හදනකොට මේ වගේ වෙන්න පුලුවන්, මේකට ආසන්නතම හේතුව තමයි ඒ නෙට්වර්ක් එකේ තියන සිකියුරිටි සිස්ටම් එක නැත්නම් ෆ්‍රීක්වුන්සි එකට අනුරූපව ඔබගේ ලැප්ටොප් එකේ වෆි ෆයි ඇඩැප්ටර් එක සකස් නොවීම, ඒත් මෙහෙම වුනා කියලා අදාල වයි ෆයි රවුටර් එක රීසෙට් කරන එකවත් නැත්නම් වින්ඩෝස් නැවතත් රී ඉන්ස්ටෝල් කරන එකවත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ඒ වගේ ලොකු වැඩ නොකර පොඩි වැඩක් හරහා මේ දේ නියම තත්වයට එහෙමත් නැත්නම් මේ අවුල ගොඩ දාගන්න පුලුවන්කම තියන නිසා.

මෙතනදී විසදුම මොකක්ද කියන්න කලින් ඔයාලට අවශ්‍ය වෙනවා පොඩි පොඩි දේවල් ටිකක් චෙක් කරගන්න, ඒවා මොනවද කියලා පහලින් දාලා තියනවා.

  • ලැප්ටොප් එකේ ෆයි ෆයි ඕෆ් වෙලා තියනවද?
  • මේ වගේ වෙලාවකදී ලැප් එක රීස්ටාර්ට් කලත් ඒ වගේම අවුල එනවද?
  • IP ඇඩ්‍රස් මැනුවල් දීලා තියනවද?
  • ප්‍රොක්සි නෙට්වර්ක් එකකට කනෙක්ට් කරලා තියනවද?
මේ දෙක හරියටම දැන ගන්න එක අවශ්‍ය  වෙනවා මෙතනදී, මොකද පලවෙනි දේ තමයි සමහර වෙලාවට ලැප් එකක වයි ෆයි කනෙක්ෂන් එක ඕෆ් වෙලා තියෙන්න පුලුවන්, මේක දැනගන්න පුලුවන් ඔයාලට නෙට්වර්ක් පෙන්නන දකුණු අත පැත්තේ පහල ඔප්ෂන් එක ක්ලික් කලහම ෆයි ෆයි පෙන්නන්නේ නැත්නම් හෝ එහෙමත් නැත්නම් Control Panel - Network & Sharing Center - Change Adapter Setteings වලට ගිහින් බලන්න වයි ෆයි ඩිසේබල් වෙලා තියනවද කියන එක, එහෙම තියනවානම් අදාල කනෙක්ෂන් එක රයිට් ක්ලික් කරලා Enable කරගන්න පුලුවන්, නැත්නම් සමහර ලැප්වල නම් වයි ෆයි ඔන් ඕෆ් කරන්න වෙනම ස්විච් එකක් එනවා ඒක ඔන් තත්වයට දාලත් මේක ඔන් කරගන්න පුලුවන්, දෙවනි දේ තමයි මෙහෙම අවුලක් එන්නේ වින්ඩෝස් වල තියන කිසියම් ෆයිල්ස් නොගැලපීමක් නිසානම් හොදම දේ තමයි වින්ඩෝස් සිස්ටම් එක නැවත රීස්ටාර්ට් කරලා බලන එක.

ඒ වගේම බලන්න ඕනි අනිත් දේ තමයි ඔයාගේ ලැප් එකේ ෆයි ෆයි වලට අදාලව අයි පී ඇඩ්‍රස් මැනුවල් දීලා තියනවද කියන එක, ඒක බලන්න පුලුවන් Control Panel - Network and Sharing Center - Change Adapter Settings  වලට ගිහින් අදාල ෆයි ෆයි නෙට්වර්ක් එක රයිට් ක්ලික් කරලා Properties කියන එකට යන්න.



එතකොට මේ වගේ එකක් ඕපන් වෙනවා එතන තියන TCP/IPv4 කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න එතකොට පහල වගේ එකක් එනවා.



මේකේ ඔයාලට පෙනවා ඇති මැනුවල් දීලා තියනවා එක් එක් අගයන් සමූහයක්, ඒත් සම්හර රවුටර් වලට මේක හරියන්නේ නැති වෙන්න පුලුවන් ඒක නිසා මෙහෙම තියනවානම් මේ දෙකම එහෙමත් නැත්නම් IP / DNS කියන දෙකම මැනුවල් ඔප්ෂන් වලින් අයින් කරලා Automatic කියන එක දාලා ඕකේ කරන්න.

ඊලග එක තමයි කිසියම් ප්‍රොක්සි නෙට්වර්ක් එකකට කනෙක්ට් කරලා තියනවද කියන එක චෙක් කරගන්න එක, මේක කරන්න පුලුවන් , Control Panel - Internet Options - Connections - LAN Settings වලට ගිහින්, මෙතනට ගියහම පහල වගේ එකක් ඕපන් වෙනවා.



මේකෙදී මේ කොටු එකක්වත් ටික් වෙලා නැහැ කියලා ඔයාලට පෙනවා ඇති, එහෙම කිසියම් කොටුවක් ටික් වෙලා තියනවානම් ඒ හැම ටික් එකක්ම අයින් කරලා ඕකේ කරන්න.

කොහොම වුනත් ඉහත සදහන් කරපු දෙකම ඒ කියන්නේ වයි ෆයි ඔන් වෙලානම් සහ වින්ඩෝස් නැවත රීස්ටාර්ට් කලත් මේ අවුලම එහෙමත් නැත්නම් අයි පී ඇඩ්‍රස් මැනුවල් දීලත් නැත්නම් සහ ප්‍රොක්සි එකකට කනෙක්ට් වෙලත් නැත්නම් ඒත් මේ නෙට්වර්ක් එකට කනෙක්ට් කරන්න බැහැ කියලා එනවනම් මොකක්ද කරන්න ඕනි ? අන්න ඒක තමයි පහලින් අපි විස්තර කරන්න යන්නේ.

සරලව මෙතනදී අපි කරන්න යනදේ ගැන කියනවානම් අපි කරන්න යන්නේ දැනට ලැප් එකේ පවතින වයි ෆයි ඩ්‍රයිවර්ස් අයින් කරලා නැත්නම් Uninstall කරලා නැවත ස්ථාපනය නැත්නම් Install කරන එක, ඒත් මේ දේ කරන්න කලින් ඔයාලා ලග තියෙන්න අවශ්‍ය කරනවා අදාල වයි ෆයි ඩ්‍රයිවර්ස් සෙට් එක, ඒත් එහෙම නැත්නම් මොකක්ද කරන්න ඕනි? ඒකට සරල විසදුම තමයි ෆයි ෆයි ඩ්‍රයිවර්ස් සෙට් එක ඩවුන්ලෝඩ් කරගන ඉන්න එක, ඒත් මේ වගේ වෙලාවකදී අදාල නියම ඩ්‍රයිවර් එක හොයාගන්න ටිකක් වෙලා යන්න පුලුවන් , ඒක නිසා ඒවගේ වෙලාවකදී ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදියට මේ වගේ නෙට්වර්ක් ඩ්‍රයිවර්ස් එකතු කරලා පොඩි සොෆ්ට්වෙයාර් එකක් නිර්මානය කරලා තියනවා, මේකේ වයි ෆයි විතරක් නෙමෙයි , ඕනෑම වයි ෆයි වගේම නෙට්වර්ක් නැත්නම් LAN ඩ්‍රයිවර්ස් සෙට් එකක්ම තමයි මෙතන තියෙන්නේ , ඒ වගේම මේක නොමිලේ භාවිතා කරන්න පුලුවන් එකක්, ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක පහල දාලා තියනවා, මේ ලින්ක් එකට ගිහින් නොමිලේම මේ ඩ්‍රයිවර් සෙට් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්කම තියනවා.

Network Driver Collection Download Free


මේක වෙනත් පීසී එකකින් ගිහින් වුනත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලේසියෙන්ම, ඒ වගේම මේ ඩ්‍රයිවර් කලෙක්ෂන් එකේ සයිස් එක ගොඩක් පොඩියි, ඒක නිසා ඔයාලා නිතරම භාවිතා කරන පෙන් ඩ්‍රයිව් එකක් නැත්නම් එක්ස්ටර්නල් හාර්ඩ් එකක් වගේ තියනවානම් ඒකේ කොපියක් දාලා තියාගත්තත් පාඩුවක් වෙන්නේ නැහැ, කොයි වෙලාවක මොන පීසී එකක හරි නෙට්වර්ක් ඩ්‍රයිවර්ස් නැත්නම් මේක භාවිතා කරලා අදාල ඩ්‍රයිවර්ස් Install කරගන්න පුලුවන්කම තියනවා.

ඩවුන්ලෝඩ් කරගන ඉවරනම් පලවෙනි ස්ටෙප් එක හරි, දැන් කරන්න තියෙන්නේ අවුල තියන ලැප් එකේ නැත්නම් පීසී එකේ දැනට තියන ෆයි ෆයි ඩ්‍රයිවර්ස් අයින් කරන එක.

මෙකෙදී ඉස්සල්ලම කරන්න ඕනි My Computer - Right Click - Click Manage - Device Manager මෙහෙම ගිහයම පහල තියනවා වගේ බොක්ස් එකක් ඕපන් වෙනවා.



මේකේ බලන්න ඔප්ෂන් එකක් තියනවා Network Adapters කියලා, ඒක උඩ ඩබල් ක්ලික් කලහම පහල වගේ පෙන්නනවා.



මෙතන පෙන්නන ඒවාවලින් බලන්න Wifi  එහෙමත් නැත්නම් Wireless කියන වචනේ තියෙන්නේ මොකේද කියලා , ඒක උඩ රයිට් ක්ලික් කරලා Uninstall කියන එක දෙන්න දීලා එන මැසේජස් ඕකේ කරන්න, එතකොට ඔයාලගේ දැනට තියන වයි ෆයි ඩ්‍රයිවර්ස් අයින් වෙලා යනවා, ඊලගට පීසී එක හෝ ලැප් එක රීස්ටාර්ට් කරන්න, රීස්ටාර්ට් වුනාට පස්සේ මුලින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්තු ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එක රන් කරන්න නැත්නම් ඒක උඩ ඩබල් ක්ලික් කරන්න පොඩි වෙලාවකින් එක ප්‍රොසස් වෙලා ඔයාලට පෙන්නවා දැනට තියන නෙට්වර්ක් ඇඩැප්ටර්ස් මොනවද කියන එක.



බලන්න දකුණු අත පැත්තේ නෙට්වර්ක් ඇඩැප්ටර් දෙකක් පෙන්නනවා, එකක් තමයි කේබල් සවි කරන එක සහ අනික තමයි වයි ෆයි එක,ඒක තමයි වයර්ලස් කියලා වැටිලා තියෙන්නේ කලින් ඔයාලා Uninstall කලේ වයි ෆයි එක නිසා මෙතනදී Wifi / Wireless කියන එක උඩ ක්ලික් කරන්න, ඊට පස්සේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න පහල වගේ මැසේජ් එකක් එනවා.



මෙක කරන්න තියෙන්නේ Next කරලා පොඩි වෙලාවක් බලාගන ඉන්නකොට අදාල ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වුනා කියලා මැසේක් එකක් එයි, ඊට පස්සේ ලැප් එක නැත්නම් පීසී එක නැවත රීස්ටාර්ට් කරන්න, ඊලගට බලන්න කලින් අවුල් වුනු නෙට්වර්ක් එකට නැත්නම් වයි ෆයි එකට දැන් කනෙක්ට් වෙනවද කියලා, අනිවාර්යෙන්ම කිසිම අවුලක් නැතිව කනෙක්ට් වෙනවා කියලා ඔයාලා දකීවි, එහෙම තමයි මේ අවුල විසදගන්නේ, පෝස්ට් එක ටිකක් දිග වුනා මොකද මේ හැම පියවරක්ම වඩා විස්තර සහිතව වගේම අදාල ස්ක්‍රීන්ස් සහිතව පෙන්නලා තියන නිසා, ඒත් මේක මුලින්ම කරන්න ඉන්න කෙනෙකුට මේක ලොකු උදව්වක් වෙන්න පුලුවන් මේ වගේ අවුලක් ආවොත් කොහොමද විසදගන්නේ කියන එක ගැන දැනගන්න.

මේ වගේ අවුල් එදිනෙදා පරිගණකයත් සමග වැඩ කරද්දී එන එක සාමාන්‍ය දෙයක් , වඩා වැදගත් වෙන්නේ ඒවා කොහොමද සරලව විසදගන්නේ කියන එක ගැන හොදින් දැනුවත් වීම කියලා අපි විශ්වාස කරනවා, මේ හරහා ඔබගේ දැනුමට අලුතින් දෙයක් එකතු කරන්න අපිට පුලුවන් වුනානම් ඒක තමයි අපේ සතුට මේ පෝස්ට් එක ලියන්න ගිය කාලය අපතේ යාමක් නොවන නිසා, මේ වගේ පරිගණක භාවිතයේදී ඔබට විසදගන්න අමාරු ගැටළු එනවානම් පැය 24 ම ක්‍රියාත්මක අපේ හොට්ලයින් එකට (0770486205) කතා කරලා නොමිලේම අදාල උදව් අපෙන් ලබාගන්න පුලුවන්කම තියනවා, තවත් කෙනෙකුට මේක ප්‍රයෝජනවත් කියලා හිතනවානම් මේ පෝස්ට් එක FB හෝ වෙනත් මාධ්‍යක් ඔස්සේ ෂෙයා කරන එක එයාලගේ දැනුමට ඔබ අලුත් යමක් එකතු කලා හා සමාන වෙනවා.

MARI themes

Powered by Blogger.