how to be successful in career
,
how to be successful in studies
,
how to become successful and rich
,
how to success in life
,
Life
,
success in life essay
,
successful life quotes
,
ways to be successful in life
How To Be Successful In Life - Tips
How To Be Successful In Life - Tips
ජීවිතය තුල සාර්ථකත්වය සොයා යාමට වැදගත් වන අදහස් කිහිපයක්
මේ ලිපිය කියවන ඔබගේ වයස කුමක් වුවත්, කොහේ පදිංචි වී සිටියත්, රැකියාව විදියට මොන ආකාරයේ දෙයක් කලත්, අප සැමට පොදුවූ ලක්ෂනයක් තියනවා, ඒ තමයි සාර්ථක පුද්ගලයකු බවට පත්වීම නැත්නම් ජීවිතය තුල සාර්ථකත්වය ලගා කර ගැනීම, එක එක පුද්ගලයන්ගේ අර්ථකතනයන් අනුව නැත්නම් හැදින්වීම් අනුව සාර්ථකත්වය කියන එක නොයෙක් ආකාරයට නිර්වචනය කරන්න නැත්නම් පැහැදිලි කරන්න පුලුවන්, කෙසේ නමුත් මින් බොහෝ දෙනා කැමති ආකාරයට සරලව විස්තර කරනවානම් සාර්ථකත්වය කියන්නේ , ආදරණීය සහ විශ්වාසවන්ත බිරිදක් සිටීම, එසේත් නැත්නම් දෙමව්පියන් වගකීමකින් යුක්තව රැකබලා ගැනීම, වගේ දෙයක්, නමුත් තවත් සමහර අය සාර්ථකත්වය කියන දේ පැහැදිලි කරන්නේ ධනය, කීර්තිය සහ බලය කියන කරුණු තුනේ සංකලනයක් ලෙසයි.
ඇයි අපි හැමෝටම සාර්ථකත්වය කියන අරමුණ ජය ගැනීමට අවශ්‍ය වන්නේ? පිලිතුර සරලයි, සාර්ථක පුද්ගලයකු වූ විට ඔබට සැපවත් ජීවිතයක් ගත කරන්න, ආර්ථික අතින් පසුබෑම්වලට නැත්නම් මූල්‍ය ප්‍රශ්නවලට හසු නොවීම, අලුත් වාහනයක් පාවිච්චි කිරීම, ලස්සන සහ අලංකාර නිවසක් සාදාගන ජීව්ත්වීමට හැකිවීම, වගේ දේවල් ලගා කරගන්න පුලුවන් නිසා.කොහොම නමුත් සාර්ථකත්වය කියන එක ලගා කරගන්න පුලුවන් දෙයක් වුනත් ඒකට යන පාර නම් ලේසි නැහැ, එහෙමත් නැත්නම් , වෙන විදියකට කියනවානම් සාර්ථකත්වය කියන දේ ඒතරම් ලෙසියෙන් පහසුවෙන් ලගා කර ගන්න පුලුවන් දෙයක් නෙමෙයි.
ඔබ දැනටමත් සමහර විට කොහොමද සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කියන එක ගැන කරුණු හොයලා තියෙන්න ඇති , එහෙමත් නැත්නම් ඊට අදාල පොත් සහ ලිපි , පත්තර වගේ දේවල් කියවලා ඇති, එහෙමත් නැත්නම් ඊට අදාල සම්මන්ත්‍රන වලට හෝ වැඩමුලුවලට සහභාගී වෙලා ඇති, ඒත් ඔබ හොයන නැත්නම් ඔබ හොයාගන ගිය දේ හම්බවුනාද? සමහර කෙනෙක්ට ඔව් කියන්න පුලුවන් වුනත් ගොඩක් දෙනාට තියන උත්තරේ තමයි නැහැ කියන එක, ඒත් ඇයි නැහැ කියන්නේ, හේතුව තමයි ඒ හරහා මොනතරම් කරුණු ඉගන ගත්තත් ප්‍රායෝගික ජීවිතයේදී ඔබට ඒවා ක්‍රියාත්මක කරන්න බැරිනම් ඒ කරුණු ඒ තරම් වැදගත් වෙන්නේ නැති නිසා, මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට ප්‍රධානතම බාධකය හැටියට තියෙන්නේ, අපි ජීවත් වෙන්නේ කාර්මීකරණය සහ කාර්ය බහුලත්වය අතින් උපරිමයකට ගිය ජීවන රටාවක් එක්ක, ඒ නිසා පොත්වල තියන තියරි නැත්නම් සිද්ධාන්ත මේ ප්‍රායෝගික ජීවිතයේදී ගලපන එක හිතන තරම් සරල දෙයක් වෙන්නේ නැහැ.
ඒනිසා අපි මුල ඉදන්ම පටන් ගත්තොත් කොහොමද? අපි හිතනවා ඒක වඩා සාර්ථක දෙයක් වෙයි කියලා, මොකද එතකොට ඔබ යන්නේ අලුත් මාවතක, වෙනදා නොගිය වෙනදා නොබැලූ මානයකින් සාර්ථකත්වය දිහා බලන්න පුරුදු වුනොත් සමහරවිත ඔබට මගඇරුනු තැන් කිහිපයක් හෝ එකක් හරි නැවත ඔබට හම්බවෙන්න පුලුවන් වෙයි.
මේක පටන් ගන්න නම් හොදම ස්ථානය නැත්නම් තැන තමයි, පලමුව සාර්ථක්ත්වය කියන එක ලගා කරගත් පුද්ගලයන්ගේ අඩිපාරේ ගොස් ඔවුන් මොනවද කරලා තියෙන්නේ කියන එක ගැන හොයලා බලන එක, මොකද ඔවුන් ඒ දේවල් කරලා තියෙන්නේ ඔවුන්ගේ ප්‍රායෝගික ජීවිතය තුල නිසා මේ දේවල් පොත්වල තියන ඒවට වඩා ප්‍රායෝගික වෙන්න තියන හැකියාව වැඩියි. මෙතනදී අපි ආරම්භයක් විදියට පෝස්ට් කරන්නේ ඒවගේ සාර්ථක පුද්ගලයින් 13 දෙනෙක් තමන්ගේ සාර්ථකත්වය ලගා කරගත් ආකාරය නැත්නම් ඔවුන් සාර්ථකත්වය දෙස දකින් ආකාරය කොහොමද විස්තර කරලා තියෙන්නේ කියන එක.
1 - Think Big (පුළුල්ව සිතන්න පුරුදු වෙන්න)
"ගොඩක් දෙනා කරන ලොකුම වැරැද්දක් වන්නේ තමන්ගේ අරමුණු ගැන විශාලව නැත්නම් පුළුල්ව නොසිතීමයි,මේ හරහා ඔබට සම්පූර්න සාර්ථකතවයක් ලගා කරගත නොහැකිය, හැමවිටම වඩාත් පුළුල්ව සහ විස්තරාත්මකව තමන්ගේ අරමුණ ගැන සිතන තරමට ඔබට වඩා වැඩි සාර්ථකත්වයක් ලගා කර ගැනීම පහසු වේ."
2 - Find what you love to do and do it (ඔබ කරන්න කැමති දේ තෝරාගන ඒ දේ කරන්න)
"ලැබෙන පඩියේ ප්‍රමානය ගැන නොසලකා ඔබ කරන්න කැමති දේ රැකියාව විදියට කලහොත් ඔබ සාර්ථකත්වය කරා යන මගට අවතීර්ණ වී ඇති බව ඔබට දැනේවි"
3 - Learn how to balance life (ජීවිතය සංතුලනය කරන්නේ කෙසේදැයි ඉගන ගන්න)
"ජීවිතය තුලදී සහ ව්‍යාපාර වලදී මුහුන දීමට සිදුවන අනිවාර්ය තත්වයක් වන්නේ , සාමය සහ ව්‍යාකූලත්වය අතර යුද්ධයකට මුහුන දීමට සිදුවීමයි, මේ දෙකෙන් එකකටවත් දිනන්න ඉඩ නොදී දෙකම සමානව පාලනය කර ගැනීමට තරම් ඔබ දක්ෂනම් ඒක සාර්ථක්ත්වයේ යතුර වේවි"
"වැරදීම් යනු නැවත පටන් ගැනීමට මාවතකි, ඒ නිසා සිදුවූ වැරදිවලින් ඉගන ගන නැවත පටන් ගන්න"
"හැම දේකදිම මම ස්ථිර අරමුණක් තියා ගත්තා, ඒකෙදී ඒකට වැයවන පැය ගානවත්, මිනිස් ශ්‍රමයවත්, ඒ සදහා කොච්චර මුදලක් වියදම් වෙනවද කියන එක ගැනවත් හිතලා මම පසුබට වුනේ නැහැ, අන්තිමේදී මම ජයගත්තා"
4 - Do not be afraid of failure (ඔබ අතින් වන වැරදීම් වලට බය වෙන්න එපා)
5 - Have an unwavering resolution to succeed (සාර්ථක වීමට නොසැලෙන අධිෂ්ඨානයක් තබා ගැනීම අවශ්‍ය වේ)
6 - Be a man of action (වචනවලට සීමානොවී ක්‍රියාත්මක වන මිනුසකු වන්න)
7 - Avoid conflicts (ගැටුම්වලට මැදිවෙනවාට වඩා ඒවා මගහැර යාම වැදගත් වේ)
8 - Don’t be afraid of introducing new ideas (අලුත් අදහස් ප්‍රකාශ කිරීමට බිය නොවන්න)
9 - Believe in your capacity to succeed (සාර්ථකත්වයට පත්වීමට ඔබ තුල ඇති හැකියාව විශ්වාස කරන්න)
10 - Always maintain a positive mental attitude (සෑමවිටම ධනාත්මක අදහස් ඇත්තකු වන්න)
11 - Don’t let discouragement stop you from pressing on (පසුබට වීම යන දේට ඔබව නවත්වන්න දෙන්න එපා)
12 - Be willing to work hard (මහන්සි නොබලා වැඩ කිරීමට කැමැත්තක් ඇති කර ගන්න)
13 - Be brave enough to follow your intuition (ඔබගේ සහජ ඥානය පිලිබද විශ්වාස කරන්න)
"ඔබගේ හදවත සහ සහජ ඥානය ඔබට පවසන දේ ක්‍රියාත්මක කරන්න තරම් අවශ්‍ය වීර්යයක් ඔබට තිබිය යුතුය, මන්ද යත් ඔබට අවශ්‍ය දේ කුමක්ද යන්න හොදින්ම දැනෙන්නේ ඒ හරහා නිසාය, අන් සියලු දේ දැන් දෙවනුවට සලකා බලන්න, මුල් තැන ඔබගේ හදවත ඔබට පවසන දෙය සදහා වෙන් කරන්න"
පලමුව මේ වදන් සහ අදහස් ගැන කියවලා විතරක් නෙමෙයි ඒවා තුලින් ගම්‍ය වන අදහස් සහ අර්ථය වටහා ගන්න උත්සාහ කරන්න, ගොඩක් දෙනා කරන්නේ මේවා නිකන් පොර ටෝක් විතරයි , ඕවා කොහොමද අපි කරන්නේ කියලා මේවා අයින් කරලා දාන එකනේ, ඒත් කෙනෙක් මේවා තුලින් තමන්ටම විශේෂිත වූ ක්‍රමයක් හෝ ක්‍රම කිහිපයක් හෝ හදාගන්නවානම් හරි වැඩි දියුණු කරගන්නවානම් ඒක ඔහුගේ සාර්ථක්තවය සදහා තබන පලමු පියවර වේවි.